මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල


මහනුවර රාජධානිය 


  • සෙංකඩගල නගරය මධ්‍යස්ථානය කරගෙන ආරම්භ විය.

  • සියවස් තුනක පමණ පෞඪ ඉතිහාසයකට හිමිකම් කියූ ස්වාධීන රාජධානියකි.

  • කෝට්ටේ හා සිතාවක රාජධානි බිද වැටිමෙන් පසු බිහි විය.

  • ස්වාභාවිකවම ආරක්ෂිත ස්ථානයකි.

මහාවැලි ගඟෙන් ආරක්ෂා විය.

බලන, හුන්නස්ගිරිය වැනි දුර්ග මාර්ග නිසා මෙයට ඇතුළු වීම දුෂ්කර විය.

  • ආරම්භක පාලකයා සේනා සම්මත වික්‍රමබාහු රජුය.




මහනුවර රාජධානියේ රජවරු


සේනා සම්මත වික්‍රමබාහු රජතුමා

              (පුතා)

ජයවීර බණ්ඩාර රජතුමා

              (පුතා )

කරලියද්ද බණ්ඩාර රජතුමා 

දියණිය                                        බෑණා

(කුසුමාසන දේවිය)                     (යමසිංහ බණ්ඩාර)

පළවන රාජසිංහ රජතුමා

පළමුවන විමලධර්මසූරිය රජතුමා (කොනප්පු බණ්ඩාර, දොන් ජුවාන්)

සෙනරත් රජු

දෙවන රාජසිංහ රජු

දෙවන විමලධර්මසූරිය රජු

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු

ශ්‍රී විජය රාජසිංහ රජු (නායක්කර් වංශය ආරම්භය)

කීර්ති ශ්‍රී රාජසිංහ රජු

රාජාධිරාජසිංහ රජු

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු


I වන විමලධර්මසූරිය රජතුමා


රාජ්‍යත්වයට පත්වීමට පෙර පැවති අභියෝග


  • නීත්‍යානුකූල උරුමයක් නොවීම.

  • බුදු දහම යළි නගා සිටුවීම.

  • පෘතුගීසින්ගෙන් උඩරට රාජධානිය මුදවා ගැනීම.

  • සීතාවක බලපෑමෙන් උඩරට බේරා ගැනීම.

  • මහනුවර රාජධානියේ ආර්ථිකය නගා සිටුවීම.


නීත්‍යානුකූල රාජ්‍ය උරුමය ලබා ගැනීමට අනුගමනය කළ පියවර

  1. කුසුමාසන දේවිය විවාහ කරගෙන නිත්‍යානුකූල රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීම.

  2. රෝමානු කතෝලික ආගම අතහැර බුදු දහම වැළද ගැනීම.

  3. විමලධර්මසූරිය නමින් බෞද්ධ නමක් ලබා ගැනීම.

  4. දෙල්ගමු විහාරයේ සඟවා තිබූ දන්ත ධාතුව මහනුවරට වැඩම කරවීම.


බුදු දහම යළි නඟා සිටුවීමට ගත් ක්‍රියාමාර්ග 

  1. බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන ඒම.

  2. ලංකාතිලකය, රිදී විහාරය, ගඩලාදෙණිය වැනි පැරණි විහාර අලුත්වැඩියා කිරීම.


පෘතුගීසින්ගෙන් උඩරට බේරා ගැනීමට අනුගමනය කළ ක්‍රියා මාර්ග

  1. 1594 දන්තුරේ සටනින් පෘතුගීසින් අන්ත පරාජයට පත් කිරීම.

  2. පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසි සහය ලබා ගැනීම.


සීතාවක බලපැමෙන් උඩරට මුදා ගැනීමට ගත් ක්‍රියාමාර්ග 

  • උඩරැටියන්ගේ සහායෝගයෙන් පළමු රාජසිංහ රජු පරාජ කිරීම.


මහනුවර රාජධානියේ ආර්ථිකය නගා සිටුවීමට ගත් ක්‍රියා මාර්ග

  1. ගොවිතැන දියුණු කිරීම.

  2. කපු වගාව දියුණුවට අනුබල දීම.

  3. කොත්මලේ හා වලපනේ ප්‍රදේශ වල  යකඩ හා වානේ කර්මාන්තය දියුණු කිරීම.

  4. උඩරට රාජ්‍ය ආශ්‍රිත වෙඩි ලුණු කර්මාන්තය දියුණුවට පියවර ගැනීම.




සෙනරත් රජතුමා


  • සෙනරත් කුමරු ක්‍රි.ව.1604 දි රජ විය.

  • විමලධර්මසූරිය රජුගේ පුතනුවන් ළාබාල අවදියේ පසු වූ නිසා ඔහුගේ ඥාතී සහෝදරයා මෙසේ රජ විය.


එතුමා මුහුණ දුන් අභියෝග 

  1. උඩරට රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම.

  2. පෘතුගීසින්ගෙන් උඩරටට එල්ල වූ තර්ජන අවම කර ගැනීම.


  • සෙනරත් රජු බලයට පත් වූ මුල් අවධියේ කුසුමාසන දේවිය විවාහ කරගෙන රජකමට පත් විය.

  • කුසුමාසන දේවිය I වන විමලධර්මසූරිය රජුගෙන් පුතුන් දෙදෙනෙක් ද, සෙනරත් රජුගෙන් එක් පුතෙක් ද ලැබුවා ය.

  • සෙනරත් රජු උඩරට කොටස් තුනකට බෙදා කුමාරවරුන්ට දුන්නේ ය. ඌව පළාත කුමාරසිංහ කුමරුටද, මාතලේ ප්‍රදේශය විජේපාල කුමරුට ද, මහනුවර ප්‍රදේශය මහා අස්ථාන කුමරුට ද පැවරිය.

  • මේ අතරින් වඩාත් දක්ෂ වූයේ බාල පුත් මහා අස්ථාන කුමරු ය. (දෙවන රාජසිංහ කුමරු)


දෙවන රාජසිංහ රජතුමා 

  • සෙනරත් රජුගේ මරණයෙන් පසු රජ විය.


දෙවන රාජසිංහ රජු මුහුණ දුන් අභියෝග 

  1. පෘතුගීසින්ගෙන් උඩරටට එල්ලවන ප්‍රහාර මැඩලීම.

  2. පෘතුගීසින් මෙරටින් පළවා හැරීම.

  3. උඩරට රදල ප්‍රධානීන්ගෙන් එල්ල වූ තර්ජන අවම කර ගැනීම.

  4. ලන්දේසි බලපෑමෙන් උඩරට නිදහස් කර ගැනීම.


  • කුඩා කල සිටම රාජ්‍ය පෘතුගීසින්ගෙන් මුදා ගැනීමට පියාට සහය විය.

උදාහරණ : රජවීමට පෙර 1630 ඌව රන්දෙණිගල සටනේ දී පෘතුගීසින් සමූල ඝාතනය කළේ ය.

  • එසේම 1638 දී ගන්නෝරු සටනේ දී පෘතුගීසින් අන්ත පරාජයට පත් කළේ ය.

  • පෘතුගීසින් මෙරටින් පලවා හැරිමට නාවුක බලය සහිත කණ්ඩායමක සහය රජුට අවශ්‍ය වූ අතර ඒ සදහා ලන්දේසීන්ගෙන් සහය ලබා ගත්තේ ය.

  • පෘතුගීසින් පළවා හැරියද බලාපොරොත්තු නොවු අයුරින් පෘතුගීසින් අත් පත් කරගෙන සිටි ප්‍රදේශ වල ලන්දේසින් බලය පිහිටුවා ගත්තේ ය.

  • ලන්දේසින් උඩරට ප්‍රදේශ කිහිපයක් අල්ලා ගත්ත ද නිහඩව සිටි රජු පසුව ලන්දේසීන්ට විරුද්ධව ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ ය.

  • උඩරට රාජ්‍යයේ ශක්තිය තේරුම් ගත් ලන්දේසින් එතැන් පටන් උඩරට සමග සාමකාමී ව කටයුතු කළේය.

  • කල්පිටිය, හලාවත, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි වරායන් මෙකළ උඩරටට අයත් විය.

  • දෙවන රාජසිංහ රජු වසර 50ක් පමණ රජකම් කොට මරණයට පත් විය.


දෙවන විමලධර්මසූරිය රජතුමා 

  • දෙවන රාජසිංහ රජුගේ පුතාය.

  • පියා මෙන් දක්ෂයකු නොවුනි. මේ නිසා මේ අවධියේ උඩරට රදළ ප්‍රධානීන් තම බලය වර්ධනය කර ගත්තෝ ය.

  • ලන්දේසීන් සමඟ සාමකාමිව කටයුතු කළේ ය.

රජුගේ ආගමික සේවා

  • බුරුම ප්‍රදේශයෙන් උපසම්පදාව ගෙන ඒම.

  • දළදා මාලිගය ප්‍රතිසංස්කරණය කිරීම.


ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

  • සිංහල ලේ සහිත අවසාන රජුය.

  • කුණ්ඩසාලේ කුමාරයා යන අන්වර්තයෙන් හදුන්වයි.

  • පරිපාලන කටයුතු පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම දුර්වලතාවයකි.

  • පියා මෙන් දකුණු ඉන්දියානු කුමාරිකාවක් විවාහ කර ගත්ත ද දරුවන් නොමැති විය.

  • ඒ නිසා දකුණු ඉන්දියානු සම්ප්‍රදාය අනුව යමින් බිසවගේ සහෝදරයාට රජ කම හිමිවිය.













නායක්කර් රජ වංශය

  • නායක්කර් වංශික රජවරු සිව් දෙනෙකි.


ශ්‍රී විජය රාජසිංහ රජු

  • නායක්කර් පෙළපතේ ආරම්භක රජතුමාය.

රජු මුහුණ දුන් අභියෝග 

  • රදළ ප්‍රධානීන්ගේ බලය වර්ධනය වීම

අභියෝග ජයගත් ආකාරය

  • නායක්කර් පෙළපතේ ඥාතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දීම.

  • බුදු දහම වැළදගෙන දිගු කලක් භික්ෂූන් ඇසුරේ හැදි වැඩුණු මෙතුමා වැලිවිට සරණංකර හිමිගේ උපදෙස් පරිදි බුරුමයෙන් බුදු දහම රැගෙන ආවේ ය.


  • මේ රජුට දරුවන් නොමැති වූ අතර සිහසුනට උරුමකරුවෙක් නොතබාම මිය ගියේ ය.


කීර්ති ශ්‍රී රාජසිංහ රජු

  • ශ්‍රී විජය රාජසිංහ රජුගේ මරණයෙන් පසු එතුමගේ බිසවගේ සොහොයුරා මෙසේ රජ විය.

  • වයස අවුරුදු 16දි රජවීම නිසා එතුමාගේ පියා නරේනප්පා නායක්කර් පාලන කටයුතු වලට ඇඟිලි ගැසූ බව සදහන් වේ.

  • මෙරට පාලනයට රජු පැමිණෙන විට බුදු සසුන බෙහෙවින් පරිහානියට පත්ව තිබුනි.


රජු බුදු දහම නගා සිටු වීමට ගත් ක්‍රියාමාර්ග 

  • සියම් දේශයට දූතයන් යවා උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් මෙරටට වැඩමවා උපසම්පදාව ආරම්භ කිරීම හා සියම් නිකාය ආරම්භ වීම.

  • උඩරට, පහතරට විහාර ප්‍රතිසංස්කරණය කිරීම.

  • වැලිවිට සරණංකර හිමියන්ට සංඝරජ තනතුර පිරි නැමීම.

  • 1766දී ලන්දේසින් සමග ගිවිසුමක් ඇති කර ගැනීම.


  • මේ රජුද සිහසුනට උරුමකරුවෙක් නොතබාම මිය ගියේ ය.



රාජාධිරාජසිංහ රජු

  • කීර්ති ශ්‍රී රාජසිංහගෙන් පසු ඔහුගේ සහෝදරයා රාජාධිරාජසිංහ නමින් රජ විය.

  • මෙකළ රදල ප්‍රභූවරු හා නායක්කර් වංශික රජවරු අතර මතභේද වර්ධනය විය.

  • 1796 දී ඉංග්‍රීසීන් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අල්ලා ගැනීම මේ යුගයේ වූ වැදගත් සිදුවීමකි.

  • සිහසුනට උරුමයක් නොතබාම මේ රජුද මිය ගියේ ය.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

  • පිළිමතලව්වේගේ අවශ්‍යතාව පරිදි කන්නසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 1798 දී රජ විය.

  • 1803 දී ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කළ නමුත් උඩරැටියන්ගේ සහයෙන් සටන ජයග්‍රහණය කළේ ය 

  • පාලනයේ අවසන් වසර කිහිපයේ රජු ඉතා කෲර අන්දමින් කටයුතු කළ නිසා ජනතාව හා රජු අතර සබදතා බිඳ වැටුනි.

  • ඉංග්‍රීසීන් 1815 පෙබරවාරි මාසයේ දී උඩරට රාජධානියට හමුදාව යවා රජු අත්අඩංගුවට ගත්හ.

  • 1815 මාර්තු දෙවන දින ඇති වූ ගිවිසුම පරිදි ලංකාව ඉංග්‍රීසින්ට යටත් විය.

  • පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව ඉංග්‍රීසීන් වෙල්ලෝරයට පිටුවහල් කරන ලදි.

නායක්කර් වංශයේ කැපී පෙනෙන ලක්ෂණ 

  • රාජ්‍යත්වය වර්ධනය කර ගැනීම සඳහා බෞද්ධ නමක් ලබා ගනිමින් බුදු දහම වැලද ගැනීම.

  • බුදු දහම නගා සිටුවීමට කටයුතු කිරීම.







මහනුවර රාජධානියේ පරිපාලන ව්‍යුහය 


  • පරිපාලන තන්ත්‍රයේ ඉහළම තනතුර දැරුවේ රජුය.

  • රජුගේ සහයට අධිකාරම්වරු දෙදෙනකි.

  • රාජ්‍යයේ වැදගත් කටයුතු සාකච්ඡාවට රාජ සභාව පැවතිය.

  • රාජධානියේ පරිපාලනය අංශ කිහිපයකට බෙදීම.


  1.  රජුගේ සෘජු පාලනය යටතේ මහා වාසල 

  2. රජුගේ අධික්ෂණය යටතේ ප්‍රධාන අධිකාරම්වරු යටතේ ක්‍රියාත්මක වූ රට වසම නම් ප්‍රාදේශීය පාලන සංවිධානය 

  3. මහබද්ද හෙවත් ඒ ඒ අංශ ප්‍රධානීන් යටතේ පැවති බද්දේ සංවිධාන 

  4. විහාර , දේවාලගම් පාලනයට ද පරිපාලන අංශ විය.


රජුගේ බලය 

  • රටේ ඉහළම තැන හිමි තැනැත්තා ය.

රජුගේ කාර්ය 

  • රටේ සාමය පවත්වාගෙන යාම හා ආරක්ෂාව සැලසීම ප්‍රධාන කාර්‍ය විය.

  • පෙර සිරිතට අනුව රට පාලනය.

  • වැරදි කරුවන්ට මරණිය දඩුවම නියම කිරීම.


අදිකාරම්වරු


  • අදිකාරම්වරු වර්ග දෙකකි.

 මහ අදිකාරම් (පල්ලෙගම්පහ අදිකාරම්)

 දෙවන අදිකාරම් (උඩ ගම්පහ අදිකාරම්)

  • අදිකාරම්වරුන්ගේ පණිවිඩ ප්‍රාදේශීය නිලධාරින් වෙත ගෙන ගියේ කටුපුල්ලේ පණිවිඩකරුවන් විසිනි.

නිල සලකුණ : රිදී විල්ලක් දැමූ ඉහළ කොන නැමූ වේවැලක්



මහ අදිකාරම් 

දෙවන අදිකාරම් 

හත් කෝරලේ

හතර කෝරලේ

ඌව

තුන් කෝරලය

මාතලේ

සබරගමුව

වලපනේ

ඌව පළාත

බින්තැන්න

උඩු නුවර , යටි නුවර, තුම්පනේ

වෙල්ලස්ස


නුවනුවරකලාවිය

කොත්මලේ, බුලත්ගම


මහවාසල හෙවත් මාලිගාව නිලධාරින් 


  • රජවාසලට ආහාර සැපයීම, රෙදි පිළි ආභරණ සහා ගෘහ භාණ්ඩ සැපයීම මොවුන්ගේ රාජකාරිය වේ.


  1. ගජනායක නිලමේ : ඇතුන්ගේ කටයුතු භාර තැනැත්තා 

  2. මහ ලේකම්

  3. මහ ගබඩා ලේකම්

  4. දියවඩන නිලමේ

  5. හළුවඩන නිලමේ

  6. බත්වඩන නිලමේ 

  7. අස් පන්තියේ මුහන්දිරම් 

  8. කවිකාර මඩුවේ මුහන්දිරම් 



රට වසම හෙවත් ප්‍රාදේශීය පාලනය 


  • උඩරට රාජ්‍ය රට හා දිසාව ලෙස කොටස් 21කට බෙදා තිබුනි.


රට

(09)

දිසාවනි

(12)

උඩු නුවර

සතර කෝරලය

යටි නුවර

සත් කෝරලය

තුම්පනේ

ඌව

හාරිස්පත්තුව 

සබරගමුව 

දුම්බර 

මාතලේ 

හේවාහැට….

වලපනේ


  • රට වශයෙන් හැඳින් වූ ප්‍රදේශ භාර නිලධාරින් රටේ රාල හෙවත් රටේ මහත්වරුන් ලෙස සැළකේ.

  • දිසාවන් භාරව සිටි නිලධාරින් මෙසේ හැදින්විය හැක.

දිසාවනි - දිසාව

කෝරළය - කෝරාල

පත්තු - මුහන්දිරම් 

ගම් - විදානේවරු


බද්දේ සංවිධාන 

  • මුල් අවධියේ වෙන වෙනම ක්‍රියාත්මක වූවත් රාජ්‍ය අවසාන කාළයේ දිසාව යටතේ ක්‍රියාත්මක විය.

  • මඩිගේ බද්ද - ප්‍රවාහන කටයුතු

  • කුරුවෙ බද්ද - ඇතුන් ඇල්ලීම

  • බඩහැල බද්ද - වළං තැනීම

  • රදා බද්ද - රෙදි සේදීම

  • හැඳ බද්ද - රෙදි විවීම





විහාර හා දේවාල පාලන කටයුතු


  • විහාරාම පාලන කටයුතු මහා නායක හා අනු නායක හිමිවරු යටතේ සිදු විය.

  • දළදා මාලිගාවේ කටයුතු දියවඩන නිළමෙතුමා යටතේ විය.

  • විහාර හා දේවාල නඩත්තුව, පුද පුජා සංවිධානය, පෙරහැර පැවැත්වීමට ගම්වර ලැබු රාජකාරි ශ්‍රමය සැපයු පිරිස් විය.


අධිකරණ කටයුතු


  • ඉහළම බලතල හිමි වූයේ රජුටය.

  • සෑම නිලධාරියකුටම තනතුර අනුව බලය හිමි විය.


රජතුමා විසින් ම විසදූ නඩු


  • වැදගත් නායකයන් සම්බන්ධ නඩු

  • කැරළි කෝලාහල පිළිබඳ නඩු

  • කුමන්ත්‍රණ පිළිබඳ නඩු

  • රාජද්‍රෝහීත්වය පිළිබඳ නඩු

  • විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු


එකළ වැරදිකරුවන්ට දුන් දඩුවම්


  • අතුල් පහර දීම

  • කස පහර දීම

  • දඬු කඳේ ගැසීම.

  • හිස කෙස් කැපීම.

  • දියේ ගිල්වා මැරීම.

  • ඇතුන් ලවා පාගා මැරීම.

  • ඉපලෙන් තැලීම.

  • දඟ ගෙයි ලෑම.

  • රොඩී රැහැට දැමීම.

ආර්ථික ක්‍රමය


මහනුවර රාජධානියේ ආර්ථිකය ප්‍රධාන කොටස් දෙකකි.

කෘෂිකර්මාන්තය 

කර්මාන්ත 

  • කෘෂිකර්මාන්තයේදී වී ගොවිතැන, හේන් ගොවිතැන, ගෙවතු වගාව හා සත්ත්ව පාලනය කළේ ය.

  • කඳුකර ප්‍රදේශවල කඳු බැවූම් ඔස්සේ සකස් කෙරුණු හෙල්වල, කුඹුරුවල වී ගොවිතැන සිදු විය.

  • කුරක්කන්, අමු, මෙනේරි, ඉරිඟු වැනි ධාන්‍ය වර්ග ද අල බතල ද වගා කෙරුණි.

  • ගෙවතු ආශ්‍රිතව කොස්, දෙල්, ගම්මිරිස්, සාදික්කා, කරදමුංගු, පුවක්, එළවළු හා පළතුරු වගා කරන ලදි.

  • යකඩ , දැව, ලෝහ හා ලාක්ෂා කර්මාන්තය ද පන් කර්මාන්තය ද දියුණුව පැවතිය.




සමාජ සංවිධානය 


  • සියළුම ඉඩම්වල හිමිකරුවා රජුය.

  • ඉඩම් අයිතිය හා භුක්තිය මත කොටස් කිහිපයකට බෙදුනි.

ගබඩාගම - රජ වාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම්

නින්දගම් - රදළ ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් ප්‍රධානය කළ ඉඩම්

විහාරගම් - විහාරාරාම සදහා පුජා කළ ඉඩම්

දේවාලගම් - දේවාල සදහා පුජා කළ ඉඩම්

පරවේණිගම (නින්දගම) - ගම් වැසියන් පරම්පරාගතව භුක්තිවිදි ඉඩම්





මහනුවර රාජධානියේ ග්‍රාමීය සමාජයේ ලක්ෂණ 


  • ගම ස්වයංපෝෂිත වීම.

  • සමාජ සම්බන්ධතා කුල ක්‍රමය මත පදනම් වීම.

  • ඒ ඒ කුලවලට වෙන් වූ වෘතීන් පැවතීම.

  • අවාහ විවාහ කටයුතු කුලය පදනම් කරගෙන සිදු වීම.

  • විවාහ ක්‍රම තුනකි.

දීග විවාහය : මනාලිය මනාලයාගේ නිවසට කැන්දාගෙන යාම.


බින්න විවාහය : මනාලයා මනාලියගේ නිවසේ නැවතීම.


එක ගෙයි කෑම : සහෝදරයන් කිහිප දෙනෙකුට එක් කාන්තාවක් විවාහ කර දීම.


  • පන්සල කේන්ද්‍ර කර ගත් ගැමි දිවිය නිසා ගුණ ගරුක සමාජයක් බිහිවීම.


Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය