ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය 10 ඉතිහාසය

 ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල


ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය 


විද්‍යාත්මක අදහස්වල මුල් අවස්ථාව

  • පැරණි සමාජයේ පුද්ගලයන් විද්‍යාව හා තාක්ෂණය භාවිතා කළ ආකාරය මෙහිදි අධ්‍යනය කෙරේ.


  • ස්වාභාවධර්මයේ පවතින මුලධර්ම තේරුම් ගෙන ඒවා ආදේශ කිරීමට පැරණි ලාංකිකයෝ කටයුතු කර ඇත.

  • ප්‍රාග් යුගයේ දී ගල් මෙවලම් භාවිතය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ  දී බිම් වීදුරු නමින් හැදින්වෙන විනිවිද පෙනෙන තිරුවානා ගල්වලින් නිම කළ සමමිතික ගල් මෙවලම් තනා ඇත.

මෙසේ වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවා ගෙන මෙවලම් තැනීමේ මෙම තාක්ෂණය පීඩන ශල්කනය ලෙස සැලකේ.


  • දහනයට O වායුව අවශ්‍ය බව විද්‍යාත්මක සාධක භාවිතා කරමින් සිදු කිරීම.            

(මැටි ඔරුවක් භාවිත කිරිමේ දී ඇතුලට ඔක්සිජන් වායුව ලබා ගැනීම සදහා මැටි නලයක් ආධාරයෙන් හා සිදුරු ජල මැටි ඔරු සැකසිමෙන් පැහැදිලි ය.  


  • බිත්තිවල සමබරතාව රැක ගැනීමට ලම්බාකාරව බිත්ති සකස් කිරීම.

(උඩරංචාමඩම නිවස)


  • විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කළ ආකාර ක්ෂේත්‍ර  තුනක් යටතේ  පැහැදිලි කර හැක.

මැටි ඔරු ආකාරයේ පැරණි සුසාන

නිවාස ඉදි කිරිමේ තාක්ෂණය 

මැටි බදුන් තැනීම

මැටි ඔරු ආකාරයේ පැරණි සුසාන


මේ සුසාන වල හදුනා ගත හැකි විශේෂතා කිහිපයක් පහත දැක්වේ.

  • වඩාත් උචිත මැටි සොයා ගැනීම.

  • ගර්භ බිත්තියේ අවම උස.

  • එයට සරිරන ඝනකම.

  • බිත්ති පොළොවට ලම්භාකාරව බැඳීම.

(උඩරංචාමඩමෙන් හමුවූ නිවසේ බිත්ති ලම්බාකාරව බැඳ ඇත. යම් කිසි වස්තුවක් පොළොවට ලම්බාකාර වීමෙන් එම වස්තු මඟින් ඇති කරන පීඩනට නිෂ්ක්‍රීය වේ' යන මූලධර්මය භාවිතා කර ඇත.)

  • සුසාන ගර්භ පුළුස්සා වියළා නොගත්ත ද ඇටසැකිල්ල ආදාහනය කිරීමේ දී ගින්නට හසුවීමෙන් මැනවින් පිලිස්සී ඇත.

  • ඇට සැකිල්ල පිලිස්සීමට මැටිනළ භාවිතා කර ඇති බව හඳුනා ගත හැක.

( දහයනය අවශ්‍ය ඔක්සිජන් වායුව මැටිනළය මඟින් සැපයීම එහි අරමුණයි.)






නිවාස ඉදි කිරීමේ තාක්ෂණය 


  • බෙල්ලන්බැඳිපැලැස්සේ මිනිසුන් පැල්පත් ඉදිකර ජීවත් විය.

  • කිතුල්ගලබෙලිලෙනේ කැනීමෙන් ගල් බැම්මකට අයත් කොටසක් හමු වී ඇත.

  • එසේම පුර්ව ඓතිහාසික යුගයේ ඉදි කළ නිවසක් රත්නපුර උඩරංචාමඩම භූමියෙන් හඳුනා ගත හැක.


මේ නිවසේ විශේෂතා

  1. පොළොව මත ගල් කැබලි අතුරා ඒ මත මැටි අතුරා ගෙබිම සකස් කර ඇත.

  2. වරිච්චි මැටියෙන් නිවස ගොඩ නැඟීම.

  3. දොර උළුවහු සවිකර තිබූ වලවල් හමුවී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බිත්ති බැඳ, බිත්ති මත වහලයක් ගසා නිවාස ඉදි කිරීමේ තාක්ෂණය දැන සිටි බවයි.






මැටි බඳුන් තැනීමේ තාක්ෂණය 


  • මැටි බඳුන් තැනීම සදහා වර්තමානයේ පවා භාවිතා කරන සකපෝරුව නම් යන්ත්‍රය භාවිතා කර ඇත.

  • මැටි බඳුන් තැනිමේ දී පහත කරුණු පිළිබඳ සැළකිලිමත් විය.


  1. මැටි පදනම් කර ගැනීම.

  2. සුදුසු මැටි වර්ගයක් තෝරා ගැනීම.

  3. පිළිස්සීමට උඳුනක් තනා ගැනීම.

  4. නියමිත උෂ්ණත්වයෙන් පුළුස්සා ගැනීම.

  5. කාලරක්තවර්ණ මැටි බඳුන් නිපදවා ඇත.

(එනම් පිටත රතු පැහැයෙන් හා ඇතුළත කළු පැහැයෙන් යුක්ත වීමයි.)

  1. ඉතා පිරිසිදු රොන් මඩ වැනි මැටි අංශු භාවිතයෙන් බඳුන් සාදා ඇත.

  2. වර්තමානයේ උසස් පිඟන් භාජන සාදන්නේ ද මේ ආකාරයටම ය.







ජල කළමනාකරණයේදී විද්‍යාව හා තාක්ෂණය භාවිතා කළ ආකාරය


මේ යටතේ,

  • වැවක ප්‍රධාන අංඟ

  • ඇළ මාර්ග

  • පොකුණු හා විල් ආඳිය පිළිබඳ ව සාකච්ඡා කෙරේ.


වැවක ප්‍රධාන අංඟ


වැව් බැම්ම

  • වැවේ ජලය පිටතට යාමට නොදී රඳවා තබා ගන්නේ වැව් බැම්ම මඟිනි.

  • අතීතයේ වැව් බැම්ම නිර්මාණයේ දී පහත සඳහන් දෑ එක්කර ඇත.

මැටි තට්ටුවක්

පස් තට්ටුවක්

බොරලු තට්ටුවක්

කිරිමැටි තට්ටුවක් 

එකිනෙක අතුරා හම් සපත්තු පැළදූ ඇතුන් ලවා පාගා තඳ කොට ඒ මත වැව් බැම්ම නිමවා ඇත.


රළපනාව

  • වැව් බැම්ම ආරක්ෂා කරයි. වැව් බැම්මට පහළින් ගල් තට්ටු අතුරා මෙය සාදා ඇත.

  • වැවෙහි ජල තරංග වලින් වැව් බැම්මට වන හානිය වැළක්වීමට , වැව් බැම්ම ඛාදනය වීමේ අනතුරින් වැලැක්විමට කටයුතු කරනුයේ රළපනාවයි.









සොරොව්ව 

  • වැවේ ජලය මුදා හරින්නේ සොරොව්ව මඟිනි.

  • ගොඩ සොරොව්ව : වැවේ ජලය පිරී පවතින කාළයේ ක්‍රියාත්මක වන්නේ ගොඩ සොරොව්වයි.

  • මඩ සොරොව්ව : මෙය ක්‍රියාත්මක වන්නේ ජලය අඩු කාළයේ ය. වර්ෂා කාළයෙන් පසු වැවේ එක්‍ රැස්වන රොන් මඩ ඉවත් කිරීමට මෙය යොදා ගනී.


ඇතුළුවාන

  • ගඟකින් හෝ ඔයකින් වැවට ජලය ඇතුළු කරන ස්ථානය යි.


පිටවාන

  • වැවේ අතිරික්ත ජලය පිට කරන ස්ථානය යි.


බිසෝකොටුව

  • බිසෝකොටුව සොරොව්වේම අංගයක් වන අතර වැවේ ජල පීඩනය පාලනය කරයි.














ඇළ මාර්ග


  • වැව් සඳහා ජලය රැගෙන ඒම හෝ වැවේ සිට තෙත් බිම් කරා ජලය රැගෙන යාම ඇළ මාර්ග ඔස්සේ සිදු විය.

  • උදාහරණ : දැවැන්ත ඇළ මාර්ගයක් වන ඇළහැර ඇළ ඉදි කර ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වූ අඹන්ගඟ හරස් කිරිමෙනි .

මේ තුළින් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා කන්තලේ යන වැව් වලට ජලය ගෙන ගියේ ය.

  • උදාහරණ : මහවැලි ගඟ හරස් කර මිනිපේ අමුණ ඉඳි කර පොළොන්නරුව තෙක් ජලය ගෙන ගියේ ය.


පොකුණු


  • ජල කළමනාකරණයේ දී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදි කළ පොකුණු වැදගත් ය.

උදාහරණ : 

  • කුමාර පොකුණ

  • නෙළුම් පොකුණ

  • ඇත් පොකුණ 

  • කුට්ටම් පොකුණ











ළිං


  • රජරට ප්‍රදේශයේ ස්වභාවයෙන් ම ජලය කිවුල් සහගතය.

  • ඒනිසා පානිය ජලයේ නියමිත ප්‍රමිතිය රැක ගැනීමට තාක්ෂණය නිපදවා ගැනීමට කටයුතු කළේ ය.

  • එහිදි විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කර තිබේ.

මේ ළිං ඌරාකැට ළිං ලෙස හදුන්වයි.




සීගිරියේ ජල මල්


  • ජල මල් ගණන හතරකි.

  • මෙය නිර්මාණය කිරීමේ අරමුණ වූයේ ඉහළට නඟින ජල කදේ යම් වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයි.

  • අඩි 600 කට ආසන්න උසක සිට කාණු පද්ධතියක් හරහා තැනිතලාවට ගලා යන ජලය ජලමල් සහිත ස්ථානයේ සිදුවන යම් හරස් කිරීමක් නිසා යම් පීඩනයක් ඇති කොට එමඟින් ජලය ඉහළට එසවීම මඟින් ජලමල් ක්‍රියාත්මක වේ.

  • ජලය ගලා යාමේදි එකතුවන රොන් මඩ ස්වාභාවික ගුරුත්ව බලයෙන් පහලට ගිලා බැසීම සඳහා දඟර අකාරයට කාණු පද්ධතිය  සකස් කර ඇත.








වාස්තු විද්‍යාව 


  • මේ පිළිබඳ සාක්ෂි අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල නටබුන් තුළින් පැහැදිලි ය.


හමුවූ ගෘහ නිර්මාණ 

  • බෞද්ධ ගොඩනැගිලි

  • දාගැබ්

  • බෝධිඝර

  • පිළිම ගෙවල්

  • විහාර ගෙවල්

  • ආරාම

  • දාන ශාලා

  • භාවනා කුටි

  • රාජ මාලිගා

  • බලකොටු

  • බෙහෙත් ශාලා


  • අනුරාධපුර යුගයේ ඉදි කර තිබෙන ජේතවනාරාමය, අභයගිරිය හා රුවන්වැලි සෑය ආදී ස්තූප හා ලෝවාමහාපාය වැනි මහල් කිහිපයකින් යුත් ගොඩනැගිලි ඉදි කිරීමට ඉතා දියුණු විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය භාවිතා විය.

  • උදාහරණ : රුවන්වැලි සෑයට ඕනෑම් අවස්ථාවකදි අකුණු සැර වැදිය හැක.  නමුත් එකල සෑය ඉදි කළ ඉංජිනේරුවරු රුවන්වැලි සෑයට අකුණු සන්නායකයක් යොදවා ඇත.

ඒවා 'වජ්‍ර චුම්බට' යනුවෙන් සැළකේ.






රුවන්වැලි සෑයේ අත්තිවාරම 


  • රුවන්වැලි සෑය ඉදි කළේ දුටුගැමුණු රජු විසිනි.

  • එය එකළ ලංකාවේ පැවති විශාලතම ස්තූපය යි.


  • මෙහි අත්තිවාරම සකස් කළ ආකාරය පිළිබදව විවිධ අයුරින් ඉතිහාසයේ දක්වා ඇත.


  • පළමුව  එම ස්තූපය ඉදි කිරීමට නියමිත ස්ථානයේ රියන් හතක් ගැඹුරට  පොළොව හාරා තිබේ.

  • සවිමත් මිනිසුන් ලවා හුණුගල් ගෙන්වා එම වළට දමා ඒවා කැබලි කොට ජලය වත් කොට හම් සපත්තු පැළඳු ඇතුන් යොදා පාගා මට්ටම් කර ඇත.

  • පසුව ඒ ගල් අතරට වෙඬරු මැටි නමින් හැඳින් වූ මැටි යොදා ඇත.

  • පසුව එම ගල් තට්ටුව මත තව ගල් තට්ටුවක් ද, ඒ මත බොරලු තට්ටුවක් ද, බොරලු තට්ටුව මත පිළිඟු ගල් තට්ටුවක් ද ඇතිරීම.

  • පසුව ඒ මත නවනීත නම් මැටි ආලේප කිරීම.

  • පසුව රසායන දියරයකින් දිය කරගන්නා ලද දිවුල් මැලියම් තවරන ලඳ  ලෝහ දැළක් ඒ මත අතුරනු ලැබීම.

  • ඒ මත තල තෙල්වලින් තෙමන ලඳ රත්සිරියල් ගල් අතුරනු ලැබිය.


  • රුවන්වැලි සෑයේ අත්තිවාරම නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේදයකට සකස් වී ඇත.











නගර හා උද්‍යාන නිර්මාණය 


  • නගර නිර්මාණයේ දී හා උද්‍යාන නිර්මාණයේ දී අමතක කළ නොහැකි ස්ථානයක් ලෙස කාශ්‍යප රජු විසින් නිර්මාණය කළ සීගිරිය දැක්විය හැක.

  • මීටර් 200 ක් උසකින් යුතු මෙහි වපසරිය හෙක්ටයාර් 03 කි.

  • 10 km දිග ගඬොල් බැම්මකින් හා 08 km ක් පමණ දිග දිය අඟලකින් මෙය සමන්විත ය.

  • මේ සියලු නිර්මාණ  ගණිතානූකූල ආකෘතියකට අනුව නිමවා ඇත.


සනීපාරක්ෂාව, ස්වස්ථතාව හා වෛද්‍ය ක්‍රමය


  • පණ්ඩුකාභය රජු දවස මාතෘ නිවාස (සිවිකාශාලා) ඉදිකර ඇත.

  • දුටුගැමුණු රජු රෝහල් 18ක් ඉදි කළ බව මහාවංසයේ දැක්වේ.

  • පොළොන්නරුවේ 'අලාහන' පිරිවෙනින් රෝහලක නටබුන් හමුවී ඇති අතර ශල්‍ය උපකරණ ද හමු වි ඇත.














පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය 


  • ඌව පළාතේ බෙරගලින් මේ පිළිබඳ සාක්ෂි හමු වී ඇත.

  • එහි සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයාගෙන ඇත.

  • අතීතයේ යකඩ නිස්සාරණය කළ ස්ථාන දෙකක් දැක්විය හැක.


  • සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගත් යකඩ උදුන.


  • යකඩ උණු කිරීම සිදු කළේ සෙල්සියස් අංශක 1538 උෂ්ණත්වයේ ය.

  • සමනළ වැව ප්‍රදේශයෙන් සොයාගත් යකඩ උඳුන දැල්වීමට යොදාගෙන ඇත්තේ ස්වාභාවික සුළං බලයයි.

  • සුළං පැත්තට මුහුණලා ඉදිකර තිබෙන මෙම උඳුන කඳු අතරින් ගළා එන සුළං මඟින් පැය 12 කට අධික කාලයක් නොනිවී දැල්වේ.

  • යකඩ සහිත ස්වාභාවික ගල් කැබලි මැටියෙන් සකක් කළ උඳුන්වලට දමා  සවස් කාලයේ ගිනි දැල්වීමෙන්  පසු දා පහන්වනතුරු ඒවා දැල්වී යකඩ වෙන් කර ගනු ලබයි.

  • යකඩ නිස්සාරණයට ලිමොනයිට් හා හෙමටයිට් යන පාෂාණ යොදා ගෙන ඇත.


  • සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයාගත් යකඩ උඳුන


  • දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් සොයා ගත් උඳුන් දැල්විමට භාවිතා කර ඇත්තේ මයිනහම ආධාරයෙන් ලබා ගත් සුළං බලයයි.




සුළු කර්මාන්ත

මේ යටතේ කර්මාන්ත කිහිපයක් හඳුනා ගත හැක.

  • රන් ආභරණ සැකසීම.

උදාහරණ : ජේතවන කැණීම් වලින් සොයා ගත් මල් කැටයම් 21 සහිත රන් ආභරණ 

  • මැටි කර්මාන්තය

උදාහරණ : අභයගිරි විහාරයේ කැණිම්වලින් සොයාගත් වර්ණාලේපිත උළු

  • මැණික් කර්මාන්තය 

උදාහරණ : සීගිරියේ කුණ්ඩලාභරණ

  • කම්මල් කාර්මාන්තය

ලංකාවේ බොහෝ තැන්වලින් හමු වී ඇත.


දේශිය වත්සිරිත්


  • බුදි දහම දැන සිටිය ද කෘෂිකර්මාන්තයේදී විවිධ යාතු කර්ම වෙත නැඹුරු වීම.

උදාහරණ :

මී තෙල් හා තල තෙල් හා ආදී තෙල් වර්ගයකින් පහනක් දල්වා පූජා පැවැත්වීම. එමඟින් කෘෂි උවදුරු හා හරක් රෝග වළක්වා ගත හැක.


  • දෙවියන් සඳහා පැවැත්වූ ශාන්ති කර්ම (කිරිමඩු යාගය)

උදාහරණ :

රත්නපුර ගල්පාය නම් ප්‍රදේශයෙන් සොයාගෙන ඇති දේවාලය…

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් වන එහි ගවයින්ගේ ආරක්ෂාව සදහා කිරිමඩුයාගය පවත්වා ඇත.




දේශිය දැනුම


මෙය ආකාර හතරකින් දැක්විය හැක.

  1. අවකාශය මැනීම

  2. දිග මැනීම

  3. බර මැනීම

  4. කාලය මැනීම.


අවකාශය මැනීම

  • මෙය භාවිතා වුයේ ගොවිතැනට අවශ්‍ය ඉඩම් භාවිතයේ දී ය.

  • ඒකක -

පෑල

ලාහ

කුරුණි

අමුණු

  • කරිසයක කුඹුරක් යනු අමුණු හතරකි.

  •  අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් දුනුමඩලා කන්ද නම් ස්ථානයන් සොයාගෙන ඇති භාතිකාභය රජුගේ ලිපියකට අනුව එම ප්‍රදේශයේ දාගැබකට කරීසයක් බැඟින් පූජා කළ බව දැක්වේ.

  • අනුරාධපුර හොරිවිල ප්‍රදේශයේ හමුවූ සෙල්ලිපියක කූටකණ්ණාභය රජු කාලයේ තිස්ස නම් විහාරයට කරිස  8ක ඉඩමක් පුජා කර ඇත.


දිග මැනීම

  • කුඩාම ඒකකය පරමානුවයි.

  • කෙටි දුර මැනීම සඳහා ආංගුලය හා වියත භාවිතා විය. 

  • කුඩා මිමි අවශ්‍ය වීමට හේතූ:

/ පිළිම නෙළීමේදී අවශ්‍ය වීම.

/ ගොඩනැගිලි ඉදි කිරීමේ දී

/ සියුම් ද්‍රව්‍ය නිපදවීමට



දිග දුර මැනීම

  • දිග දුර මැනීමට ගව්ව, යොදුන හා උසබ යන මිනුම් ද භාවිතා විය.

උදාහරණ :

නිශ්ශංකමල්ල රජු ප්‍රධාන මාවත්වල ගව්වෙන් ගව්වට ගල් කණු ඉදි කිරීමට නියෝග කිරීම. එය වර්තමාන කිලෝමීටර් කණු වලට සමාන වීම.


බර මැනීම

  • අවශ්‍ය වූ හේතු,

/ වෙළද භාණ්ඩ මැනීමේ දී නිවරදිව මැන ගැනීමට.

උදාහරණ 

සොරබොර වැව ටැම් ලිපියේ අනුමත නොකළ තරාදිවලින් බර මැනීම නොකළ යුතු බව දක්වා ඇත.


කාළය මැනීම

  • අවශ්‍ය වීමට හේතූ,

/ වැපිරීමට

/ අස්වැන්න නෙළීමට

  • චන්ද්‍රයාගේ ගමන අනුව කාලය මනිනු ලැබිය.


  1. පසළොස්වක පොහොයට පෙර දින 15 : පුර පස

  2. පසළොස්වක පොහොයට පසු දින 15 : අව පෑල/ අව පස










දැදිගම ඇත් පහන

  • පැරණි ලාංකීය ඉංජිනේරුවන් සතුව පැවති භෞතික විද්‍යාත්මක මූල ධර්ම දැදිගම සූතිඝර චෛත්‍ය ලෝකඩ ඇත් පහනෙන් පෙනේ.

  • පළවන පරාක්‍රමබාහු රජු ඉපදුන  'පුංඛගාම' නම් ස්ථානය වර්ථමානයේ දැදිගම ලෙස හදුන්වයි .

  • 1951 දී මෙම ස්තූපයේ කැණිම් කර ඇති අතර එහි තිබී මෙම පහන සොයා ගෙන ඇත.

  • මෙහි විශේෂත්වය යනු තෙල් ඇතාගේ උදරයේ ගබඩා කර ඇති ලිංගය දිගේ පහනට තෙල් වෑස්සීමට සලස්වා තිබීමයි.

  • මෙහිදි අනුගමනය කළ මූලධර්මය 'අචල ජල විද්‍යාත්මක'  ක්‍රමය ලෙස සැළකේ.



Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය