ගැහැණු දරුවන් වෙනුවෙන් .. ජිවිතේ සාර්ථක කරගන්නේ කොහොම ද?
ගැහැණු දරුවෙක් ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොම ද
ඔයාලා අහලා ඇති Feminism කියන ඉංග්‍රීසි වචනේ ?
මොකද්ද ඇත්තටම මේ බටහිර ලෝකේ මිනිස්සු වැඩි වැඩියෙන් කතා කරන Feminism කියන තත්වය..
ඒ තමයි කාන්තාවන්ටත් පුරුෂ පක්ෂයට සමානව අයිතිවාසිකම් තියෙන්න ඕන කියන එක…
මේක බටහිර ලෝකය තුළ ප්රාධානව කොටස් තුනකට බෙදලා කතා කරනවා… Three Waves Feminism කියලා…
Feminism කියන වචනේ ගොඩාක් තැන් වල විස්තර වෙනවා..
ඒ වගේම කාන්තාවන් මේ වෙද්දි ගොඩාක් අයිතිවාසිකම් දිනා ගෙනත් තියනවා.
ඇත්තටම මෙහෙම අපේ කතාව පටන් ගත්තට අපි අද මේ කතා කරන්න යන්නේ නම් feminism ගැනම නෙමේ..
ඒක ටිකක් කතා කරලා ඉවර කර ගන්න අමාරු topic එකක්…
සිප් මංසල හරහා අපි එක්ක ගොඩාක් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා..
ගොඩාක් ගැහැණු ළමයින්ට තමා අද අපේ කතාව වෙන් වෙන්නෙ…
පහ වසරෙදි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා 11 වසරදී සාමාන්‍ය පෙළ ලියලා 13 ට ගියාම උසස්පෙළත් ලියලා විභාගේ පාස් කරගන්න එකම ද කාන්තාවකගේ ජීවිතේට වැදගත් වෙන්නේ..
ඒ සියල්ල මත ඒ ගැහැණු දරුවාගේ අනාගතේ තීරණය වෙයිද ?
මගේ මතය අනුව නම් ගැහැණු ළමයෙක් සියළුම දේ ගැන හොද අවබෝධයක් ලබා ගත යුතුයි..
හැමවෙලෙම තමාගේ අනාගතේ ගැනම හිතලා දුර දිග බලලා වැඩ කළ යුතුයි..
ඉතිං එහෙම කරන්න නම් ගැහැණු ළමයි මොකද කරන්න ඕන..
මාත් එක්ක එකතුවෙලා ඉන්නේ සාමාන්‍ය පෙළ ලියන ළමයි ඉදන් ඊට ඉහළට ඉගෙන ගන්න ළමයි..
ඒනිසා මං ඒ මට්ටමේ අයට තමා මේ කතාව කියන්නේ….
ගැහැණු ළමයෙක් අනිවාර්යයෙන්ම හොදට ඉගෙන ගන්න ඕන…
සාමාන්‍ය පෙළ විභාගය පාස් කරගන්න එක ලොකු දෙයක් නෙමේ.
හරිම ලේසියෙන් ඒ කඩයිමට මුහුණ දෙන්න පුලුවන්..
හරිම පහසුයි…
ඇයි හැමෝම කියන්නේ විභාග අමාරුයි..
ෆේල් වෙයි කියලා..
එහෙම දෙයක් නෑ..
හරියට මාස දෙකක් මහන්සි උනු ළමයට පවා සාමාන්‍ය පෙළ විභාගය පාස් කරගන්න එක ලොකු දෙයක් නෙමේ…
ඉතිං ගැහැණු ළමයෙක් මුලින්ම කරන්න ඕන සාමාන්‍ය පෙළ විභාගය පාස් කරන් උසස්පෙළ විභාගයට මුහුණ දෙන එක…
ගොඩාක් අය විශ්ව විද්‍යාල වරම් ලබයි..
සමහර අය නැතිවෙයි..
ඒක ලොකු දෙයක් නෙමේ..
විශ්ව විද්‍යාල ජිවිත ජය නොගෙන ජීවිත සාර්ථක කරගත්ත පිරිස් අපි අතර ඕන තරම් ඉන්නවා…
ඉතිං ඒක මහා ලොකු දෙයක් නෙමේ…
ඉගෙන ගත්තා කියලම ජීවිත සාර්ථක වෙයි කියලා හිතන්න එපා..
ගැහැණු ළමයෙක් වුනාම ඕන තත්වයකට මුහුණ දෙන්න ලැස්ති වෙලා ඉන්න ඕන..
ඇත්තටම කිව්වොත් ලංකාවේ ඕනම තැනකට තනියම ගිහින් එන්න පුලුවන් වෙන්න ඕන…
ශක්තිමත් හිත තමයි ඕනම ගැහැණු දරුවකුට අවශ්‍යම වෙන්නේ..
සමහර වෙලාවට හොදට ඉගෙන ගෙන කැම්පස් ගියත් ගොඩාක් අය හිනා වෙනවා අවුරුදු විසි පහක් විතර මේ ළමයට තාම උයගන්නවත් බෑ කියලා..
ඇත්ත ,මිනිස්සු කියන කතා..
කවදාවත් ඔයාලා එහෙම නම් වෙන්න එපා..
ගැහැණු ලමයෙක්ගේ ජිවිතේට හැමදේම අවශ්‍ය යි…
ඕනම කෑමක් රසට හදන්න, තමන්ට අවශ්‍ය ඇදුමක් මහා ගන්න, අවශ්‍ය විදිහට ඕනම නිර්මාණයක් කරන්න…
මේ හැමදේම ගැහැණු ළමයෙක්ට පුළුවන් නම් ඒක ගොඩාක් හොදයි..
එහෙම වුනාම තමයි ගැහැණු දරුවෙක් සර්ව සම්පුර්ණයෙන් වෙන්නේ..
ඉගෙන ගන්නවා කියන එකම නෙමේ ජිවිතේ..
හැමදේටම හුරු වෙන්න ඕන..
ඒතකොට තමයි ඒ ජිවිතේ තව තවත් ලස්සන වෙන්නේ..
අනිවාර්යයෙන්ම Computer Course එකක් කරන්න ඕන..
ඕනම දෙයක් කරගන්න පුලුවන් වෙන්න ඕන ..
ඒවගෙම English Course එකක් කරලා හොදට ඉංග්‍රීසි ටික කතා කරන්න පුරුදු වෙන්න ඕනා..
ඒවා ජිවිතේ වැදගත්ම දේවල්..
ඔයාලා ජීවත් වෙන්නේ Post Modernism යුගයේ ඒ නිසා ඒ විදිහට හිතන්න පුරුඳු වෙන්න ඕන..
එහෙම නැත්තම් ගොඩාක් අයට තාමගේ අනාගතේ මුහුණ දෙන්න තියන ජිවිතේට මුහුණ දෙන්න අමාරුයි...
සමහර ළමයි ඉන්නවා ඉදිකට්ටක් අරගෙනවත් තමන්ගේ ඇදුම ගැලවුනු තැනක් මහ ගන්න දන්නේ නෑ..
මොන තරම් ලැජ්ජාවක් ද ඒක…
එහෙම වෙන්න එපා ඔයාලා නම්..
හැමදේටම කාලයක් තියනවා..
සාමාන්‍ය පෙළ ළමයි හොදට මේ කාලේ පාඩම් කරලා විභාගේ ලියලා ඉවර වෙලා ලැබෙන නිවාඩුවෙදී මේ දේවල් හිතන්න..
හැමෝටම ආසවෙන් කන්න පුලුවන් වෙන විදිහට කෑම ටිකක් හදා ගන්න උත්සාහ කරන්න ඕන..
ඒක ගොඩාක් ලේසී..
අම්මා උයන දිහා උවමනාවෙන් බලන් ඉදලා උත්සාහ කරන්න..
Youtube එකට ගිහිං බලන්න කොච්චර ලේසියෙන් පහසුවට උයන්න පුලුවන් ක්‍රම කියා දෙනව ද කියලා..
ඉතිං ඔයලටත් පුලුවන්..
කඩේට ගිහිං කන 🍕 Pizza එක කොච්චර ලේසියෙන් ගෙදරදි හදාගන්න පුලුවන් ද බලන්න..
කිසිම වස විසක් නෑ ගෙදරදි ඕන දෙයක් රසට හදන් කන්න පුලුවන්…
එක එක විස කාරක යොදපු කේක් අරන් ඇවිත් කනවට වඩා ගෙදරදි ඉතාම ලේසියෙන් කේක් එකක් හදාගන්න පුලුවන්…
ඒකට අවන් එකක්ම අවශ්‍ය නෑ…
කිසිම පහසුකමක් නැතිව උනත් ඔයාලට පුලුවන් මේ දේවල් ඉගෙන ගන්න..
ඒවගේම ගැණු ලමයෙක්ට පුලුවන් ලස්සනට නිර්මාණ කරන්න.
කඩෙන් ගෙනත් දෙන Happy Birthday කාඩ් එක ගෙදරදි කොච්චර පහසුවෙන් හදාගන්න පුලුවන් ද බලන්න..
රුපියල් දෙසීයක් විතර දීලා ගන්න කාඩ් එක රුපියල් 30ක වගේ අඩු මුදලකින් ලස්සනට හදාගන්න පුලුවන්..
එහෙම තමයි හැමදේම පුරුදු වෙන්න ඕන..
ඕන කෙනෙක්ට පහසුවෙන්ම මේ දේවල් කරන්න පුලුවන්..
නිකන් නාස්ති කරන කාලේ මේ දේවල් කරන්න පුලුවන් නම් කොච්චර දෙයක ද ?
ගොඩාක් වෙලාවට මේවා හොද ස්වයං රැකියා…
අනාගතේ ලක්ෂ ගණන් උපයන්න හැකියාවක් ලැබෙවී..
ඉගෙන ගන්න එකම නෙමේ ජිවිතේ..
තේ එකක්වත් හදාගන්න බෑ නම් මොකද්ද ඒ ජිවිතේ..
ඒ නිසා හැමෝම හැමදේටම හුරු වෙන්න ඕන..
මුල්ම දේ තමා ඉගෙන ගන්න ඒක..
කැම්පස් යන එක නොයන එක ඔයාලා අතේ…
ඒත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..
ඒක තමයි ප්‍රධානම දේ..
මුලින් ඉගෙන ගමු..
හැබැයි ගැහැණු දරුවෙක් නම් අනිත් හැමදේටම හුරු වෙමු…
ඔයාලා දැනටමත් ගොඩාක් ඉස්සරහින්…
නමුත් ඉදිරියත් එහෙමම වෙන්න ඕන…
ලස්සනට ජීවිතේ හදා ගමු..
ගැහැණු දරුවෙක් හොදට ඉගෙන ගන්න..
නැත්තම් ගොඩාක් ළමයි ජිවීට නිකං නාස්ති කරගන්නවා..
ගොඩාක් පසු තැවීම් වලට මුහුණ දෙනවා…
ඒ නිසා එහෙම වෙන්න එපා..
ගැහැණු ළමයෙක් වුනාම හැම දෙයින්ම සර්ව සම්පූර්ණ වෙන්නෙ..
හැමදේකීන්ම පිරිච්ච කෙනෙක් වෙන්නෙ..
එතකොට අනාගතේ ගොඩාක්ම ලස්සන වෙයි..
Pizza එකක් ගොඩාක් රසයි නේද ? හැමදේම තියනවා ..
නමුත් ඒ Pizza එකට තව චීස් ගොඩාක් එකතු කලොත් ඒක තවත් රස වෙයිනේ..
ඔයාලත් එහෙම තමයි දැනටමත් ගොඩාක් ලස්සනයි.. ගොඩාක් දේවල් පුලුවන්…
ඒත් මේ හැමදේකීන්ම සම්පූර්ණ වුනොත් ඔයාලගේ ජීවිතෙත් තව ගොඩාක්ම ලස්සන වෙවී..
ඔයාලට මේ ගැන හිතෙන දේ අනිවාර්යයෙන්ම Comment එකක් මඟින් යොමු කරන්න..
කිසිම කෙනෙක්ගෙ නමක් සදහන් වෙන්නේ නෑ.
ඒ නිසා තමන්ගේ මතය අනිවාර්යයෙන්ම පහළින් සටහන් කරන්න.
meka anivarayen aththa. ape ammai thaththai kiyanneth meka. ogollonta godak thankyou ,apiva thava dirimath karanavata
ReplyDelete🤘🤘🤘🤘🤘🤘
ReplyDeletesuper
ReplyDelete