සිප් මංසල - ඉලක්කයේ ජයග්‍රාහි මාවත

ප්‍රත්‍යාර්ථ නාම
ප්‍රත්‍යාර්ථ නාමයක් යනු යම්කිසි නාම පදයක නාම මූලයට හෝ ක්‍රියා පදයක ක්‍රියා මූලයට විශේෂ අර්ථයක් ගෙන එන ප්‍රත්‍යන් ය.
මෙම ප්‍රත්‍යාර්ථ නාම ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
තත්ධිත
කෘදන්ත
තත්ධිත
යම් කිසි නාම පදයක නාම මූලයට විශේෂ අර්ථයක් ගෙන එන ප්‍රත්‍යන් තත්ධිත පද යනුවෙන් හඳුන්වනු ලැබේ.
සිංහල භාෂාවේ විවිධ අර්ථයෙන් යෙදෙන තත්ධිත පද කිහිපයකි..
තත්ධිතය | යෙදෙන අරුත | නාම පදය |
| බහුල අර්ථය | වකුටු - අටු කැසුටු - අටු අරටු - අටු බොකුටු - අටු |
| ප්‍රදේශත්වයෙන් | කරටි - අටි (කර + අටි) පහටි - අටි ඉගටි - අටි ඉහටි - අටි |
| 'ඇත්තේ' යන අර්ථයෙන් යෙදේ. | සිරිමත් (සිරි ඇත්තේ) ගුණමත් (ගුණ ඇත්තේ) ආදර්ශමත් |
| 'යුක්තේ' අර්ථයෙන් යෙදේ. | එඩිතර (එඩියෙන් යුක්ත) බහුතර මිහිරිතම ප්‍රියතම |
| 'ස්වල්පය' යන අර්ථයෙන් යෙදේ. | පැනිති (පැන් ස්වල්පයක්) සිඟිති
|
| 'එයට' අයත් යන අර්ථයෙන් යෙදේ. | නාගරික (නගරයට අයත්) දෛනික (දිනයට අයත්) පෞරාණික (පුරාණයට අයත්) වාර්ෂික |
| 'එයට අයත් යන අර්ථයෙන් යෙදේ' | සුත්‍රිකා (සුත්‍රයට අයත්) පත්‍රිකා බාලිකා |
| 'එයට' අයත් යන අර්ථයෙන් යෙදේ. | විද්‍යාලීය (විද්‍යාලයට අයත්) කාර්යාලීය ප්‍රාදේශීය |
| 'ඇත්තේ' යන අර්ථයෙන් යෙදේ. | දයාවන්ත කරුණාවන්ත ප්‍රේමවන්ත ආදරවන්ත ගුණවන්ත |
|
'දන්නේ' යන අර්ථයෙන් යෙදේ. | විද්‍යාඥ (විද්‍යාව දන්න) ශාස්තඥ්ඥ සර්වග්ඥ (සියල්ල දන්න) |
| 'දරන්නේ' යන අර්ථයෙන් යෙදේ. | නිලධාරී / නිලධර (නිලය දැරීම) බලධාරී / බලධර |
| 'යුක්ත' අර්ථයෙන් යෙදේ. | පැහැසර (පැහැයෙන් යුක්ත) හරසර නැණසර |
| 'යුක්ත' යන අර්ථයෙන් යෙදේ. | ප්‍රඥාසාර ස්තීරසාර (ස්තීරත්වයෙන් යුතු) සරුසාර |
| 'යුක්ත' යන අර්ථයෙන් යෙදේ. | ගුණාත්මක (ගුණයෙන් යුක්ත) කලාත්මක නිර්මාණාත්මක |
| 'ඇතිකරන්නේ' යන අර්ථයෙන් යෙදේ. | ප්‍රියජනක (ප්‍රිය ඇති කරන්නේ) හාස්‍යජනක තාස්‍යජනක තාසජනක |
| 'දන්නේ' යන්න යෙදේ.
'දන්න' යන අර්ථයෙන් යෙදේ. | ශාස්ත්‍රවේදී (ශාස්ත්‍රය දන්න) නීතිවේදී විද්‍යාවේදී වෛද්‍යවේදී සූපවේදී
ශාස්ත්‍රපති විද්‍යාපති |
| 'කරන ලද්දේ' යන අර්ථයෙන් යෙදේ. | සෙල්මුවා/ ශෛලමය (ගලින් කරන ලද) දැවමුවා / දැවමය (ලීයෙන් කරන ලද) රන්මුවා / රන්මය (රනින් කරන ලද) |
| ගෞරවාර්ථයේ යෙදේ. | පියාණ (පිය + ආණ) දියණියෝ මැණියෝ නැඟණී |
|
| මාමන්ඩි නෑනන්ඩි |
Comments
Post a Comment