වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම. (කෙටි සටහන් සමඟ)

ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල


වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම


  • ග්‍රාමීය ජනාවාස නාගරික ජනාවාස බවට පසූකාලීනව වර්ධනය විය.


පළමු නාගරීකරණය 

අනුරාධපුරය .      (අ)          (අපෝ)

පොළොන්නරුව  (පෝ)       (පොඩ්ඩෝ)


දෙවන නාගරීකරණය 

දඹදෙණිය     (ද)                   (දඹදෙණි)

යාපහුව        (යා)                  (යන්න)

කුරුණෑගල  (කුරු)               (කුඩේ)

ගම්පොළ      (ගම්)                (ගනින්)

කෝට්ටේ      (කෝ)                (කෝ)

පළමුවන නාගරීකරණය 

  • විජය රජු සමඟ පැමිණි අනුරාධ ඇමතිවරයා විසින් අනුරාධ ග්‍රාමය ඉදි කළ අතර එය පුරවරයක් බවට පත් කරනුයේ පණ්ඩුකාභය රජතුමා විසිනි.

  • විදී, වෙළදපොළවල්, යාතුකර්ම සදහා අවශ්‍ය ආගමික ගොඩනැගිලි, සෞන්දර්යාත්මක උද්‍යාන, ආරක්ෂක ප්‍රකාර සහා ජලාශ මගින් සමන්විත ජනාවාසයක් නගරයක් ලෙස සැළකුනි.

  • පණ්ඩුකාභය රජු දවස මෙවනි නගර නිර්මාණයක් සිදු විය.

  • අනුරාධපුර අවසාන භාගයේ පාලකයා වුයේ පස්වන මිහිඳු රජතුමාය.

  • පළමුවන විජයබාහු රජතුමා ප්‍රථම වරට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්තේය.

  • විජයබාහු රජුට පසු රජ වූයේ පළමුවන පරාක්‍රමබාහු රජතුමාය.

  • මේ අවධියේ විදේශයන් සමග සබදතා පවත්වා ගෙන තිබුනි. පළමුවන විජයබාහු රජුගෙන් පසු රජවූ රජවරු කිහිප දෙනෙක්ම බුරුමය හා කාම්බෝජය යන රටවලින් විවාහ කර ගත්තේය.

  • අග්නි දිග ආසියාව හා ලංකාව අතර සබදතා වර්ධනය විය.

  • පොළොන්නරු යුගයේ ඇති වූ බොහෝ බුද්ධ ප්‍රතිමා හා වස්තු විද්‍යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියා ලක්ෂණ පැවතුනි.

  • උදාහරණ 

  • පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප්‍රතිමා සහා පොළොන්නරුවේ සත්මහක් ප්‍රසාදය


පොළොන්නරුව බිද වැටීම.

  • අනුරාධපුර රාජධානියේ අවසන් පාලක වූ පස්වන මිහිදු රජු අවධියේ එල්ල වූ චෝල අක්‍රමණ නිසා එම රාජධානිය බිද වැටුනි.

  • පසුව විජයබාහු රජු චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්තේය.

  • ඒ රජුගේ මරණයෙන් පසු රට තුළ අභ්‍යන්තර ගැටළු මතුවීම සිදු වූ අතර රට යළි එක්සේසත් කලේ පළමුවන පරාක්‍රමබාහු රජු විසිනි.

  • රජ පුරා වැව් , අමුණු ඉදි කරමින් පොළොන්නරු රාජධානිය සංවර්ධනය කරවිය.

  • එතුමාගේ අභාවයෙන් පසු රට විනාශය කරා ඇදී ගියේය.

  • පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසු වසර 9 ක තරම් කාලයක් ශක්තිමත් පාලනයක් ගෙන ගියේ නිශ්ශංකමල්ල රජු පමණි.

  • මෙසේ පොළොන්නරු රාජධානිය පරිහානියට පත් විය.


පොළොන්නරුව පරිහානියට පත් වීමට බලපෑ හේතු


  1.  දුර්වල පාලකයන් බලයට පත් වීම.

  2. කාලිංග හා පාණ්ඩ්‍ය වංශික ගැටුම.

  3. ආර්ථික පරිහානිය.

  4. කාලිංඝ මාඝගේ ආක්‍රමණය 


1: දුර්වල පාලකයන් බලයට පත් වීම.

  • පළමුවන පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු 12 දෙනෙකු වරින් වර බලයට පත් විය.

  • නිශ්ශංකමල්ල රජු පමණක් වසර 09 ක් පමණ රජකම් කලත් අනෙක් රජවරුවරුන්ගේ රාජ්‍ය කාලය සීමා වීම පොළොන්නරු යුගයේ පරිහානියට හේතු විය.


2: කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය

  • පළමුවන විජයබාහු රජුගේ අභාවයෙන් පසු කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර ගැටුම් ඇති විය.

  • තමන්ගේ වංශයෙන් හිතවතුන් පත් කිරීමට මේ අය වෙහෙසුනේය.

  • නිශ්ශංකමල්ල රජුගේ අභාවයෙන් පසු එතුමාගේ බෑනා වූ චෝඩගංග සහෝදරයා වූ සහාසමල්ල, බිසව වූ කළ්‍යාණවතී වැනි අය වරින් වර බලයට පත් විය.

  • පාණ්ඩ්‍ය වංශිකයන් පළමුවන පරාක්‍රමබාහු රජුගේ බිසව වූ ලීලාවති බිසව තුන් වරක් බලයට පත් කළේය.


3: ආර්ථික පරිහානිය 

  • වැව් අමුණු නිසි ලෙස නඩත්තු නොකිරීම.


4: කාලිංග මාඝගේ අක්‍රමණය

  • පොළොන්නරු රාජධානිය බිද වැටීමට ආසන්නතම හේතුව මෙයයි.

  • එම හමුදාවන්ට මුහුණ දීමට ලංකාවට හැකි නොවිය.

  • රජරට බොහෝ ජනාකීර්ණ නගර නටබුන් බවට පත් විය.


  • පැරණි නගර පරිහානියට හේතූ


  • සතුරු ආක්‍රමණය .

  • මධ්‍යගත පාලනය බිද වැටීම.

  • ආරක්ෂාව නැති වීම.

  • ජනතාව වෙනත් ප්‍රදේශ වලට යාම.







දෙවන නාගරීකරණය 


  • රජරට ශිෂ්ටාචාරය නිරිත දිගට සංක්‍රමණය වීම මෙලෙස හදුන්වයි.


දෙවන නාගරීකරණයේ ලක්ෂණ 


  • නව පාලන මධ්‍යස්ථාන බිහි වීම.

  • නව වරායවල් බිහි වීම.

  • සාහිත්‍යයේ කැපී පෙනෙන දියුණුවක් හා ප්‍රබෝධයක් ඇති වීම.

  • නගර සැලසුම්කරණය නිදහස් ස්වරූපයෙන් යුක්ත වීම.


දඹදෙණිය රාජධානිය 


  • දඹදෙණිය ප්‍රධාන රාජධානිය විමට පෙර කුඩා රාජධානී කිහිපයක් පත් වන්නට විය.

i) බුවනෙකබාහු ආදීපාද - රුහුණේ ගොවින්ද මලයේ

ii) සුභ සෙනෙවි - යාපහුව කඳු මුදුණේ

iii) සංඛ සෙනෙවි - ගංදෙණිය පර්වතයේ

( බුවනෙක ගෝවින්ද

සුභ ආරංචියකට යනවා

සංඛ සෙනවිගේ ගංදෙණියට)

iv) තුන්වන විජයබාහු - දඹදෙණිය 


  • දඹදෙණි රාජධානිය පිහිටවූයේ තෙවන විජයබාහු නම් ප්‍රභූවරයා ය.


තුන්වන විජයබාහු 

  • කොත්මලයේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ බෙලිගලට වැඩමවා මාලිගාවක් ඉදිකර තුන්වන විජයබාහු රජතුමා දඹදෙණියේ රජු ලෙස ජනතාව විසින් තෝරා ගන්නා ලදි.

  • රාජ්‍ය කාළය වසර 04කි.


සේවාවන්

  • බෙලිගල දළදා මැදුරක් ඉදි කිරීම.

  • දඹදෙණියේ විජය සුන්දරාරාමය ඉදි කිරීම.

  • කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම.

  • විනාශ වී ගිය උපසම්පදාව යළි පිහිටුවීම.

  • අභාවයට ගිය පොත පත නැවත ලියවීම.

   

         දෙවන පරාක්‍රමබාහු රජතුමා

  • තෙවන විජයබාහු රජුට පරාක්‍රමබාහු හා බුවනෙකබාහු නමින් පුතුන් දෙදෙනකු සිටි අතර ඒ රජුගේ අභාවයෙන් පසු වැඩිමල් පුතු පරාක්‍රමබාහු රජ විය.

  • සංඝරක්ඛිත නා හිමියන්ගෙන් අධ්‍යාපන ලැබීම.

  • 'දඹදෙණි කතිකාවත' දෙවන පරාක්‍රමබාහු රජු වෙන අයකු ලවා ලියවා ඇත.

  • 'කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත' නමින් හැදින් වේ.

  • මේ රජු මුහුණ දුන් අභියෝග දෙකකි.

1: කාලිංග මාඝ පරාජය කිරීම.

2: චන්ද්‍රභානූ පරාජය කිරීම.

  • දේව පතිරාජ නම් ඇමතිවරයා යොදවා ආර්ථික, ආගමික හා අධ්‍යාපනික අංශවල දියුණුවක් ඇති කිරීම.


යාපහුව රාජධානිය 


දෙවන පැරකුම් රජුගෙන් පසු පසු ඔහුගේ පුත් විජයබාහු කුමරු රජ විය.

  • මොහු iv වන විජයබාහු ලෙසද බෝසත් විජයබාහු ලෙස ද සැළකේ.

මේ රජතුමා වසර දෙකකින් මිය ගියේය.

  • පසුව රජ කමට පත් වූයේ හතරවන විජයබාහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු රජ විය.

  • ඔහු දඹදෙණියේ වසර කිහිපයක් රජ කොට ආරක්ෂිත ස්ථානයක් ලෙස යාපහුව තෝරා ගත්තේ ය.

ඔහු යාපහුව රාජධානියේ ආරම්භක පාලකයා වේ.

  • වන්නි නායකයිනගේ හා දකුණු ඉන්දියානු ආක්‍රමණ වලට මුහුණ දිමට සිදු විය.

  • මේ රජුගේ මරණයෙන් පසු සිව්වන විජයබාහුගේ පුත් පරාක්‍රමබාහු හා පළවන බුවනෙකබාහු රජුගේ පුත් දෙවන බුවනෙකබාහු අතර රජකමට සටන් ඇති විය.

  • මේ අතර ආර්ය චක්‍රවර්ති නැමැත්තෙකු දන්ත ධාතුව ඉන්දියාවට රැගෙන යයි.

  • පරාක්‍රමබාහු ඉන්දියාවට ගොස් දළදාව ලබා ගෙන පොළොන්නරුව පාලනය කළ අතර දෙවන බුවනෙකබාහු මෙම තෙවන පරාක්‍රමබාහු පරාජය කොට  දළදාව රැගෙන කුරුණෑගලට පැමිණියේ ය.


යාපහුව රාජධානියේ විශේෂ ලක්ෂණ 

  • පියගැටපෙළ 

  • සිංහ නාදය

  • ලෝකයේ විශාලතම ගල් උළුවස්ස


කුරුණෑගල රාජධානිය 


  • ආරම්භක පාලකයා දෙවන බුවනෙකබාහු රජුය.

  • පසුව ඔහුගේ පුත් හතරවන පරාක්‍රමබාහු රජ විය.

  • කුරුණගල යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයා වන්නේ ඔහුය.


හතරවන පරාක්‍රමබාහු රජුගේ සේවා


  • පන්සිය පනස් ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය කිරීම.

  • සිංහල බෝධී වංසය, අනාගත වංසය, දළදා පුජාව රචනා කර ඇත.


ගම්පොළ රාජධානිය 


  • සිව්වන බුවනෙකබාහු රජු විසින් ගම්පොළ රාජධානිය පිහිටුවන ලදි.

  • ගම්පොළ රාජධානියට සමකාලීන තවත් රාජධානී තුනක් පැවතුනි.



රයිගම අලකේෂ්වර

පවුල

දැදිගම

යාපනය

ආර්‍ය චක්‍රවර්ති 


විශේෂ ලක්ෂණ


  • ගඟසිරිපුර රජධානිය ලෙසද සැලකේ.

  • ප්‍රභූ පවුල් දෙකක් පැවතීම.

1: සේනාධිලංකාර සෙනවිරත් පවුල

2: අලකේෂ්වර පවුල

  • රජකම හිමිවූයේ මාතෘ මූලික ආකාරයටයි. (මාමාගෙන බෑනාට)

  • ඉබන් බතුතානම් අරාබි ජාතිකයා යාපනයට පැමිණියේ මේ කාළයේ දීය.

  • දෙවන වික්‍රමබාහු රජතුමාගේ කාලයේ ආර්ය චක්‍රවර්තීගේ බදු නිලධාරීන් ගම්පොළට පැමිණ බදු එකතු කිරීම.

  • ගම්පොළ අධිරාජ්‍යට චීන ආක්‍රමණ එල්ල විය.

  • මේ යුගයේ චීනයේ යුංලෝ අධිරාජ්‍යා විසින් චෙන්හෝ සෙන්පතියා සමග සේනාවක් ලංකාවට පැමිණි අතර වීර අලකේෂ්වර ඔවුන්ව පිළිගත්තේ නැත.ඒ නිසා ගෙන ආ පුද පඬුරු දෙව්නුවර උපුල්වන් දේවාලයට පූජා කර චීන, පර්සියානු, දෙමළ භාෂාවලින් ශිලා ලිපියක් ද පිහිටුවා ගොස් ඇත.

  • එය ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය ලෙස හැදින්වේ.

  • පසුකාලීනව පළිගැනීමක් ලෙස වීර අලකේෂ්වරව සිරකරුවකු ලෙස චීනයට ගෙන ගියේ ය.


කෝට්ටේ රාජධානිය 


  • ආරම්භක පාලකයා වන්නේ VI වන පරාක්‍රමබාහු රජතුමා ය.

  • විදාගම හිමියන් යටතේ කුඩා කල හැදී වැඩී ඇත.


හයවන පරාක්‍රමබාහු රජුගේ සේවාවන් 


  • වන්නි ප්‍රදේශය කෝට්ටේ රාජ්‍යට යටත් කර ගැනීම.

  • සපුමල් කුමරු යටතේ හමුදාව යවා යාපනය ජය ගැනීම.

  • උඩරට සාමන්ත පාලකයකු වූ ජෝතිය සිටුවරයා ඇති කළ කැරැල්ල මැඩ පැවැත්වීම.

  • රට එක්සේසත් කර ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම.

  • අධ්‍යාපනික හා සාහිත්‍යය කටයුතු වලට විශේෂ සේවාවක් ඉටු කිරීම.


හයවන පරාක්‍රමබාහු රජුගෙන් පසු දේශපාලන තත්වය


  • ඔහුගෙන් පසු උලකුඩය දේවියගේ පුතු විජයබාහු නමින් රජ වේ.

  • ඔහුගේ රාජ්‍ය කාළය කෙටි වූ අතර සපුමල් කුමරු ඔහු ජිවීතක්ෂයට පත් කර vi වන බුවනෙකබාහු නමින් රජ වේ.

  • මෙතුමාගේ කාලයේ පස්‍ යොදුන් සිංහල සංගය නමින් කැරැල්ලක් ඇති විය.


සිංහල සංගය

  • සිංහල සංගය යනු vi වන බුවනෙකබාහු රජුගේ රාජ්‍යත්වයට එරෙහිව ඇතිවන කැරැල්ලයි.

  • මෙයට කෑරගල වනරතන හිමි හා කැකුලන්දල සිරිවර්ධන පතිරාජ සම්බන්ධ වේ.

  • බුවනෙකබාහු රජුගේ මෙහෙයවීම මත අම්බුලුගල කුමාරයා විසින් මේ කැරැල්ල මැඩ පැවැත්විය.

  • අත් අඩංගුවට පත් කැකුලන්දල සිරිවර්ධන පතිරාජ ඇතුළු නායකයින්ට රජුගේ සමාව ලැබුනි.

  • ඒ සදහා පිහිට වූ අභයදාන ශිලා ලිපිය දැදිගම සෙල්ලිපිය ලෙස සැළකේ.




යාපනය හා වන්නියාර්වරුන් 


  • රජරට ශිෂ්ටාචාරය බිඳ වැටිමෙන් පසු ආරම්භ වූ තවත් රාජධානියක් ලෙස යාපනය රාජධානිය සැළකිය හැක.

  • යාපන රාජධානියේ තොරතුරු දැනගත හැකි මුලාශ්‍ර තුනකි.

1: යාල්පාන වෛපව මාලෛ

2: කෛලාය මාලෛ

3: ශේගරාශශේකර මාලෛ

  • ආරම්භක පාලකයා විජය කුලංකෛ ආර්ය චක්‍රවර්තී වේ.

  • පාලකයන් 12 දෙනෙකු යාපනයේ සිට ඇත.

වරෝදය

කුලසේකර 

වික්කිරම

මාර්තණ්ඩ

  • කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු සපුමල් කුමරු යවා යාපනය ජයගත් බව සදහන් වේ.


වන්නියාර්වරු

  • රජරට ශිෂ්ටාචාරය බිද වැටිමෙන් පසු නැගෙනහිර, උතුරු මැද, වයඹ වැනි ප්‍රදේශවල කුඩා පාලන ඒකක කිහිපයක් නිර්මාණය විය.

  • ඒවා පාලනය කළ අධිපතින් වන්නියාර්වරු ලෙස හැදින් වේ.





ආර්ථික රටාව


  • ප්‍රධාන ආර්ථික බෝගය කෘෂිකර්මාන්තය නොවූ අතර වසර පුරා අස්වැන්න ලබා ගත හැකි කොස්, දෙල්, පොල්, අල, බතල ප්‍රධාන ආහාර බෝග විය.

  • අහස් දියෙන් වී ගොවිතැන සිදු වූ අතර ඇතැම් ස්ථාන වල හේන් වගාව සිදු විය.

  • වාණිජ ආර්ථික බෝග වගාව සිදු විය.

උදාහරණ : කුරුඳු, ගම්මිරිස්, පුවක්, එනසාල්, සාදික්කා වැනි දෑද,

ඊට අමතරව මුතු, මැණික්, ඇතුන් හා ඇත් දළ වැනි වෙළද භාණ්ඩ

  • විදෙස් රටවල් සමඟ වෙළඳ සබදතා පැවැත්වීම.


ආගම


  • බුදු දහම ප්‍රධාන ආගම වීම.

උදාහරණ : දළඳා මන්දිර ඉදි කිරීම

  • දෙවිවරු වන්දනාමාන කිරීම.

උදාහරණ : උපුල්වන්, විභීෂණ, ස්කන්ධ කුමාර, සමන්

  • හින්දු ආගම ඇඳහීම.

උදාහරණ : ශිව දේවාල ඉදි වීම.

(ජයවර්ධන පුරයට යාබදව)

  • කෝවිල් ඉදි කිරීම.

උදාහරණ : හලාවත මුන්නේෂ්වරම්

  • මුස්ලිම් බැතිමතුන්ට වෙරළ ආසන්නයේ පල්ලි ඉදිකොට තිබුනි.


කලාව හා ගෘහ නිර්මාණ


  • දකුණු ඉන්දියානු ආභාෂය ලැබීම.

උදාහරණ : යාපහුවේ පියගැට පෙළ හා එහි කුළුණු

  • කාම්බෝජ හා පාන්ඩය ආභාෂ ලැබි ඇත 

  • ගඩලාදෙණිය විහාරයේ පිළිමගෙය දකුණු ඉන්දියානු අභාෂය ලබා ඇත.

  • පිළිමගෙට සම්බන්ධ කොට දේවාල ඉදි කිරීම.

ගඩලාදෙණිය 

ලංකාතිලක

  • ලී කැටයම් සහිත ගොඩනැගිලි ඉදි කිරීම.


සාහිත්‍යය 


යුගය

කෘතිය

කතුවරයා 

අනුරාධපුර යුගය

  • සියබස්ලකර

  • හෙරණසික

  • සිඛවකදවිනිස

  • දම්පියා අටුවා ගැට පදය



                -

පොළොන්නරු යුගය

  • මුවදෙව්දාවත

  • සසදාවත

  • ධර්ම ප්‍රදීපිකාව


                 -

දඹදෙණි යුගය

  • සද්ධර්මරත්නාවලිය 

  • පූජාවලිය

  • කව් සිළුමිණ

  • සිදත් සඟරාව

  • කාව්‍යශේඛරය 

  • දඹදෙණි කතිකාවත

ධර්මසේන හිමි


-

II වන පරාක්‍රමබාහු රජු

-

-

-

කුරුණෑගල යුගය

  • දළදා සිරිත

  • සිංහල බෝධි වංශය

  • පන්සිය පනස් ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය 




               -

ගම්පොළ යුගය

(ගගසිරිපුර)

  • මයුර හා තිසර සංදේශ

  • සද්ධර්මාලංකාරය

  • නිකාය සංග්‍රහය

  • උම්මග්ග ජාතකය




                -

කෝට්ටේ යුගය

  • ගුත්තිල කාව්‍ය

  • කාව්‍යශේඛරය 

  • ලෝවැඩ සගරාව

  • බුදු ගුණ අලංකාරය 

  • පැරකුම්බා සිරිත



                   -



  • කොට්ටේ යුගයේ පිරිවෙන් බිහිවිය.

1: පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ( IV වන පරාක්‍රමබාහු රජුගේ මව සිහි වීම පිණිස)

2:  කුරුණෑගල පද්මාවතී පිරිවෙන

3: දෙවිනුවර ඉරුගල්කුලතිලක පිරිවෙන

4: වීදාගම ඝනානන්ද පිරිවෙන





Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය