ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

ඉලක්කයේ ජයග්‍රාහී මාවත - සිප් මංසල

ශ්‍රී ලංකාව ජනාවාස වීම



  • සාහිත්‍ය මුලාශ්‍රය මගින් විස්තර කෙරෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබු යුගය ප්‍රාග් ඓතිහාසික යුගය වේ.


  • මෙය අවධි දෙකකි..

           ප්‍රාග් ඓතිහාසික යුගය 

        ( ගල් යුගය)

සංචාරක දිවියක් ගෙවමින්, දඩයම් කරමින් ගත කළ යුගය

            පූර්ව ඓතිහාසික යුගය

ශාක ආහාර මත යැපීමට වැඩියෙන් නැඹුරු වූ,

ලෝහ භාවිතය සහා ස්ථිරවාසි ජනාවාස බිහිවූ යුගය




ප්‍රාග් ඓතිහාසික යුගය


ජනාවාස ව්‍යාප්තිය 

  • ශ්‍රී ලංකාව ජනාවාස කලේ ආදි කාලින හෝමෝසාපියන් මානවයා විසිනි.

  • දඩයම සහා තැන තැන ඇවිද යමින් අහාර එකතු කිරිම ඔවුන්ගේ යැපීම් ක්‍රමය විය.

  • ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථාන

1: රත්නපුර සහා ඒ අවට මැණික් පතල් ය.

  • (මෙය පොළව මට්ටමේ සිට අඩි 90ක් පමණ ගැඹුරින් හමුවූ ඉල්ලම් නැමැති බොරළු මිශ්‍ර පස් තට්ටුවකි. 

  • මිනිසුන් භාවිතා කරන ලද ගල් මෙවලම් හා වදවී ගිය සතුන්ගේ ඇට සැකිලි හමුවී ඇත.)


2: පතිරාජවෙළ ප්‍රදේශයේ අඩි 45ක් ගැඹුරින් හමුවූ ඉරණමඩු සැකැස්ම.



දේශගුණික කලාප


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 6 ක ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වී ඇත.


1: පහතරට වියළි කලාපය 

2: පහතරට අතරමැදි වියළි කලාපය

3: කදුරට වියළි අතරමැදි කලාපය

4: ශුෂ්ක කලාපය 

5: අර්ධ ශුෂ්ක කලාපය 

6: තෙත් කලාපය 

(පාඩම් කිරීමට පහසු ක්‍රම :

පවි, පඅ, කවි, ශුෂ්, අර්, තෙත්)


මෙහිදි ප්‍රධානව සැලකිල්ලට ගනු ලබන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්හි වෙනස් කමයි.


කාලවකවානු 

  • ලංකාවේ දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පතිරාජවෙල නම් ප්‍රදේශයේ අඩි 45ක් ගැඹුරින් පිහිටි ඉරණමඩු සැකැස්ම.

  • මෙය වසර 125 000 ක් පැරණි බව සදහන් වේ.


  • බුන්දල වැල්ලේගංගොඩ ප්‍රදේශයෙ පොළොව මතුපිට සිට අඩි 24ක් යටින් පිහිටි ගල්මෙවලම් සහිත බොරළු තට්ටුව

  • මෙය වසර 80 000ක් පැරණි බව සදහන් වේ.


පාහියන්ගල     - වසර 38 000

කුරුවිට බටදොඹලෙන - වසර 28 000

කිතුල්ගල බෙලිලෙන  -  වසර 15 000

බෙල්ලන්බැදිපැලැස්ස  -  වසර 12 000

අත්තනගොඩ අළුලෙන -  වසර 10 350

මානියම්ගම  -  වසර 7 900

ජනාවාසවල මූලික ලක්ෂණ 


  • ආහාර සදහා අවශ්‍ය ස්වාභාවික සම්පත් බහුලව පැවති ප්‍රදේශ වල වාසය කිරීම.

  • ජලය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රදේශ වල වාසය කිරීම.

  • ගල් මෙවලම් තැනීමට අවශ්‍ය පාෂාණ බහුලව පවතින ප්‍රදේශ වල වාසය කිරීම.

  • වියළි කාලවලදී එළිමහන් තැන්වලත් වර්ෂා කාලවලදී ස්වාභාවික ගල්ගුහා වලත් ජීවත් විය.


1: මිනිහාගල්කන්ද , බුන්දල , පතිරාජවෙළ 

     (වෙරළාශ්‍රිත එළිමහන් වාසස්ථාන )

2: පාහියන්ගල, බටදොඹලෙන , කිතුල්ගල බෙලිලෙන

    (පහතරට තෙත් කලාපීය ලෙන්)

3: සීගිරියේ පොතාන සහා අලිගල

    ( පහතරට වියළි කලාපීය ලෙන්)

4: බෙල්ලන්බැදිපැලැස්ස

    (තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන) 

5: බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න 

    ( කදුකර එළිමහන් දඩයම් වාසස්ථාන)


(පාඩම් කරන්න පහසු ක්‍රම)

මිනිහා බුන් පතුරු වෙරළේ එළියේ

පාහි බටේ කිතු බෙලි ලෙන පහත තෙතේ

පහත වියළි අලි පොතාන සීගිරියේ

බෙල්ලා තෙත්ලි බණ්ඩා හොට කදු එළියේ




ජීවන රටාව


  • දඩයම් කරමින් සහා තැන් තැන් වල ඇවිද යමින් ගත කිරීම.

( සංචාරක ජිවීතයක් ගත කිරීම)

  • වර්ෂාව වැඩි කාලයේදි ගල් ගුහා වල ජීවත් වීම.

  • ජනගහනය කුඩා කන්ඩායම් ලෙස සංවිධානය වීම.

  • එක් කන්ඩායමක සාමාජිකයෝ 15-25 ත් අතර ප්‍රමාණයක් ජීවත් වීම

  • උපරිමය 50ක් විය.

  • සාමාජිකයන් 5 දෙනකුට ජීවත් වීමට වර්ග මීටර 50ක ප්‍රදේශයක් ප්‍රමාණවත් විය.

උදාහරණ

  •  බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයාගත් ගල් යුගයට අයත් ස්ථානයේ වපසරිය වර්ග මීටර් 150 කි.

  • එහි පුද්ගලයන් 25ක් පමණ ජීවත් වෙන්න ඇතැයි අනුමාන කෙරේ.

  • බෙල්ලන්බැදිපැලැස්සේ ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ තැන වපසරිය වර්ග මීටර් 120කි.

එතැනින් මිනිස් ඇට සැකිලි 30ක් සොයා ගෙන ඇත .

  • ආහාර සෙවීම සදහා දිනකට කිලෝමීටර 7ක පමණ දුරක් ඇවිද ගියේය.

  • ගල්ගුහාවල ජිවීතය තාවකාලික නිසා කෙනෙක් මිය ගිය විට ඒ තුළම වල දැමූහ.

උදාහරණ

කිතුල්ගල බෙලි ලෙනෙන් එලෙස මිහිදන් කළ පුද්ගලයන් 12 දෙනෙකුගේ ඇට සැකිලි සොයා ගැනූනී.

පාහියන්ගල ගල්ගුහාවෙන් අවධි කිහිපයකට අයත් පුද්ගලයන් 9 දෙනෙකුගේ ඇට සැකිලි සොයා ගැනුනී.



ආහාර රටාව


  • ආහාර රටාව පිළිබද සාක්ෂි හමුවන්නේ පහතරට වියළි කලාපයේ සහා තෙත් කලාපයේ ගල්ගුහා වලිනි.

  • දඩයම් කළ සතුන් අතර ගවයා, කුළු මී හරකා, කළු වලහා,වල් ඌරා, ගෝනා, තිත්මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඩුලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වදුරා, වලිකුකුළා, හබන්කුකුළා සහ තලගොයා වේ.

  • මාංසජනක ධාතූ බහුල මිරිදිය මාළු ආහාරයට ගෙන ඇත.

පහතරට තෙත් කලාපයේ ස්වාභාවික දියකඩිතිවල සිටි තිත්තයින් ආදී මසුන් ආහාරයට ගෙන ඇත.

  • පිෂ්ටය ලබා දෙන ආහාර වන වල් දෙල් සහා කැලෑ කෙසෙල් වැනි ශාක ආහාර ආහාරයට ගැනීම.

උදාහරණ :

කිතුල්ගල බෙලිලෙනෙන් වසර 12 500 කට ඉහත කාලයේ පුළුස්සා ආහාරයට ගත් කැලෑ දෙල් ඇට පිළිබද සාක්ෂි හමුව ඇත.

  • පිෂ්ටය බහුල ආහාර වන ගෝනල, කටු අල, කිතුල් ඇට සහා දෝතලු ඇටවල මද අනුභව කර ඇත.

  • ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට මේ යුගයේ ජනයා කැමැත්තක් දක්වා ඇත.

  • ආහාර සදහා අවශ්‍ය කරන ලුණු ලබා ගැනීමට කැමැත්තක් දැක්විය.

උදාහරණ ; 

කිතුල්ගල බෙලි ලෙනෙන් සොයාගත් කලපු බෙල්ලන්ගේ ලුණු මිශ්‍රව තිබීම මීට උදාහරණ වේ.




තාක්ෂණය 


  • මේ පිළිබදව පැහැදිලිවන සාධකය වන්නේ ගල් මෙවලම් ය.

• රත්නපුර මැණික් පතල්වලින් සහා ඉරණමඩු සැකැස්මෙන් සොයාගත් ගල් මෙවලම් තුළින් තාක්ෂණය පිළිබද සාක්ෂියක් ගොඩ නැගීම අපහසුය

• ඊට හේතුව ප්‍රමාණවත් සාක්ෂි නොලැබීමයි

  • මේ කුඩා ගල් මෙවලම් ක්ෂුද්‍ර ශිලා මෙවලම් නමින් හැදින්වේ.

ඒවා නිර්මාණය කිරීමේදී ජ්‍යාමිතික හැඩයක් ලබා දීම ඊට හේතුවයි.

  • මේ ගල් මෙවලම් දිගින් සෙන්ටිමිටර 4.5කට වඩා විශාල නොවේ.

  • වැඩි වශයෙන් තිරුවානා ගල් සහා සුළු වශයෙන් කහද ගල් භාවිතා කොට නිර්මාණය කර ඇත.

  • සතුන් දඩයම් කිරීමට සහා කැපීම්, සීරීම්,තැලීම් සදහා භාවිතා කර ඇත.

  • කලුගල් භාවිතාකොට නිපදවන ලද මිටි, ඇඹරුම් ගල් මේ යුගයේ නිපදවිය.




මිනිසුන්ගේ ශරීරයේ ස්වාභාවය 

  • මෙතෙක් හමුවී ඇති මිනිස් ඇට සැකිලි වලින් මේ පිළිබදව අදහසක් ඉදිරිපත් කළ හැක..

  • සාමාන්‍ය වැඩුනු පිරිමියකුගේ උස සෙන්ටිමිටර 174කි.

  • වැඩුනු කාන්තාවකගේ උස සෙන්ටිමිටර 166කි.

  • ඔවුන් සියලු දෙනාගේ දත් විශාලය.

  • පළල් නාසයක් හා නිකටක් තිබීම

  • වැඩුනු පිරිමියකුගේ මොළයේ විශාලත්වය ඝන සෙන්ටිමිටර 1600කි.

  • වැඩුණු ගැහැනු අයකුගේ ඝන සෙන්ටිමිටර 920කි.

  • මානව විද්‍යාඥයන්ට අනුව ප්‍රාග් ඓතිහාසික ජනයාගේ ආයු කාළය වසර 35-40 පමණ වන්නට ඇතැයි සැලකේ.




අභිචාර විධි 


  • අභිචාර විධි පිළිබදව තොරතුරු ලැබෙන්නේ ඒ කාලයට අයත් මිනී වැළලීම් සම්බන්දයෙනි.

  • මේ පිළිබද සාක්ෂි බදුල්ලට නුදුරු රාවණා ඇල්ල ගල්ගුහාවෙන් හමුවී ඇත.

  • දෙකට බෙදන සේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් කැනිම් වලදී හමුවිය.

  • එහි එක් කොටසක් ගලක උලා මට්ටම් කර ඇති අතර එක් පැත්තක රතු පැහැති ගුරුගල් ආලේප කර ඇත.

උදාහරණ : මෙවනි රතු පැහැති ගුරු ගල් ආලේප කරන ලද මිනිස් ඇට සැකිල්ලක කොටස් පාහියන්ගල ලෙනෙන් ද හමුවී ඇට.

 කුරුවිට බටදොඹලෙනෙන් නමා වකුටු කර වළලා තිබු ඇට සැකිල්ලක් සොයා ගැනුනී.

  • මේ යුගයේ ජනයාත් වර්තමාන වැදි ජනයාත් අතර සමානතා පැවති බව පර්‍යේෂයකෝ පෙන්වා දෙයි.






පූර්ව ඓතිහාසික යුගය


ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලපරිච්ඡේදය මෙසේ හදුන්වයි.


පුර්ව ඓතිහාසික යුගය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වීමට හේතූ


  • පිළිස්සූ මැටි වළං භාවිතය ආරම්භ වීම.

  • ක්‍රමවත් සුසාන චාරිත්‍ර ක්‍රමයක් අනුගමනය කිරීම.

  • ගල් මෙවලම් වෙනුවට යකඩ මෙවලම් භාවිතයට හුරු වීම.

( යකඩ භාවිතයට හුරු වීම නිසා යකඩ යුගය ලෙසද හදුන්වයි)

  • ස්ථිර ජනාවාස ඉදි කිරීම.

  • කෘෂි කරමාන්තය ඇරඹීම.


  • පූර්ව ඓතිහාසික යුගයට අයත් සාක්ෂි හමුවන්නේ සබරගමු පළාතේ ඊසාන දිග කොටසින් සහා ඌව පළාතේ නිරිතදිග කොටසින් ය.

  • පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට යොදා ගත හැකි ප්‍රධාන අංගයක් වනුයේ මහාශිලා සුසාන වේ.

  • විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සාදා ගල් පුවරුවකින් ආවරණය කර පසුව ඒ තුළ මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බදුන් තැම්පත් කරයි.

  • එවනි සොහොන් ශිලා මංජුසා සොහොන් ලෙස හදුන්වයි.

  • උදාහරණ :

දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව මහාශිලා සුසානය

යාපහුවේ පිහිටි ගල්සොහොන් කනත්ත

ගලේවෙලෙට නුදුරු යටිගල්පොත්තේ සුසාන භූමිය

(පාඩම් කරන්න පහසු ක්‍රම :  ඉබ්බා ගල යට)

  • තවත් සුසාන ක්‍රමයක් වන්නේ භෂ්මාවශේෂ සහිත කුඩා මැටි බදුන් විශාල මැටි බදුනක් තුළ බහා තැම්පත් කිරීමයි. 

එවනි සොහොන් භරණි සුසාන යනුවෙන් හදුන්වයි.

  • එසේම මේ යුගයේ මැටි ඔරු භාවිතය ද සිදු විය.



ජනාවාසවල ස්වාභාවය 

  • වැදගත්ම සාධකය ස්ථීරවාසීතාවයයි. 

එනම් වාසස්ථාන ගොඩ නගා ගැනීමයි.

  • මේ යුගයට අයත් නිවසක් පිළිබද සාක්ෂි 2009 දී සොයාගත් රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම ගම්මානයෙන් හමුවෙයි.

  • මේ නිවස මීටර් 10.20×6.80 ප්‍රමාණයෙන් යුක්ත වේ.

  • එහි ඉදිරිපස සහා පිටුපස කොටස බිත්තියකින් වෙන්වේ.

  • නිවසේ බිත්ති වරිච්ච මැටියෙන් ඉදිකොට ඇත.

  • වහල ඉලුක් හෝ එවැනි දෙයකින් සවිකර ඇත.


ජීවන රටාව

  • ජීවන රටාව පිළිබද සම්පූර්ණයෙන් වටහා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි හමුවී නැත.

  • මේ පිළිබද යම් අදහසක් උඩරංචාමඩම නේවාසික ස්ථානයේ කළ කැණිම් වලින් ගොඩනගා ගත හැක.

  • උඩරංචාමඩම නිවස මීට වසර 3000ට වඩා පැරණි වේ..

  • නිවස තුළ තිබී වළං කටු රාශියක් හමුවී ඇත. ඒ අතර පින්තාරු කළ වළදක කැබලිද වේ..

  • වළද සකපෝරුව භාවිතයෙන් නිර්මාණය කර ඇත.

මෙවනි තවත් වළදක කොටසක් හල්දුම්මුල්ලේ ජනාවසයකදී කළ කැනීමකදී සොයාගෙන ඇත.

  • මුළුතැන් ගෙයි මෙවලම් කිහිපයක් පැවති අතර ගල් මෙවලම් හා යකඩ මෙවලම් ඒ අතර විය.ඒ අනුව වැඩි ප්‍රමාණයක් ගල්මෙවලම් තිබිමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට යකඩ භාවිතය නව අත්දැකීමක් වූ බවයි.

  • එම නිවාසයේ වාසය කළ පුද්ගලයන් දඩයම් කර සතුන් ආහාරයට ගත් බව එහි තිබී හමුවු සත්ව ඇටකටු වලින් පැහැදිලි වේ.

මේ ඇටකටු මුවා, ගවයා, වල් ඌරා සහා දඩුලේනා යන සතුන්ට අයිති වේ.ඒ අනුව කෘෂි දිවියකට පෙළඹුුනද දඩයම සම්පූර්ණයෙන්ම අතහැර නැති බව පැහැදිලිය.

  • මෙකල විසූ කාන්තාවන් රූ සපුව අලංකාර කර ගැනීමට මහත් උනන්දුවක් දක්වා ඇත.

මේ නිවස තුළ තිබී මැටි පබළු කිහිපයක්, කාන්තාවන් ඇස් අදුන් තැබීමට භාවිතා කරන ලෝහ කූරක් සහා සිරුර වර්ණ ගැන්වීමට භාවිතා කරන කහා සහා රතු පැහැති ගුරුගල් දෙකක් ද ඒවා උරච්චි කිරීමට භාවිතා කළ ඇඹරුම් ගල් දෙකක් ද ඇතුළත් වේ.




තාක්ෂණය 

  • ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබු ගල් ආයුධ තාක්ෂණයෙන් මිදී ලෝහ තාක්ෂණය සහා මැටි බදුන් නිපදවීමේ තාක්ෂණයට මේ යුගයේ යොමු විය.

  • ලෝහයක් ලෙස යකඩ භාවිතා කිරීම නිසා මේ යුගයේ පහසුවෙන් වැඩ කටයුතු කර ගත හැකි විය.

යකඩ ශක්තිමත් නිසා කැලෑ එළිපෙහෙලි කිරීමට, පොළොව් කෙටීමට සහා සී සෑම ආදි කටයුතු පහසු විය.

  • උඩරංචාමඩම නිවසෙන් සොයාගත් පිංතාරු කරන ලද මැටි බදුන එකළ තාක්ශණය පෙන්වන තවත් සාධකය කි.

  • නිවාස ඉදිකිරීම නිසා තාක්ෂණය තවදුරටත් දියුණු විය.

ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කිරීම, පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉදි කිරීම ආදිය මෙයට අයත්‍ වේ.

  • උඩරංචාමඩම නිවාසයෙන් මැටි පබළුවක් හමුවී ඇත . පබලු නිපදවීමේ තාක්ෂණය ඒ යුගයේ පැවති බව.



මුල් ඓතිහාසික යුගයේ ජනාවාස 


මුල් ඓතිහාසික යුගය වශයෙන් ක්‍රිස්තු පූර්ව 450 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 300 වනතුරු කාළයයි.


  • මේ පිළිබද තොරතුරු හමුවන සාක්ෂිය වන්නේ කුඩා ගම් වැව් ව්‍යාප්තිය යි.


ජනාවාස ව්‍යාප්තියට බල පෑ ප්‍රධාන සාධක 

  • ප්‍රධාන හේතුව නම් භූ භෞතික පසුබිමයි .

  • වාර්ෂික වර්ෂාපතන අගය, පසේ ස්වාභාවය, භූ විෂමතාව, ස්වාභාවික සම්පත්වල ව්‍යාප්තිය, ජලවහනය ආදිය මේ අතර ප්‍රධාන වේ..




තාක්ෂණය 

  • කෘෂිකර්මය සදහා අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත්ව නොලැබුනද මූලික ජනාවාස වියළි කලාපයේ ව්‍යාප්ත වූයේ එහි පසේ සාරවත් බව නිසාය.

  • රතු- දුඹුරු පස කෘෂිකර්මාන්තයට වඩාත් සුදුසු විය.

  • මේ ප්‍රදේශ වලට ජලය ලැබෙන මාර්ග දෙකකි.

මෝසම් වර්ෂාව මගින්

ස්වාභාවික වර්ෂාව මගින්

🌸ප්‍රධාන මාර්ගය වූයේ මෝසම් වර්ෂාවයි.

ස්වභාවික ගංගා මගින් ලැබෙන ජලය කෘෂි කටයුතු සදහා යම් තරමක් ප්‍රයෝජනවත් විය.

🌸එසේම ගංගා හරහා අමුණු බැද රැස් කරගත් ජලය අවශ්‍ය තැන්වලට ගෙන යාම සදහා ඇළ මාර්ග තැනීම සිදු විය.

නමුත් ඒ සදහා වැඩි මහන්සියක් දැරිය යුතු වීම නිසා වැව් තැනීමෙන් ජලය රැස් කරගැනීමට යොමු විය.


  • එසේම ඓතිහාසික යුගයේ මුලීක ජනාවාස ගංගා නිම්න වල නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශ වල පැතිර ගිය බව පෙනේ..

  • ඊට හේතුව ගංගා මගින් ගෙන එන වාර්ෂික විනාශකාරි ගංවතුරයි.

  • ගංගා හරස් කොට බැද ජලය වැව් කරා ගෙන යාමේන් ගංවතුර පාලනය කළේය.

  • තිස්සමහාරාම වැව ඉදිකළ ඉළනාග රජු සමයේ කිරිදිඔය හරස් කොට අමුණක් බැද තිබේ.

  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේකන්ද විහාරයේ සහා ගල්ලෙන විහාරයේ තිබෙන ගල්ගුහා දෙකක කොටා ඇති බ්‍රාහ්මීය සෙල්ලිපි වල ‘අවරණ’ ලෙස දැක්වෙන්නේ “අමුණ” යන්න යි.


ජනාවාස ව්‍යුහය හා ස්වාරූපය 


  • කුඩා වැව් කේන්ද්‍ර කරගනිමින් ගංගාවල පිටාර නිම්නයට පිටතින් වූ ප්‍රදේශ වල ව්‍යාප්ත වූ ජනාවාස එකිනෙකින් ස්වාධීන එවා විය.

  • වැව් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වූ නිසා වාපිගාම නමින් හැදින් වේ.

උදාහරණ : මහාවංසයේ දැක්වෙන සුමනවාපිගාම, විහාරවාපිගාම, හුන්දරීවාපිගාම, කඩහාවාපිගාම.

  • එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ කැළෑ තීරයකි.

  • නොයෙක් වෘතිකයන් විසූ ඇතැම් ජනාවාස වංසකථාවල සහා සෙල්ලිපිවල සදහන් වේ.


කසීකාරගාම - ගොවියන් විසු ගම්

මණිකාරගාම - මැණික් ගැරූ හෝ මැණික් කැපූ අය ජිවත් වූ ගම්

ගෝපාලගාම - ගොපල්ලන් විසු ගම්

කේවට්ටගාම - ධීවරයන් විසූ ගම්

කුම්භකාරගාම -වළං සාදන්නම් විසූ ගම්

වඩ්ඪකීගාම - වඩුවන් විසූ ගම්



මේ හැරුණු විට කාර්‍ය පදනම් කොටගෙනද ගම් වර්ග පැවතුනි.

  • පට්ටනගාම - වරාය ආශ්‍රිත ව තිබු ගම්

  • නියම්ගම් - වෙළද ගම්

  • ඔළගම් - ජනතාව විසින් අතහැර දැමු වැව් ගම්

  • සාමාන්‍ය ගමක පවුල් 5-6 ත් අතර ප්‍රමාණයක් වාසය කළහ.

  • ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර තිබු ගම් ‘පරික්ඛිත ගම්’ ලෙස සලකයි. එවනි ආරක්ෂාවක් නොමැති ගම් ‘අපරික්ඛිත ගම්’ යනුවෙන් සැළකේ.


මුල් ඓතිහාසික යුගයේ සමාජ සංවිධානය 

  • ගමක්‍ යනු පවුල් කිහිපයකින් සැදුම්ලත් එකකි.

  • පවුල යනු වැදගත්ම සාධකය කි.

  • පවුලක් නියෝජනය කරනුයේ ගෘහපති විසිනි. බ්‍රාහ්මීය සෙල්ලිපි වල ‘ගහපති’ ලෙසද සළකයි.

  • ගමක් ගෘහපතියන් කිහිපදෙනෙක් වෙනුවෙන් සැදුම්ලත් කන්ඩායම වෙනුවෙන් කටයුතු කළේ ‘ගමික’ විසිනි.

එහි තේරුම ‘ප්‍රධානීයා’ යන්නයි.

  • මෙකී ගම් ප්‍රධානීන් දසදෙනෙකුගෙන් සමන්විත වූ මණ්ඩලයක් මගින් ගම් කිහිපයකින් සැදුම්ලත් ප්‍රදේශයක පරිපාලනය සම්බන්ධ ගැටලු විසදිය.

  • සෙල්ලිපිවල මොවුන් “ දසගම් ඇත්තන්” ලෙස සලකයි.

  • උදාහරණ : මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශයට අයත් කළුදියපොකුණ නමින් හැදින්වෙන විහාරයක තිබී හමුවූ සෙල්ලිපියක විහාරයේ දානය සැපයීමේදී ගැටලුවක් ඇති වුවහොත් දසගම් ඇත්තන් රැස්වී එම ගැටළුව විසදූ බව සදහන් වේ.

  • අනුරාධපුරයේ කරන ලද කැනීම් වලින් පැරණි ග්‍රාමිය නිවාස කිහිපයකට අයත් අත්තිවාරම් හමුවී ඇත.


යැපීම් ක්‍රමය

ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන 

  • ගංගාවල පිටාර නිම්නවල පිටත ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්ත වීම නිසා යැපීම් ක්‍රමය වූයේ හේන් ගොවිතැනයි.

  • කුරක්කන්,තණහාල්,මෙනේරි,තල වැනි කටුසර බෝග ඒවායේ වගා කෙරුණි.

නියගයට ඔරොත්තු දෙන එම බෝග ජලය හිග පිටාර නිම්නයෙන් බැහැර ප්‍රදේශ වල වගා කිරීම යෝග්‍ය ය.


මුල් ඓතිහාසික ජනයා මුහුණ දුන් අභියෝග 


  • වැඩිවන ජනගහනයට ආහාර නිෂ්පාදනය කිරීම.

  • ජලය රැස් කිරීම හා බෙදා හැරීම.

  • ජනගහනය වැඩි වීම.

  • ජල කළමනාකරණය 


ප්‍රාග් ඓතිහාසික යුගයට අදාල විඩියෝව

https://youtu.be/yiGCfok3k1s


සැකසුම : ප්‍රමුදි තිලකරත්න 





Comments

  1. Thank you very much. It was very hhelpful for me

    ReplyDelete
  2. මේ කෙටි සටහන් ටික මට ගොඩක් වැදගත් වුනා බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. ඉතාමත් සතුටු වෙන්න පුළුවන් 😍😍

    ReplyDelete
  4. ගොඩක් වටිනව....බොහොම ස්තූතීයි.

    ReplyDelete
  5. Ptta...hugak wdagth pdm krnna ...anith pdm wlta th mehema hdnna❤️👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය