පළවන ලෝක මහා සංග්‍රාමය (කෙටි සටහන්)

 ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල 


ලෝක මහා සංග්‍රාම හා සම්මුතින්


පළවන ලෝක මහා සංග්‍රාමය

  • 1914 - 1918 කාලය පුරා ලොව පුරා පැතිරි ගිය යුද්ධය පළමුවන ලෝක මහ සංග්‍රාමය ලෙස සැළකේ.


පළමුවන ලෝක සංග්‍රාමයට බලපෑ හේතූ

  • ජර්මනිය එක්සත් ව්‍යපාරයේ දි, ප්‍රංශය හා ජර්මනිය සතුරන් වීම.

  • ජර්මන් අධිරාජ්‍යා වූ දෙවන විලියම්ගේ ක්‍රියාකලාපය.

  • යටත් විජිත සදහා පැවති තරගය.

  • අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.

  • ප්‍රංශය යුරෝපය තුළ තනිකිරීමට බිස්මාර්ක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය.

  • ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරු මරා දැමීම.

(සරයෙවෝ සිද්ධිය)






1: ජර්මනිය එක්සත් ව්‍යාපාරයේදී, ප්‍රංශය හා ජර්මනිය සතුරන් වීම.


  • ජර්මන් බස කතා කරන වැසියන් යුත් කුඩා රාජ්‍ය 350ක් පමණ එකතුකර ජර්මනිය නැමැති රට නිර්මාණය කළේ ඔටෝ වෝන් බිස්මාර්ක් විසිනි.

  • මෙහිදි ජර්මනිය ප්‍රංශය සමඟ යුද්ධයකට පෙළඹුනු අතර ප්‍රංශය පරාද විය.

  • අසල්වැසි රටවල් දෙකක් මෙසේ එකිනෙකට සතුරන් බවට පත් වීම ලෝක යුද්ධයකට බලපෑවේය.






2: ජර්මන් අධිරාජ්‍යා වූ දෙවන විලියම්ගේ ක්‍රියා කලාපය


  • ඔටෝ වොන් බිස්මාර්ක් ජර්මනිය නිර්මාණය කළ ද ජර්මනියට බාහිර යටත් විජිත පිහිටුවා ගැනීමට උනන්දුවක් නොදැක්විය.

  • නමුත් පසුව බලයට පත්වූ ජර්මන් අධිරාජ්‍යා (කයිසර්) වූ දෙවන විලියම් රජු යටත් විජිත පිහිටු වීමට කටයුතු කළේ ය.

  • ජර්මනිය හමුදා ශක්තිය වැඩි කිරීම නිසා බ්‍රිතාන්‍ය ද තම හමුදා ශක්තිය වැඩි කළේ ය.

  • මෙසේ යුරෝපය තුළ යුධමය වාතාවරණයක් නිර්මාණය විය.



3: යටත් විජිත සදහා පැවති තරගය


  • මේ වන විට වැඩිම යටත් විජිත ප්‍රමාණයක් හිමි වුයේ බ්‍රිතානයටයි.

  • ප්‍රංශය, බෙල්ජියම, පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය වැනි රටවලට ඊළඟ ස්ථානය හිමි විය.

  • ජර්මනිය සිය නිමි ද්‍රව්‍ය අලෙවියට යටත් විජිත සෙවීමට කටයුතු කිරීම අනෙක් රටවලට තර්ජනයක් වීම.


4: අවි තරඟය හා ජාතිවාදය වර්ධනය වීම.

  • යුරෝපයේ සෑම රටක්ම තම බලය වර්ධනය කර ගැනීමට අවි ආයුධ අතින් සන්නද්ධ විය.

  • 'අවි ආයුධ බලයෙන් වසර පහකදි ලබාගත් දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50ක් සන්නද්ධව සිටිය යුතුය'

     - ජර්මන් සෙන්පතියෙකු වූ වොන් වෝල්ක් -

  • යුරෝපය තුළ ජාතිවාදය නිර්මාණය වීම. (තම රටට ආදරය කිරීමටත්, සෙසු රටවල් හෙළා දැකීමටත් පෙළඹිම)


5: ප්‍රංශය යුරෝපය තුළ තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කළ ප්‍රතිපත්තිය 


  • ජර්මනිය එක්සත් කිරීමේ දී ප්‍රංශය සතු ඇල්සාස් - ලොරෙන් ප්‍රදේශ ජර්මනියට ඈදා ගැනීම නිසා මුල සිටම රටවල් දෙක අතර අමනාපකම් පැවතිය.

  • යම් අවස්ථාවක මේ ප්‍රදේශ යළි ප්‍රංශය ලබා ගනිති'යි ජර්මනිය තුළ බියක් විය.

  • ඒ නිසා යුරෝපයේ බලවත් රටවල් සමඟ ජර්මනිය සබඳතා ඇති කර ගැනිමෙන් ප්‍රංශයට යුරෝපය තුළ මිතුරන් නැති කිරීමට කටයුතු කළේ ය.


6: ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරු මරා දැමීම.



  • මෙය ප්‍රථම ලෝක යුද්ධයට බලපෑ ආසන්නතම හේතුවයි.

  • ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා වූ ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වූ සරයෙවෝ නගරයේ සංචාරය කිරීමේ දී සර්බියානු ජාතිකයන් දෙදෙනකු අතින් මරණයට පත් විය.

  • මේ නිසා ඔස්ට්‍රියාව කොන්දේසි කිහිපයකින් යුක්තව සර්බියාවෙන් වන්දි ඉල්ලා සිටිය ද  සර්බියාව එය ප්‍රතික්ෂේප කළේ ය.

  • ඒ නිසා 1914 ජුලි මස 28වන දින ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ ය.
















පළවන ලෝක යුද්ධයේ පාර්ෂව දෙක


  1. මිත්‍ර පිළේ රටවල්

  2. මධ්‍යම බලවතුන්ගේ රටවල්


මිත්‍ර පිළේ රටවල්

මධ්‍යම බලවතුන්ගේ රටවල්

ප්‍රංශය 

ජර්මනිය 

මහා බ්‍රිතාන්‍ය 

ඔස්ට්‍රියාව 

රුසියාව

තුර්කිය

ඇමරිකා එක්සත් ජනපදය

බල්ගේරියාව, හංගේරියාව


පළවන ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තිය


  • සරයේවෝ සිද්ධිය නිසා ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම.

  • ඔස්ට්‍රියාවේ මිතුරු රටක් වූ ජර්මනිය ද එය අනුමත කිරීම.

  • ඔස්ට්‍රියාවට ජර්මනිය සහය වීම නිසා ඔස්ට්‍රියාවේ යුධ බලයට සර්බියාව බිය විය.

  • සර්බියාව රුසියාවෙන් උදව් ඉල්ලු අතර එලෙස රුසියාව සර්බියාව හා එක් විය.

  • ඒ නිසා 1914 අගෝස්තු පළවෙනි දින ජර්මනිය රුසියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කළේ ය.

  • ප්‍රංශය ද රුසියාව හා මිත්‍ර නිසා රුසියාවට ප්‍රංශයෙන් සහය ලැබෙන බව දැන ප්‍රංශයට එරෙහිව ජර්මනිය යුධ ප්‍රකාශ කළේ ය.

  • ප්‍රංශය යුද්ධයට අවතීර්ණ වීමට පෙර ජර්මනිය බෙල්ජියමට කඩා වැදි බෙල්ජියම හරහා ප්‍රංශයට පහර දුන්නේ ය.

  • ජර්මනියේ මේ හිතුවක්කාරී ක්‍රියා කලාපය නිසා බ්‍රිතාන්‍ය ද ජර්මනියට විරුද්ධව ප්‍රංශය හා එක් විය.

  • යටත් විජිත විශාල ප්‍රමාණයකට හිමිකම් කියූ බ්‍රිතාන්‍ය යුද්ධයට අවතීර්ණ වීම නිසා යටත් විජිත වල ද යුද්ධය පැතිරුනි.

  • ගොඩබිමින් මෙන්ම මුහුදු සටන් ද පාර්ශව දෙක අතර විය.

  • ජර්මනිය දිගින් දිගටම සම්මැරින් ප්‍රහාර එල්ල කළ අතර 'බ්‍රිතාන්‍ය වරායෙන් පිටවූ සෑම නැව් හතරෙන් එකක් ම ජර්මන් සම්මැරින් ප්‍රහාරයට ගොදුරු විය.'

  • මේ අවධියෙ ඇමරිකා එක්සත් ජනපදය මධ්‍යස්ථව කටයුතු කළ අතර ඇමරිකාව සතු ලුසිටානියා නැව ජර්මනිය සම්මැරින් ප්‍රහාරයක් මගින් ගිල්වා දැමීම නිසා ඇමරිකාව ද යුද්ධයට එකතු විය.


  • ඇමරිකාව සතු ශක්තිය මධ්‍යම බලවතුන්ගේ පරාජයට ප්‍රධානව බලපෑවේය.

  • මාධ්‍යම බලවතුන්ගේ පාර්ෂවයේ සිටි ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත්‍ර පිළ හා එක්ව ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කළේ ය.

  • ඉතාලියේ ක්‍රියා කලාපය නිසා ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර පැවති යුධ රහස් සතුරන් අතට පත් විය.

  • මිත්‍ර පිළේ රටවල් දිගටම ප්‍රහාර එල්ල කළ නිසා ජර්මනියේ සේනා ශක්තිය හීන විය.

  • රට තුළ ආහාර අර්බුදයක් ඇති වූ අතර හමුදා වල පවා නොසන්සුන් තාවයට මෙය බලපෑවේ ය.

  • මහජනතාව රට තුළ කලබලකාරී තත්ත්ව ඇති කිරිම නිසා හා ජර්මන් නාවික හමුදාව අධිරාජ්‍යාට විරුද්ධව කැරළි ගැසීම නිසා අධිරාජ්‍යා සිහසුන අත හැර දැමූහ.

  • එය ජර්මනියේ පරාජයට ප්‍රබලව බලපෑවේය.














පළවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල


  • මධ්‍යම පිළ පරාජ වී මිත්‍ර පිළ ජය ගැනීම.

  • අති විශාල ජීවිත හා දේපළ හානි සිදු වීම.

  • වර්සෙල්ස් ගිවිසුම ඇති වීම.

  • යුරෝපය තුළ වූ ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටිම.

  • ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ලොව බලවතුන් බවට පත් වීම.

  • ජාතින්ගේ සංගමය බිහි වීම.


වර්සේල්ස් ගිවිසුම ඇති වීම.

යුද්ධය අවසානයේ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සදහා 1919 ජනවාරි මාසයේ ප්‍රංශයේ පැරිස්නුවරට රටවල්වල නියෝජිතයන් සම්බන්ධ විය.


එම නායකයන්ගේ නම්



ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති

වුඩ්රෝ විල්සන්

බ්‍රිතාන්‍ය අගමැති

ලොයිඩ් ජෝර්ජ්

ප්‍රංශ අගමැති 

ක්ලෙමන්ෂෝ

ඉතාලියේ අගමැති 

විටෝරියෝ ඕලැන්ඩෝ


  • වර්සෙල්ස් ගිවිසුම යටතේ ජර්මනියට චූදිතයා ලෙස දැඩි දඩුවම් හිමි විය.


වර්සෙල්ස් ගිවිසුමෙන් ජර්මනියට හිමි වූ දඩුවම්

  • ජයග්‍රාහි රටවලට විශාල වන්දි ගෙවීමට සිදු වීම.

  • හමුදා තබ ගැනීමට, අවි ආයුධ නිෂ්පාදනයට සීමා පැනවීම.

  • ජර්මනිය ප්‍රංශයෙන් අල්ලාගත් ඇල්සාස් - ලොරේන් යළි ප්‍රංශයට පැවරීම.

  • යුරෝපයෙන් පිටත වූ ජර්මනිය සතු යටත් විජිත ජයග්‍රාහි රටවල් අතර බෙදා දීම.


අනාගතයේ මෙවනි ව්‍යසනයක් ඇතිවීම වැලැක්වීමට ජාතින්ගේ සංගමය බිහි වීම.





ජාතින්ගේ සංගමය


  • 1919 පැවැත්වූ පැරිස් සාම සාකච්ඡා වලදි ඇති වූ යෝජනා අනුව බිහි විය.

  • මුලිකත්වය දැරුවේ : ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් .

  • බිහිවූ දිනය : 1920 ජනවාරි 10

  • සම්බන්ධ වූ රටවල් ගණන : 42


ජාතින්ගේ සංගමය පිහිටු වීමේ අරමුණු

  1. රටවල් අතර වන වාද භේද සාමකාමිව විසදීම.

  2. අනාගතයේ දී ලෝක යුද්ධ ඇති වීම වැළැක්වීම.

  3. ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැගීම.

  4. කුඩා රාජ්‍යන්ගේ නිදහස හා ස්වාධිනතාව ආරක්ෂා කිරීම.


ජාතින්ගේ සංගමය සාර්ථක වූ අවස්ථා


  • වසර විස්සක පමණ කාළයක් යුද්ධයක් ඇති වීම වැලැක්වීම.

  • සරණාගාතයන් පුනුරුත්ථාපනය සදහා මැදිහත් වීම.

  • නීති විරෝධී වහල් වෙළෙඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීම.

  • ජාතින්ගේ සංගමයට බාරවී තිබු යටත් විජිත අධික්ෂණය.

  • ස්වීඩනය හා පින්ලන්තය, ජර්මනිය හා පෝලන්තය, ග්‍රිසිය හා බල්ගේරියාව, ඉරානය හා තුර්කිය වැනි රටවල වූ යුධ ගැටුම් විසදීම.


ජාතින්ගේ සංගමය ආසාර්ථක වූ අවස්ථා


  • බලවත් රටක් වූ ඇ.එ.ජ. සංගමයේ සාමාජිකත්වය ලබා නොගැනීම.

  • ලෝකයේ බලවතකු වූ රුසියාව සංගමයෙන් ඈත් කොට තැබීම.

  • ජාතින්ගේ සංගමය ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සදහා සමාජිකයන් පොළඹවා ගැනීමට සංගමය අසාර්ථක වීම.

  • සංගමයේ සිටි බලවත් රටවල් අතර සහයෝගිතාවක් නැති වීම.

  • ලෝක සාමය කඩ වූ අවස්ථාවල ඊට විරුද්ධ වීමට අපොහොසත් වීම.

  • ජපානය මැංචුරියාව ආක්‍රමණය කළ මොහොතේ ජපානයට විරුද්ධව කටයුතු නොකිරීම.


ජාතින්ගේ සංගමය අසාර්ථක වීම නිසා නැවත වරක් ලෝක සංග්‍රාමය ඇති විය.








Comments

  1. Godak hoday 👍
    Gidak ketiyen hodata hadala theeno👌 hadapu kenata thanks 🤝

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note