ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික ආදේශනය 10 ශ්‍රේණිය ඉතිහාසය 06 පාඩම

 ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය



සිප් මංසල හරහා ලබා දුන් සියළුම ඉතිහාසය කෙටි සටහන් හා සියළුම පාඩම් වලට අදාල අනුමාන ප්‍රශ්න ලබා ගැනීමට ඔබට හැකියාව ඇත.

මුද්‍රණ ගාස්තු සහා තැපැල් ගාස්තු පමණක් අය කෙරේ. 

අවශ්‍ය අයෙක් වේනම් අපගේ වට්සැප් අංකයට ඔබේ තොරතුරු ලබා දෙන්න.

              

☎ :  070 371 1644


සමාජ සංවිධානය 

  • කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වා ගෙන යාමට ඉවහල් වන එකී සමාජයේ වෙසෙන පුද්ගලයන් සහා කණ්ඩායම් අතර පවතින සබඳතාවල ස්වරූපය සමාජ සංවිධානය යි.

  • සමාජ සංවිධානයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අනුපිළිවෙලක් තිබීමයි.

  • එය ධූරාවලියක් ලෙස හදුන්වයි.




සිරස් ධූරාවලිය

රජු

පුරෝහිත්

ඇමති

මහලේකම්

‍රජයේ නිලධාරින් 


තිරස් ධූරාවලිය


ඇමති                   සේනාධිපති                 භාණ්ඩාගාරික 





රජු

  • උත්තරීතර තනතුරකි.

  • ඊශ්වරයෙකු ලෙස යම් කාලවල දී හදුන්වා ඇත.

උදාහරණ : දඹුලු විහාරයේ කූටකණ්ණතිස්ස රජුට අයත් සෙල්ලිපියක නරඉසෙර යනුවෙන් හදුන්වා ඇත.

  • රජුගේ ප්‍රධාන කාර්යය වන්නේ,

  1. රටවැසියාට ආරක්ෂාව සැපයීම.

  2. රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීම.

  3. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම.


රාජ්‍ය නිලධාරීන් 

  • රද්කොල් සම්දරු යනුවෙන් හදුන්වා තිබේ.

  • භාණ්ඩාගාරික, ඇමති, පුරෝහිත, මහලේකම් ආදීන් අයත් වේ.


මහා සංඝරත්නය 

  • රජුට අනුශාසනා කිරීම හා ඇතැම් විට රජයට අනුශාසනා කර ඇත.

  • ක්‍රි.ව. 1 වන සියවසේ දී වැව් වලින් බදු අය කිරීම වැනි කාර්යයන් මහා සංඝරත්නය විසින් සිදු කර ඇත.


ගිහි ප්‍රභූන්

  • ධනවත් වෙළඳ ප්‍රධානීන්, නාවිකයන්, වෛද්‍යවරු හා ගුරුවරු මීට අයත් විය.


සාමාන්‍ය ජනතාව

  • සාමාන්‍ය ජනතාව කුඩීන් ලෙස හඳුන්වා ඇත.

  • ගොවීන්, එඬේරුන්, වළං සාදන්නන්, මැණික් කපන්නන්, කම්මල්කරුවන්, ධීවරයින් සහ වෙනත් කටයුතු වල් නිරත වූ පුද්ගලයෝ මීට අයත් විය.


දාසයන්

  • ඉහත සියල්ලන්ගේ ම දාස වැඩ කිරීම පැවරී තිබුනේ මොවුන්ට ය.

  1.  පාරම්පරික දාසයන් (අන්වයාතදාස)

  2. කුලියට ලබා ගත හැකි දාසයන් (ධනක්කීතදාස)




නීතිය සහ සම්ප්‍රදාය


  • සමාජයක් යහපත් වීමට පොදු පිළිගැනීම් අවශ්‍ය වේ. නීති බවට පත්වන්නේ  මෙම පිළිගැනීම් ය.

මෙය ආකාර දෙකකි.

  1. ලිඛිත නීති පද්ධතිය 

  2. සම්ප්‍රදායානුකූලව පැවත එන දෑ


  • මානවම්ම රජ දවස සෙල්ලිපිවල නීතිය හා සම්බන්ධ ආයතන ගැන සඳහන් වේ.

වදාළ : 

  • ව්‍යවස්ථාදායකය මෙලෙස හදුන්වා ඇත. රටක නීති සම්පාදනය/ නීති සකස් කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායකය තුළ ය. වර්තමානයේ පාර්ලිමෙන්තුව නමින් හැදින් වේ.

            සභාව :

  • අධිකරණය මෙසේ හදුන්වා ඇත. පැනවූ නිතී ක්‍රියාත්මක කිරීම අතීතයේ සිදුව ඇත්තේ සභාව මඟිනි.

            විධායකය :                    

  •  නීති නියාමනය කිරීම අතීතයේ ක්‍රියාත්මක කළේ ආරක්ෂක නිලධාරීන් විසිනි. 'මේකාප්පර්' යනුවෙන් හදුන්වා ඇත්තේ මොවුන් ය. එසේම දණ්ඩනායක නමින් ද හඳුන්වා ඇත.

උදාහරණ : පළමු වන විජයබාහු රජතුමාට සතුරු කරදර පැමිණි සමයේ ආරක්ෂාව ලබා දුන්නේ සිත්නාරුබිම් බුද්ධනායක නම් දණ්ඩන්නයකවරයෙක් බව පළමු වන විජයබාහු ලියන ලද පනාකඩුව තඹ සන්නසේ සඳහන් කොට තිබේ.




බදු නීතිය


වැව් පරිපාලනය හා ඉඩම් පරිහරණය සම්බන්ධ ව බදු නීතී පනවා ඇත.

බදු වශයෙන් රජයට ගෙවිය යුතු වන්නේ නිෂ්පාදනයෙන් හයෙන් එකකි.

බදු වර්ග

  • දකපති (සංස්කෘත : උදකප්‍රාප්ති) - වැව්වල ජලය භාවිත කරන්නන්ගෙන් අය කළ බද්ද

  • බොජකපති (සංස්කෘත : භෝජකප්‍රාප්ති) - රජුට අයත් ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද

  • මතරමජිබක (සංස්කෘත : මාත්‍රිකමත්ස්‍යාභාග) -  ඇළ මාර්ගවල මත්ස්‍යයින් ඇල්ලීම වෙනුවෙන්  රජය අය කළ බද්ද


පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ නීති රීති


  • නිසි කල සී සෑම නොකරන පුද්ගලයින්ට කළං පහක දඩයක් නියම කිරීම සම්බන්ධ නීතියක් පිළිබඳ කොණ්ඩවට්ටවාන් ටැම් ලිපියේ දැක් වේ.

  • කෘෂිකාර්මික කටයුතු මැනවින් පවත්වා ගෙන යා යුතු බව සම්බන්ධ සෙල්ලිපියක් හතර වන මහින්ද රජු විසින් අනුරාධපුර වෙස්සගිරිය සෙල්ලිපියේ සඳහන් කර ඇත.

එහි වැඩි දුරටත් සඳහන් වන්නේ වැව්වලින් ගොවිතැන් කරන කුඹුරුවල සිහිනැටි, වී, මිස, මුං ඇට වැපිරීම නොකළ යුතු බවයි.

  • වෙළදාම සම්බන්ධ නීති රීති බදුලු ටැම් ලිපියේ (සොරබොරවැව ටැම් ලිපියේ) හතර වන උදය රජු විසින් සඳහන් කර ඇත.

රජු මහියංගණ විහාරයට ගමන් කරන විට හෝපිටිගමුව නම් ස්ථානයේ තිබු රජයේ වෙළඳපළකට පැමිණ එහි සිදුවෙමින් පැවති අකටයුතු කිහිපයක් වළක්වමින් මෙම නීති පනවා ඇත.


බදුල්ල ටැම් ලිපියේ සඳහන් නීති

  • හෝපිටිගම වෙළඳපළ සීමාවේ වෙළඳාම් කරන අයගෙන් පමණක් බදු අය කළ යුතු වන අතර වෙළඳපළ පසු කර යන්නන්ගෙන් බදු අය නොකළ යුතු බව.

  • නිලධාරීන්ට නොපෙන්වා භාණ්ඩ විකුණන අයගෙන් දෙගුණයක් බදු අය කළ යුතු බව.

  • රජයේ නිලධාරීන් විසින් ප්‍රමිතිගත නොකරන ලද මදටිය බර (තරාදි පඩි) යොදා වෙළඳාම් නොකළ යුතු බව.

  • බුලත් හා පුවක් ඒ සඳහා සකස් කරන ලද මඬුලුවල පමණක් තබා වෙළඳාම් කළ යුතු බව.

  • පොහොය දිනවල වෙළෙඳාම් කළ අයගෙන් දඩයක් ලෙස තෙල් බද්දක් අය කළ යුතු බව

                              

සතුන් මැරීම සම්බන්ධ නීති රිතී පහත සෙල්ලිපිවල සඳහන් වේ.

  • මාඝාත නීතිය - අමණ්ඩ ගාමිණි අභය රජු මෙම නීතිය පනවා ඇති අතර කිසිම සතෙකු නොමැරිය යුතු බව මෙහි සඳහන් වේ.

  • හතර වන මිහිඳු රජු කරවන ලද මිහින්තලා පුවරු ලිපියේ දැක්වෙන්නේ මී හරකුන්, එළ හරකුන් සහ එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම පනවන බවයි.

  • නිශ්ශංකමල්ල රජතුනා විසින් ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතු බවට නීතීයක් පනවා තිබේ.


අපරාධ නීතිය සම්බන්ධ නීති

මේ පිළිබඳ තොරතුරු  හමු වන්නේ හතර වන මිහිඳු රජු විසින් කරවන ලද වේවැල්කැටිය සෙල්ලිපියෙනි.

සොරකම හා මිනී මැරීම් සඳහා දඬුවම් එහි විස්තර වේ.

මිනී මැරීම් සඳහා දඬුවම එල්ලා මැරීමයි.

හරක් සොරකම් කර අසුවුවහොත් සතුන් සොයා අයිතිකරුවන්ට බාර දී හරකුන්ගේ ශරීරවල තිබෙන මුද්‍රාව රත් කොට සොරකම් කළ අයගේ නළලේ තැබීමට අණ කර ඇත.


සැඟවී සිටින අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා වගකීම පවරනු ලැබූවේ අපරාධකරුවන් අයත් ගම්වැසියන්ට ය. අපරාධකරු අල්ලා ගන්නා තුරු ඔහු ජීවත් වූ ගමේ වැසියන් රජයට බද්දක් ගෙවිය යුතු ය. එම බද්ද 'ගෘහදණ්ඩ'  වේ.





මුදල් හා විනිමය


  • විනිමය යනු ආර්ථික අරමුණකින් සිදු වූ හුවමාරු ක්‍රියාවලිය යි. මේ සඳහා වෘත්තාකාර මැටි කවච අතීතයේ දී භාවිතා කර ඇත.

  • කාසි භාවිතා වීනට ආර්ම්භ කෙරුනේ ක්‍රි.වු. 250 දී පමණ ඉන්දියාවෙන් පැමිණි වෙළෙදුන් විසින් ගෙන ආ රිදී කාසී විශේෂයකි.

  • ඒවා හස්එබු කාසි නමින් ද, සෙල්ලිපිවල කහපණ නමින් ද, සාහිත්‍යයේ කහවනු ලෙසින් ද හදුන්වා ඇත.

  • ලංකාවේ නිපද වූ පළමු කාසිය ලෙස විද්‍යාඥයන් හඳුනා ගෙන ඇත්තේ අලියකුගේ හා ස්වස්තිකයක රූකම් කළ කාසියයි.

  • කාසි අච්චු හැසීමේ නිලධාරියා 'රුපදක' නැතහොත් රූප අධ්‍යක්ෂක ලෙස ද හඳුන්වා ඇත.

  • කාසි වෙනුවට ලෝහ බර වටිනාකමක් ලෙස භාවිතා කර ඇත.

            උදාහරණ : අභයගිරියෙන් හමු වූ ලෝහ කැබැල්ල මත "රන් දෙවිසි කළඳයි" ලෙස සඳහන් කර තිබුනි.

වෙස්සගිරිය සෙල්ලිපියට අනුව් වීරාංකුර නම් විහාරයකට හතර වන කාශ්‍යප රජතුමා විසින් රන් කලං 200ක් පුජ කර ඇත.

  • දේශීය කාසිවලට අමතරව චීන, රෝම, අරාබි, බ්‍රිතාන්‍ය, ඉන්දියානු හා V.O.C. කාසි(පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට අයත් කාසී) ද හමුව ඇත.




කාන්තා නියෝජනය

පැරණි සමාජයේ කාන්තාව ගෞරවයෙන් හා උසස් අන්දමින් ජීවත් වූ බව සාහිත්‍යය මුලාශ්‍ර වලින් පැහැදිලි වේ.

අතීත කාන්තාව පාලනයට ද සහාභාගි වී ඇත.

උදාහරණ : 

  • චූලසීවලී නමින් හැඳින් වෙන මහා රැජිණක් පිළිබඳ සෙල්ලිපියක් ලාහුගල පිහිටි නිල්ගිරි සෑය අසලින් හමු වී ඇත.

  • ලීලාවති රැජින තෙවරක් රට පාලනය කර ඇත.

  • සුගලා බිසව, කල්‍යාණවතී රැජින පාලනයට සම්බන්ධ වී ඇත.

පැරණි සමාජයේ කාන්තාව උපරිම නිදහසක් භුක්ති වින්දහ.

  • තම ස්වාමියා දුරු රටා වෙළෙඳාමේ නියැලි වසර තුනකින් නැවත පැමිණෙන තුරු හුදකලාව කාලය ගත කළ කාන්තාවක් ගැන 'රසවාහිනියේ' සඳහන් වේ.

දෙමාපියන් විසින් තම දියණියන් සූප ශාස්ත්‍රයෙහි නිපුණ කල යුතු බව 'සහස්සවත්ථුප්පකරණයේ'  දැක් වේ. 

  • සාලිය කුමරුගේ බිසව අශෝකමාලා කුමරිය එවැන්නියකි. මෙවැනි කාන්තාවන් 'මධුපාචිකා' යනුවෙන් හදුන්වා ඇත.

ප්‍රාදේශිය පාලනයේ යෙදුනු කාන්තාවන් පිළිබඳ බ්‍රාහ්මණයාගම සෙල්ලිපියේ දැක්වේ.

  • පරුමකලු සමනා නම් කාන්තාවක් පිළිබඳ එහි සඳහන් වේ.

පැරණි කාන්තාවන්ට ශාසනික කටයුතු කිරීමේ නිදහස හිමි වී තිබුනි.

  • කොක්ඇබේ සෙල්ලිපියට අනුව භාතියතිස්ස රජු දවස තලතා ලක්ෂ්මී නම් කාන්තාවක් තම දේපලවලින් කොටස භික්ෂූන් වහන්සේලා සඳහා පුජා කර ඇත.

පැරණි කාන්තාවන් තමන්ගේ රූපලාවණ්‍යය කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇත.

  • උඩරංචාමඩම නිවසින් සොයා ගන්නා ලද ලෝහ කූරක් සහා ගුරු ගල්

  • ඉන්දියාවෙන් ගෙන්නන ලද පබළු මාලයක් ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හමු විය.




දේශිය ආහාර

  • පුරාණ මිනිසුන් දේශීය ව වැවෙන දෑ ආහාරයට ගත් බවට සාක්ෂියක් වන්නේ කිතුල්ගල බෙලි ලෙනේ වාසය කළ ප්‍රාග් ඓතිහාසික ජනයා වල්දෙල් හා ඇටිකෙසෙල් ආහාරයට ගත් බවට සාක්ෂි හමු වීමයි..

  • ආහාර සඳහා බහුල ව භාවිතා කළ ධාන්‍ය වූයේ වී හා කුරක්කන් ය.

  • මීට අමතරව උඳු, මුං, තල, මෑ, අමු, මෙනේරි, කොංගු, වරු, යව ආදි දෑ ද ආහාරයට ගත්තහ.

උදාහරණ : 

  • කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජු කරවූ තෝණිගල සෙල්ලිපියේ වී උඳු, මුං සහා තල ගැන සඳහන් වේ.

  • සද්ධර්මරත්නාවලියේ දැක්වෙන්නේ ලංකාවේ ප්‍රභූවරුන් අතර සුවඳ ගිතෙලින් පිසු මොනර මස් හා ඇල් හාලින් හැදු බත් ප්‍රසිද්ධ බවයි.

  • දූගී ජනයා ආහාරයට ගත්තේ පලා මාළුව, කාඩි ඇඹුල හා නිවුඩු හාලේ බත් ය.

කාඩි ඇඹුල : සහල් පිටි පල් කර සාදා ගන්නා ඇඹුලක්

  • පැරණි ලාංකිකයන් කැඳ වර්ග පානයට කැමැත්තක් දැක්විය. 

(කැඳ යන වචනය පැරණි පොත්වල දැක්වෙන්නේ යාගු හා හම්බු වශයෙනි)

ධාන්‍ය වර්ග බැද කුඩු කොට සදා ගන්නා අත්සුණු නම් ආහාරයක් ගැන සඳහන් වේ.

  • අල වර්ග ද ආහාරයට ගෙන ඇත.

වැල් අල, කුකුළල, කටු අල, කොඬල, බතල ආදී අල වර්ග ගැන සද්ධර්මලංකාරයේ දැක් වේ.

  • එළවළු වර්ගා ආහාරයට ගෙන ඇත. 

වැටකොළු, තම්පලා, වැරණිය දලු, කර කොළ, ලුණුවිල කොළ, ලබු, පුහුල්, කරබටු, කැකිරි, තිබ්බටු, නෙළඹු අල, මුරුංගා වැනි දෑ ආහාරයට ගෙන ඇත.

  • එළවළු පිසීම ආකාර තුනකට විය. ඒ ආනම, ඇඹුල සහා නියඹලාව යනුවෙ දැක් වේ.

  • ව්‍යංජන රසවත් කිරීමට කුළුබඩු වර්ග යොදා ගෙන ඇත.

  • ආහාර පිසීමට ගත් තෙල් කන තෙල් යනුවෙන් හැදින් වු අතර දුන්තෙල් හා ගිතෙල් ඒ අතර ප්‍රධාන විය. සුළු වශයෙන් පොල්තෙල් ද භාවිත විය.

  • විව්ධ කැඳ වර්ග භාවිත විය.

දිය කැඳ : සහල් වතුරෙන් තම්බා ලුණු මිශ්‍ර කරගත් කැඳ්

යවාගු / උළුකැඳ / ලුණු කැඳ  :  සහල් එක් කොටසකට වතුර කොටස් හයක් යොදා රෝගින්ට සාඳන කැඳ

ඇඹුල්හඹු / ඇඹුල් කැඳ : බෙහෙත් ගුණ ඇති කොළවර්ග යොදා සකස් කළ කැඳ වර්ග

  • සත්ත්ව ආහාර පරිභාජනය ද දක්නට ලැබුනි.

ගොඩබිම වෙසෙන සතුන්ගේ මස් මෙන් ම මාළු වර්ග ද ආහාරයට ගැනුණි.




පරිසරය ආරක්ෂා කර ගැනීම


  1. පරිසරය ආරක්ෂා කර ගැනිමේ වැදගත්කම නිරන්තරයෙන්ම පැරණි පාලකයෝ සිහිපත් කළෝ ය.

  • හතර වන මිහිඳු රජතුමා පිහිටවූ අනුරාධපුර පුවරු ලිපියේ උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකැපිය යුතු බවට නියෝග කර ඇත.

  1. උස්බිම්වල ඇති වනාන්තර කපා දැමීමෙන් නාය යැම් ආදී අනතුරු සිදු වේ.

  • තුන් වන උදය රජු විසින් පිහිට වූ බුද්ධන්නෙහෙල නම් ස්ථානයේ පිහිට වූ සෙල්ලිපියක 'වල් වල දඬුපත් නොකපනු ඉසා' යනුවෙන් සඳහන් වේ. එහි අදහස කැලෑවල ගස් නොකැපිය යුතු බවයි.

  • පස් වන කාශ්‍යප රජු පිහිට වූ කොණ්ඩවට්ටවාන් ටැම්ලිපියේ සඳහන් වන්නේ ගස්කොළන් කළමණාකරණයේ දී රජය විසින් පනවා තිබෙන නීතී රීතිවලට අනුකූල ව ක්‍රියා කරන ලෙස රජයේ නිලධාරීන්ට උපදෙස් දී  ඇති බවයි.

  1. ස්වාභාවික පරිසරයේ ජීවත් වන සතුන් ආරාක්ෂා කර ගැනීම, පස ආරක්ෂා කර ගැනීම ආදී දේට අයත් නීති රීති පිළිබඳ සෙල්ලිපිවල සඳහන් වේ.


Comments

  1. මේ කෙටි සටහන් ගොඩාක්ම පැහැදිලි . ලේසියෙන් පාඩම් කරගන්න පුලුවන්. සිප් මංසල ගෲප් එකට එකතු වෙලා දැන් අවුරුදු එකහාමාරක් විතර. හැමදාම දෙන නෝට් ගොඩාක් වටිනවා. අපි ඉල්ලන ඕනම දෙයක් ඉක්මනට හොයලා දෙනවා ඉගෙන ගන්න අපි වගේ අයට මේ වැඩසටහන ගොඩාක්ම වටිනවා...
    ගොඩාක් පිං.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය