විභක්ති

 සිප් මංසල - ඉලක්කයේ ජයග්‍රාහි මාවත

<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-6458903774027775"
     crossorigin="anonymous"></script>


විභක්ති 


විභක්ති යනු නාම පදයක නාම මූලයට විවිධ ප්‍රත්‍යන් එකතු වී නිර්මාණය වන්නකි.


යම් කිසි නාම පදයක් වාක්‍යකට යොදන  අවස්ථාව අනුව හා නාමපදයේ ස්වරූපය අනුව මෙම විභක්ති 9කට බෙදිය හැක.



ප්‍රථමා විභක්තිය

කර්තෘ විභක්තිය

කර්ම විභක්තිය 

කරණ විභක්තිය 

සම්බන්ධන විභක්තිය

ආධාර විභක්තිය 

සම්ප්‍රදාන විභක්තිය 

අවධි විභක්තිය

ආලපන විභක්තිය


ප්‍රථමා විභක්තිය 


ප්‍රථමා විභක්තිය යනු යම්කිසි වාක්‍යක උක්ත වී ඇති පදය අදාලවන විභක්තිය යි.

ඒ අනුව කතෘ කාරක වාක්‍යක කතෘ පදය කර්ම කාරක වාක්‍යක කර්ම පදය ද ප්‍රථමා විභක්තියට අදාල වේ.


උදාහරණ :

  • අම්මා බත් උයයි.

  • වැද්දා විසින් මුවෝ මරනු ලබති.


කර්තෘ විභක්තිය


කර්තෘ විභක්තිය යනු යම්කිසි වාක්‍යක අනුක්ත වී ඇති කර්තෘ පදයට අදාල වන්නා වූ විභක්තියයි.

ඒ අනුව බොහෝ විට කර්ම කාරක වාක්‍යවල සිටිනා කර්තෘ පදය කර්තෘ විභක්තියට අයත් වේ.


උදාහරණ :

  • වැද්දා විසින් මුවෝ මරනු ලබති.

  • දරුවන් විසින් ගුරුවරු අගය කරති.




කර්ම විභක්තිය


කර්ම විභක්තිය යනු යම්කිසි වාක්‍යක අනුක්ත වී ඇති කර්මය අදාලවන පදයයි.

බොහෝ විට කතෲ කාරක වාක්‍යක අනුක්ත වී ඇති කර්මය අදාල වනුයේ කර්ම විභක්තියට ය.


උදාහරණ :

  • පූසා මීයෙකු අල්ලයි.

  • උපාසකයා රා කෝප්පයක් බොයි.


කරණ විභක්තිය


යම්කිසි වාක්‍යක කතෘ කරනු ලබන අවසාන ක්‍රියාවට උදව් වන පදය සෑම විටම කරණ විභක්තියට අදාල වේ.


උදාහරණ :

  • නංගි හැන්දෙන් බත් කයි.

  • ළමයා පෑනෙන් අකුරු ලියයි.

  • ගොවියා උදැල්ලෙන් කුඹුර කොටයි.


සම්බන්ධන විභක්තිය 


යම් කිසි අයිතියක් හෝ සම්බන්ධනයක් හැඟවෙන පද සෑම විටම සම්බන්ධන විභක්තියට අදාල වේ.


උදාහරණ :

  • පංතියේ  සිසුහු වැඩ කරති.

  • රජුගේ පිරිස සටනට යයි.

  • හරකාට අං ඇත.


ආධාර විභක්තිය 


යම් කිසි පදයක් තුළින් දරා ගැනීමේ අර්ථයක් හෝ උසුලා ගැනීමේ අර්ථයක් ප්‍රකාශ වේ නම් එම පද ආධාර විභක්තියට අයත් වේ.


උදාහරණ :

  • වාහනයෙහි මගීන් පිරි යතී.

  • පංතියෙහි ළමයි ඇත.

  • වනයෙහි මල් පිපී ඇත.

  • පුටුවෙහි මම ඉද ගතිමි.



සම්ප්‍රදාන විභක්තිය 


යම් කිසි පදයක් තුළින් එම පදයට ලැබීමේ අර්ථයක් හෙවත් සම්ප්‍රදාන අර්ථයක් ප්‍රකාශ වේ නම් එවනි පද සම්ප්‍රදාන විභක්තියට අදාල වේ.


උදාහරණ :

  • බුදුන්ට දන් දිය යුතුය.

  • ගිලනුන්ට උපස්ථාන කරන්න.

  • ළමයින්ට හොදින් උගන්නන්න.

  • පියා දරුවාට අවවාද දෙයි


අවධි විභක්තිය


යම්කිසි ප්‍රදේශ අර්ථයක් හෝ ස්ථාන අර්ථයක් යම් පදයක් තුළින් නිරූපණය වන්නේ නම් එම පද අවධි විභක්තියට අදාල වේ.


උදාහරණ :

  • පොලිසියෙන් හොරුන් අල්ලයි.

  • අහසින් වාහන යයි.

  • මුහුදෙහි රැළි ගසයි.

  • පාරෙන් මගිහූ පනිති.

  • කැළයෙන් මදුරුවෝ එති.

  • මුනිදුගෙන් සවනක් රැස් විහිදේ.


ආලපන විභක්තිය


යම්කිසි අණ කිරීමක්, බල කිරීමක්, ආමන්ත්‍රණයක් හෝ විධානයක් ප්‍රකාශ කරවන පද ආලපන විභක්තියට ඇතුළත් වේ.


උදාහරණයක් :

  • දරුවනි, නොපමවා වැඩ කරන්න.

  • පුත, මෙහෙට එන්න.

  • රියදුරනි, විනීතව රිය පදවන්න.


Comments

  1. https://sipmansalastudy.blogspot.com/2021/05/blog-post_51.html?m=1

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා thank you

      Delete
  2. Very help full for me and thank you very much

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය