බුද්ධ ධර්මය කෙටි සටහන්

 බුද්ධ ධර්මය කෙටි සටහන්



පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳව කරුණු විග්‍රහ කරන සූත්‍ර 3

1: ව්‍යග්ගපජ්ජ සූත්‍රය 

2: මහා මංගල සූත්‍රය

3: පරාභව සූත්‍රය  


බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු හතරක් දේශනා කර ඇත. 

1: උට්ඨාන සම්පදා

2: ආරක්ඛ සම්පදා 

3: කල්‍යාණ මිත්තතා 

3: සමජීවිකතා 


උට්ඨාන සම්පදා යනු යම් රැකියාවක් උත්සහය දෑතේ මහන්සියෙන් ධාර්මිකව ක්‍රියා අනුගමනය කිරීමෙන් කළ යුතු බවයි  .


ධාර්මික රැකියා *හයක්*📍📌 බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇත.

කෘෂිකර්මාන්තය

වෙළදාම 

ගවයන් රැක බලා ගැනීම

දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවාව

රාජ්‍ය සේවය 

වෙනත් කර්මාන්ත 


ආරක්ඛ සම්පදා යනු ධාර්මික උපයාගත් ධනය   විනාශ නොකර ආරක්ෂා කර ගැනිමයි.


ධනය විනාශ වන ක්‍රම 4යි. *ව්‍යග්ඝපජ්ජ* 📎සුත්‍රය්‍රෙ දැක්වේ.


1: රජයට අයත් වීම

2: සොරුන් විසින් පැහැර ගැනීම

3: ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වීම

4: තමා ප්‍රිය නොකරන අයට අයත් වීම..


කල්‍යාණ මිත්තතා

යහපත් මිතුරන් ඇසුරු කිරීමයි.


*සමජිවී කතා*📎📌

*තමාගේ ආදායම හා වියදම හොදින් දැන අදායමට වඩා අඩු වියදමක් පවත්වා ගැනීමයි.*


*වැඩියෙන් වියදම් කරන්නා අවිචාරයෙන් අත්තික්කා කන්නෙකුට සමාන කරයි.*📌


*මහා මංගල සූත්‍රයේ* 3️⃣8️⃣පුද්ගලයන්ගේ දියුනුවට අදාල කරුණු *තිස් අටක්* දැක්වේ.

 1: අනුවණයන් ඇසුරු නොකිරීම 

2: නුවණැත්තන් ඇසුරු කිරීම 

3: සුදුසු ප්‍රදේශයන්හි වාසය කිරීම 

4: දරුවන්ට සංග්‍රහ කිරීම 

5: භාර්යාවන්ට සංග්‍රහ කිරීම දන් දීම  

6: මවුපියන්ට උපස්ථාන කිරීම.


*පරාභව සූත්‍රයේ* පුද්ගලයන් පිරිහෙන ක්‍රම  12ක් 1️⃣2️⃣ දෙවි කෙනෙකු ඇසු ප්‍රශ්නයකට දේශනා කර ඇත.


1: ධර්මයට අකමැති වීම 

2: අසත්පුරුෂයන්ට ප්‍රිය වීම 

සත්පුරුෂයන්ට ප්‍රිය නොවීම 

අසත්පුරුෂ ධර්මය ට ප්‍රිය වීම 

3: නිතරම නිදන සුළු බව

 කතාවෙන් දවස ගෙවීම 

උත්සාහයෙන් තොර වීම 

අලසකම 

4: මහලු වියට පත් වැඩිහිටියන්ට හැකියාව තිබියදී නොසැලකීම 

5: බමුණන් පැවිද්දන් හා වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම


චතුර්විද සැප *(අනිවාර්යයෙන්ම විභාගෙට එන ප්‍රශ්නයක්)*📌📌


අත්ථි සුඛ 

භෝග සුඛ 

අනන සුඛ

 අනවජ්ජ සුඛ  


අත්ථි සුඛ - *උත්සාහයෙන් හා දෑතේ මහන්සියෙන් දහඩිය වගුරවමින් ධාර්මික උපයාගත් ධනය තමන්ට ඇතැයි සිතා යමෙක් සතුටු වීම .*


භෝග සුඛ - *උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් දහඩිය වගුරවා ධාර්මිකව උපයාගත් ධනය පරිභෝජනය කිරීමෙන් ලබන සැපය.*


අනණ සුඛ - *තමන් කිසිම අයෙකුට කිසිම ආකාරයට ණයක් නැතැයි කියා හිතා  සතුටු වීම*


අනවජ්ජ සුඛ  - *නිවැරදි වූ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම යුතුව ක්‍රියාත්මක කිරීමෙන් ආර්ය ශ්‍රාවක සැපයට පැමිණීම සොම්නසට පැමිණීම එය සුඛය.*


*බුද්ධ කාලීන භාරතයේ පාලන ක්‍රම දෙකයි.*

*1: රාජාණ්ඩු පාලනය*

  2: *සමූහාණ්ඩු පාලනය හෙවත් ගණතන්ත්‍ර පාලනය*.


වජ්ජි රජදරුවන් කළ පාලනය අයත් වූයේ සමූහාණ්ඩු පාලනයටයි. පාලනයේදී හොද පාලනයක් සදහා ඔවුන් ක්‍රම *7ක්* අනුගමනය කළේය. 

ඒවා *සප්ත අපරිහානීය ධර්ම වේ*..


*1: නිතර නිතර රැස්වීම*

*2: සමගියෙන් රැස්ව ,සමගි ව සාක්ව්කොට,සමගිව විසිර යාම*


නිතර රැස්වී ප්‍රශ්න සාකච්ඡා කරන විට ජනතාවගේ ප්‍රශ්න රජය දැනගනි.  රටතුළ පවතින වාතාවරණය පාලකයෝ දැන ගනි.


එසේම සමගිව සාකච්ඡා කිරීමෙන් පාලනයට පහසු ක්‍රම ඕනෑම දෙයක් සාකච්ඡා කර ගත හැක. බොහෝ පිරිසක් එක්ව සාකච්ඡා කර තීරණ ගත් විට ගන්නා තීරණ වඩාත් හොද වේ. මන්ද යත් එක අයෙක් පමණක් තීරණ ගන්නේ නම් ඒකාධිපති පාලනයක් බිහි වේ.. එනිසා හැමෝම සාකච්ඡා කර ප්‍රශ්න විසදගෙන තීරණ ගැනීම වඩාත් යෝග්‍ය වේ.


*3:පෙර නොපැනවූ නීති නොපැනවීම සහ පනවන ලද නීති කඩ නොකොට ආරක්ෂා කර ගැනීම*  


රටක නීති හැමවිටම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ එම නිසා  එම නිතී ඒ අයුරින්ම පවත්වාගෙන ආරක්ෂා කරගත යුතුය... ජනතාව වෙනුවෙන් නිර්මාණය කළ නීතී වෙනස් නොකොට පවත්ගෙන යා යුතුය.


*4: වැඩිහිටියන්ට සහ ඔවුන්ගේ අදහස් වලට ගරු කිරීම* 

හැමවිටම රට තුළ සිටින වැඩිහිටියන්ගේ උපදෙස් රැගෙන ඒ අනුව ඔවුන් ලබාගත් ආදර්ශ අනුව පාලන කටයුතු සිදුකළ යුතුය.


*5: කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම*  


කාන්තාවන් යනු සමාජයේ වැදගත් ම කොටසකි. මන්ද යත් මව්වරුන් ලෙස ඔවුන් විශාල කාර්යයක් ඉටු කරයි එම නිසා එම පිරිස රැක ගැනීම රාජ්‍ය පාලකයන් සතු වගකීමකි ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීය යුතුය..


*6:  වජ්ජි රාජ්‍යය ඇතුළත සහ පිටත පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම සහ කඩනොකොට පුදසිරිත් පවත්වාගෙන යාම*

ආගම යනු වැදගත් අංගයක් වන අතර ආගමට අනුව සියලු කටයුතු කිරීමට  පාලකයෝ බැඳී සිටිති.

පාලකයෝ හැම විටම භික්ෂුන් වහන්සේලා උපදෙස් මත කටයුතු කරයි.. අවශ්‍ය අවවාද අනුශාසනා ලබා ගනියි...වජ්ජි රජ දරුවෝද මෙසේ කටයුතු කර ඇත.


*7: තම රාජ්‍යයට පැමිණි සහ පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම* 


පූජනීය උතුමන් හා පූජනිය ස්ථාන  යනු වැදගත් අංගයකි.එම නිසා පූජනීය උතුමන් ආරක්ෂා කරයුතුයි.  වෙනත් රාජ්‍ය වලින් පැමිනෙන පූජනිය උතුමන්ට පවා පහසුකම් සැපයීනට වජ්ජි රජ දරුවෝ කටයුතු කර ඇත.


*දස සක්විති වත්*

*සප්ත අපරිහාණි ධර්ම*

*සතර සංග්‍රහා වස්තු*

දානය 

ප්‍රියවචනය

අර්ථචර්‍යාව

සමානත්මතාව


*සතර අගතියෙන් තොර වීම*

ඡන්දය

ද්වේෂය

භය 

මෝහ


මේ ටික හොදට පාඩම් කරන්න...


*පංච නීවරණ*📌


*නීවරණ යනු නිවන් මාර්ගය අවුරා දමන හේතු පහකි. නිවන සඳහා බාධක වන කරුණුය.*

  

*කාමච්ඡන්ද යනු කාම වස්තු කෙරෙහි ආශාව බහුලව පැවතීමයි .*


*ව්‍යාපාද යනු හිතේ ඇතිවන තරහයි.*


*ථීන මිද්ධ යනු සිතෙහි කයේ පවතින නිදිමත ගතිය යි*.


*උද්ධච්ච කුක්කුච්ච යනු සිතෙහි පවතින කැළඹුණු ගතිය සහ නොසන්සුන් කමයි* .


*විචිකිච්ඡාව යනු සිතෙහි පවතින සැකයයි*


*කාමච්ඡන්දය  = වර්ණවත් ජලයට*  

*ව්‍යාපාදය = රත් වී උතුරා බුබුලු දමන ජලයට*

*ථීනමිද්ධ = පාසි  සහිත ජලයට* 

*උද්ධච්ච කුක්කුච්ච =  කැළඹුණු ජලයට*  

*විචිකිච්ඡාව = බොර සහිත ජලයට*


ගර්භයේ ස්වරූපය අනුව ප්‍රධාන ස්තූප හයකි  


ඝණ්ටාකාර -  ඝණ්ඨාරය හැඩය 

ඝඨාකාර -  කළයක හැඩය

 බුබුලාකාර - දිය බුබුලක හැඩය

 ධාන්‍යාකාර -  ධාන්‍ය ගොඩක හැඩය  

පද්මාකාර - පියුමක හෙවත් නෙළුම් මලක හැඩය ආමලකාකාර - නෙල්ලි ගෙඩියක හැඩය  



*ථූපාරාමය, මහියංගණය ස්තූප* - ඝණ්ඨාකාර  

*රුවන්වැලිය , අභයගිරිය* - බුබුලාකාර ස්තූප 

*කැලණිය රජමහා විහාරය* - ධාන්‍යාකාර ස්තූප

*කතරගම කිරිවෙහෙර* - ඝඨාකාර 

*දැදිගම කොටවෙහෙර* - පත්මාකාර


*පූජාවලිය*


🔴 නව අරහාදී බුදු ගුණ වල *අරහං* බුදුගුණය තේමා කරගෙන පූජාවලිය රචනා වී ඇත.

🔴රචනා කර ඇත්තේ මයුරපාද පිරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන්ය.

🔴දෙවැනි පැරකුම්බා රජුගේ ඇමතිවරයෙකු වූ දේවපතිරාජගේ  ආරාධනාවෙන් මෙය නිම වී ඇත.

🔴පරිච්ඡේද 34 කි.

🔴බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස අවධියේ දී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතය මෙහි විස්තර කෙරේ.

🔴බුදුරජාණන් වහන්සේට සිදු කරන ලද පූජාවන් පිළිබඳව මෙහි විස්තර කෙරේ.


*දහම් සරණ*


🔵බුත්සරණ රචනා ශෛලිය ට අනුව දහම් සරණ ද රචනා කර ඇත.

🔵"බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු" යනුවෙන් බුත්සරණය නිතරම සඳහන් වේ.

🔵කතුවරයා කවුරුන් ද යන්න නිශ්චිතව දැක්විය නොහැක නමුත් විද්‍යාචක්‍රවර්තීන් මේ රචනා කළ බව ඇතැමුන් පිලි ගනී.

🔵විශුද්ධි මාර්ගයේ දැක්වෙන ධම්මානුස්සතිය පදනම් කරගෙන දහම් සරණ ලියවී ඇති බව විද්වත් මතයයි.


*සඟ සරණ* 


🟣තිසරණ පෙළේ තෙවැන්න සඟසරණ වන අතර මෙය විද්‍යාචක්‍රවර්තීන් ගෙන් කෘතියක් ලෙස පිළිගනී.

 🟣සංඝරත්නයේ ගුණ පිළිබඳව ජනතාවට කෙටියෙන් පැහැදිලි කර දීම මෙහි තේමාව විය.

🟣ත්‍රිපිටක අට්ඨකථා වලින් සහ විශුද්ධි මාර්ගයේ ලබාගත් තොරතුරුවලින් මේ කෘතිය රචනා වී ඇත.


*කව්සිළුමිණ*  📌


🔵භාරතීය අලංකාර ශාස්ත්‍රයෙන් ලංකාව තුළ නිර්මාණය වූ විශිෂ්ටතම මහා කාව්‍යය කවිසිළුමිණ වේ.

 🔵කුස දා කව ලෙස හැඳින්වූ මෙය ලංකාවේ ප්‍රකට වූයේ කවිසිළුමිණ ලෙසිනි.

 🔵මෙහි රචකයා ලංකාවේ රජකල දවස වීයේ රජකළ දෙවැනි පැරකුම්බා රජු ය.

 🔵මේ සඳහා පාදක වූයේ කුස ජාතකයයි.

 🔵 මේඝදූතයේ වැනි සංස්කෘතික මහා කාව්‍ය වල අන්තර්ගත රීති භාවිතායෙන් රචනා වී ඇත.

 🔵ශුංගාර සේ දනවන ලෙස රචනා වී ඇත  

 🔵සර්ග පහළොවකින් සහ ගී 770 කින් යුක්ත වේ. 

 🔵ගත්කරු,පොතේ වස්තුවත්, එහි දැනුමත්, ඇතුළත් කළ දේත්, කාර්ය රසයත්, උපදේශයක් දැන මේ සියලුම අංග අඩුවක් නොමැතිව කව්සිළුමිණට තිබීම එහි විශේෂ ලක්ෂණයක් බව පුංචි බණ්ඩාර සන්නස්ගල පවසා ඇත.


අප හා එක්වු ඔබට ස්තූතියි ..

ඔබට අවශ්‍ය වෙනත් කෙටි සටහන් තිබේනම් comment මගින් අප වෙත යොමු කරන්න.

Comments

  1. මට අනිත් පාඩම් වල කෙටි සටහනුත් ඕන

    ReplyDelete
  2. ගොඩාක් සරල පැහැදිලි විදිහට නෝට් තියනවා..
    පාඩම් කරගන්න ලේසී.
    Thankyou for your effort ❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

පුනුරුදය 10 ශ්‍රේණිය ඉතිහාසය