දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note

ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල


දෙවන ලෝක මහා සංග්‍රාමය


1939 සැප්තැම්බර් මස සිට 1945 දක්වා ( වසර හයක්) යුරෝපයේ පැවති මහා සංග්‍රාමය දෙවන ලෝක යුද්ධය යි.

දෙවන ලෝක යුද්ධයේ පාර්ශවකරුවන්


මිත්‍ර බලවතුන්

අක්ෂ බලවතුන්

ඇමරිකා එක්සත් ජනපදය

ජර්මනිය 

ප්‍රංශය

ඉතාලිය

බ්‍රිතාන්‍ය 

ජපානය

රුසියාව






දෙවන ලෝක යුද්ධයට හේතු


  • ජර්මනියේ හිට්ලර් බලවත් වීම හා ඔහුගේ ක්‍රියා කලාපය

  • ඉතාලියේ මුසෝලිනිගේ ක්‍රියා කලාපය

  • ජපානයේ ක්‍රියාකලාපය 

  • ජාතින්ගේ සංගමයේ දුර්වලතා


ජර්මනියේ හිට්ලර් බලවත් වීම හා ඔහුගේ ක්‍රියාකලාපය 


  • පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ වෛමාර් සමූහාණ්ඩුව පිහිටු විය. ජර්මනිය මුහුණ දුන් ප්‍රශ්න නිසා හිට්ලර් වැන්නන්ගේ බලය වර්ධනය විය.

  • වර්සෙල්ස් ගිවිසුම නිසා ජර්මනියට විශාලව දඩුවම් හිමිවිමෙන් ප්‍රශ්න රැසකට මුහුණ දුන්නේ ය. 

භාණ්ඩ වල මිළ ඉහල යාම.

රැකියා නැති වීම.

කාර්මික වැඩවර්ජන ඇති වීම.

  • හිට්ලර් ඇතුළු අනුගාමිකයෝ  වෛමාර් සමූහාණ්ඩුවට මේ ප්‍රශ්න විසදිය නොහැකි බව පෙන්වා දුන්නේ ය.


ඇඩොල්ෆ් හිට්ලර් යනු




  • ඔස්ට්‍රියන් ජාතිකයෙකි.

  • පළවන ලෝක යුද්ධයේදි ජර්මනිය වෙනුවෙන් සටන් කළේ ය.

  • වෛමාර් සමුහාණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම නිසා සිරගත විය.

  • සිර ජිවිතයේදී මගේ සටන (මයින් කාම්ෆ්) කෘතිය රචනා කළේය.

  • ජර්මනිය තුළ උමතු ජාතිවාදය පැතිරවිය.

  • ජර්මන් පාර්ලිමේන්තුවේ චාන්සලර්වරයා බවට 1933 දි පත් වූ අතර ජාතික සමාජවාදි පක්ෂය නියෝජනය කළේ ය.

  • එවක ජනපති වූ වොන් හින්ඩෙන්බර්ග් මරණයට පත් වූ අතර සියළු බලතල තමා යටතට ගත්තේය.

  • ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තබා වරද කමියුනිස්ට්වාදින්ට පැටවිය.

  • සියළු දේශපාලන පක්ෂ රට තුළ තහනම් කළ අතර ජනතාවගේ සිත් ඇද ගන්නා අයුරින් හඩ නැගුවේය.

  • හිට්ලර්ගේ හමුදාව එස්.එස්. හමුදාව වූ අතර ගෙස්ටාපෝ නම් රහස් පොලිසියක් ද විය.

  • 1934 ජාතින්ගේ සංගමයෙන් ඉවත් වී ජර්මනිය යුද්ධයක් කරා මෙහෙයවිය.

  • 1938 දි ඔස්ට්‍රියාව ආක්‍රමණය කර එහි නට්සිවාදය ආරම්භ කළේ ය.

  • හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කරන තෙක් බටහිර රටවල් ඔහුට විරෝධතා නොදැක්වූ අතර පෝලන්තය ආක්‍රමනයෙන් පසු බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සටනට ආවේ ය.

  • හිට්ලර් වධ කදවුරු පිහිටුවා අහිංසක යුදෙව්වන්, රුසියානුවන් මරා දැම්මේ ය.


ඉතාලියේ මුසෝලිනිගේ ක්‍රියා කලාපය


  • පළවන ලෝක යුද්ධයේ දී ඉතාලිය ජයග්‍රාහි පිළේ වුව ද එරටට එතරම් වාසි හිමි වූයේ නැත.

  • ඉතාලිය ආහාර හිඟය, විරැකියාව වැනි ප්‍රශ්න වලට මුහුණ දුන්නේ ය.

  • මේ අවස්ථාවේ බෙනිටෝ මුසෝලිනි පැසිස්ට්වාදි දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය.

  • පැසිස්ට්වාදයට විරුද්ධ පිරිස් විනාශ කිරීමට කළු කමිස හමුදාව යොදා ගත් හ.

  • මුසෝලිනි අප්‍රිකාවේ ඇබීසිනියාව (වර්ථමාන ඉතියෝපියාව) ආක්‍රමණය කළේය.

  • හිට්ලර් සමඟ එකතු වි තම බලය වැඩි කර ගැනිමට ලෝක සංග්‍රාමයට එක් විය.


ජපානයේ ක්‍රියාකලාපය 


  • 19 වන සියවස වන විට ජපානයේ  වේගයෙන් දියුණු වීම ආරම්භ වූ අතර තම නිෂ්පාදන අලෙවි කිරිමට වෙළදපොළවල් සොයා ගැනීමට කටයුතු කළේ ය.

  • යටත් විජිත අල්ලා ගැනීම සදහා යුරෝපීය රටවල් සමග තරග කරන්නට විය.

  • ජපානය මැංචුරියාව ආක්‍රමණය කිරීම . එසේම ජාතින්ගේ සංගමයෙන් ඉවත් වී චීනයේ වැදගත් වරායන් අල්ලා ගැනීම.

  • ජපානය ආසියානු රටවල ආක්‍රමණිකයා බවට පත් විය.


ජාතින්ගේ සංගමයේ දුර්වලතා

  • නැවත ලෝක යුද්ධයක් ඇති වීම වැලැක්වීමට කටයුතු කළද එය අසාර්ථක වීම..











ලෝක යුද්ධයේ ව්‍යාප්තිය 


  • හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ දෙවන සංග්‍රාමය ආරම්භ විය.

  • සති හතරක් ඇතුළත පෝලන්තය පරාජය කෙරු අතර නෝර්වේ, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියම වැනි රටවල් අල්ලා ගන්නා ලදි.

  • 1940 දි ප්‍රංශයේ පැරිස් නුවර අල්ලා ගත්තේය .

  • ඉතාලිය හා එක්වී ප්‍රංශයට විරුද්ධව ආක්‍රමණ මෙහෙය වූ අතර ප්‍රංශය ජර්මනිය යටතය පත් වූ වේය.

  • ප්‍රංශයට එල්ල වූ පරාජය බ්‍රිතාන්‍යන්ට බලවත් පහරක් වු අතර බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ජනතාව නට්සි විරෝධි සටනකට පෙළබී ය.

  • ජපානය යටත් විජිත තිබුනු ප්‍රංශය , ඇමරිකාව, බ්‍රිතාන්‍ය ආදි රටවල් සමග ගැටෙන්නට විය.

  • මේ සටන් වලදි පර්ල් වරායේ හමුදා කඳවුර ජපානයට බාධකයක් විය.

  • ඒ නිසා එය 1941 නොවැම්බර් 07 දින පර්ල් වරායේ ඇමරිකනු කදවුරට බොම්බ හෙලා විනාශ කළේ ය.

  • මේනිසා ඇමරිකා ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කළේ ය.

  • ජර්මනියේ මීළග ඉලක්කය බ්‍රිතානය වූ අතට නමුත් දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් වලදි බ්‍රිතාන්‍ය විසින් ජර්මන් ගුවන් යානා 56ක් පමණ බිම හෙළීම නිසා බ්‍රිතානයේ බලය පිළිබද අවබෝධ කරගෙන බ්‍රිතන්‍යට පහර දීම නවතා දැමුහ.

  • එසේම ජර්මනිය රුසියාව ද ආක්‍රමණය කළේ ය. නමුත් ජර්මන් හමුදා අන්ත පරාජයට පත් විය.

  • 1945 වන විට මිත්‍ර සේනා ජර්මනියට ආසන්න විය. පරාජය අත ලඟ නිසා හිට්ලර් ඇතුළු අණ දෙන නිලධාරින් දිවිනසාගත් අතර ජර්මනිය යටත් විය.

  • ජපානය ද යුධ ශක්තිය මෙහෙයවමින් කටයුතු කළ අතර 1942 අප්‍රේල් 5 කොළඹට ද , අප්‍රේල් 7 ත්‍රිකුණාමලයට ද බෝම්බ හෙළිය.

  • ජපානය හා මිත්‍ර පාර්ෂවය අතර සටන් වලදී ජපානය මිත්‍ර පාර්ෂවය කළ අවසන් නිවේදනය පිළි නොගෙනීම නිසා 1945 අගෝස්තු 06 හිරෝෂිමාවට ද , අගෝස්තු 9 නාගසාකි නගරයට ද ඇ.එ.ජ. පරමාණු බෝම්බ හෙළිය.

  • විශාල ප්‍රමාණයක් මියගිය අතර, විකිරණ බලපෑම නිසා බොහෝ පිරිසක් පරම්පරාගත රෝගින් බවට පත් විය.

  • දරුණු විනාශය දුටු ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා 1945 අගෝස්තු 14 කොන්දේසි විරහිතව යටත් වීමෙන් යුද්ධය අවසන්විය.




දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල


  • මිත්‍ර පිළ ජයග්‍රහණය කළ අතර අක්ෂ පිළ පරාජයට පත් වීම.

  • මිනිස් ජීවිත මිළියන 50කට වඩා විනාශ වීම.

  • යුදෙව්වන් මිළියන ගණනින් වද කදවුරුවලට ගාල් කර මරා දැමීම.

  • පරමානු බෝම්බ හෙළීම නිසා ජයග්‍රාහි රටවල වුව ද කම්පනයට පත් වීම. භයානක ප්‍රතිඵල අනාගත පරම්පරා කෙරෙහි ඇති වීම.

  • බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ බලය බිද වැටීම හා ඔවුන් සතුව පැවති යටත් විජිත වලට නිදහස හිමි වීම.

  • ඇමරිකාව හා සෝවියට් රුසියාව බලවතුන් වීම.

ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා බවටත් , රුසියාව සමාජවාදයේ ආරක්ෂකයා බවටත් පත් වීම.

  • එක්සත් ජාතින්ගේ සංවිධානය බිහි වීම.






එක්සත් ජාතින්ගේ සංවිධානය 


  • පිහිටවූයේ : 1945 ජුනි මාසයේ ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නුවර කළ සාකච්ඡාවකට අනුව 1945 ඔක්තෝබර් 24 පිහිටු විය.

  • ආරම්භක සමාජිකයන් ගණන 51කි.


පිහිටුවීමට ප්‍රධාන වූ නායකයන් :



ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ප්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්

බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්

රුසියානු නායක ජෝශප් ස්ටාලින්


එක්සත් ජාතින්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු


  • ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම.

  • ජාතීන් අතර මිත්‍ර සබදතා වර්ධනය වීම.

  • මානව අයිතිවාසිකම් හා මුලික නිදහස තහවුරු කිරිමෙහි ලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම.



එක්සත් ජාතින්ගේ සංවිධානයේ ව්‍යුහය


1: මහා මණ්ඩලය 

2: ආරක්ෂක මණ්ඩලය

3: ආර්ථික හා සමාජීය මණ්ඩලය 

4: භාරකාර මණ්ඩලය 

5: ජාත්‍යන්තර අධිකරණය 

6: මහලේකම් කාර්‍යාලය



මහා මණ්ඩලය : 

  • සියළුම නියෝජිතයන්ගෙන් නිර්මාණය වේ. සාමාජිකයන් 193කි.

  • අන්තර්ජාතික සාමයට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම. 

  • අයවැය අනුමත කිරීම.


ආරක්ෂක මණ්ඩලය :

  • සාමාජිකයන් 15කි.

  • ඇමරිකාව, සෝවියට් සංගමය,එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය නිත්‍ය සමාජිකයන් වේ.

  • සෙසු සමාජිකයන්ගේ සමාජිකත්වය වසර දෙකෙන් දෙකට තීරණය වේ.

  • කාර්ය : ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනය වන ගැටුම් විසදීම.


ආර්ථික හා සමාජීය මණ්ඩලය :

  • සාමාජිකයන් 54කි.

  • කාර්ය : ලෝක ප්‍රජාවගේ ආර්ථික, සමාජික, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අංශ දියුණු කිරීම.


භාරකාර මණ්ඩලය :

  • එක්සත් ජාතින්ගේ භාරකාරත්වයට ගනු ලැබු ප්‍රදේශ පාලනය.


ජාත්‍යන්තර අධිකරණය :

  • නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත.

  • එක්සත් ජාතින්ගේ ආයතන වලට අවශ්‍ය නීතී උපදෙස් ලබා දීම.

  • රටවල් අතර වන ආරවුල් වලදි නීතී උපදෙස් දීම.


මහාලේකම් කාර්‍යාලය :

  • ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටා ඇත.

  • කාර්ය : ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට හානි වේ යැයි සිතෙන විට ප්‍රශ්න ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීම.




ජාතින්ගේ සංවිධානය ලෝක සාමය සදහා දැරූ ප්‍රයන්ත 


  • සුවස් අර්බුදය 

(මිසර ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් සූවස් ඇළ ජන සතු කළ විට ප්‍රංශ සමාගම් අපහසුතාවයට පත්විය. ප්‍රංශ, ඊශ්‍රායල, බ්‍රිතානය හමුදා සුවස් ප්‍රදේශයට එවිය.

මේ ගැටලුව සංවිධානය මැදිහත් වී විසදිය.


  • ගල්ෆ් අර්බුදය

ඉරාක සීමාවේ තෙල් නිධියක් කුවේටය සොරකම් කළ බවට ඉරාකය කුවේටය අක්‍රමණ කරන ලදි. යුද්ධය නිසා විනාශයක් සිදුවිය. පසුව සංගමය මැදිහත් විය මෙය විසදිය.


  • කියුබානු මිසයිල අර්බුදය 

කියුබානු විප්ලවයේ දී පිදෙල් කැස්ත්‍රෝ ඇමරිකාවට පලා ගිය අතර පසුව යුධ පුහුණුව ලැබ නැවත ආයුධ සන්නද්ධව පැමිණියේ ය. කැරලිකරුවන්ට ඇමරිකාව උදව් කල නිසා ඔවුන්ට පහර දිය හැකි මිසයිල රුසියාව විසින් කියුබාවේ සවි කළේ ය. නමුත් මේ ගැටලුව එක්සත් ජාතින්ගේ මහලේකම් මැදිහත් වී විසදිය.





ලෝක සාමය රැකීමට වර්තමානයේ සංවිධානය ගෙන ඇති ක්‍රියා මාර්ග


  • ආර්ථික සම්බාධක පැනවීම

  • න්‍යෂ්ටික අවි තැනීම සීමා කිරිම හා පාලනයට කටයුතු කිරීම.

  • සාම සාධක හමුදාව යෙදවීම.






Comments

  1. Very Useful for us.. Thankyou Sip Mansala.We need some science note like this..

    ReplyDelete
  2. සිංහල සාහිත්‍ය ෂෝට් නෝට් ටික ගන්න පුලුවන් ද....🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය