සිප් මංසල හරහා ක්‍රියාත්මක වන වැඩසටහන්

 ඉලක්කයේ ජයග්‍රාහි මාවත - සිප් මංසල


                         


මෙම වැඩසටහන පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහනකි.

එසේම පාසල් අධ්‍යාපනයෙන් පසු නිවරදි අනාගතයකට මග පෙන්වීම මේ වැඩසටහන හරහා සිදුවෙන තවත් සේවයකි.


නොමිලේ ලබා දෙන සියළුම විෂයන් සදහා අවශ්‍ය සම්පූර්ණ සටහන්, කෙටි සටහන්, පසුගිය ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර වැනි දේ මේ තුළින් ඔබට ලබා ගත හැක.

එසේම එම අවස්ථාවේ ම පිළිතුරු සපයා ඔබේ දැනුම පරික්ෂා කර ගත හැකි online Quiz , Google Form මෙන්ම Online zoom classes අප වෙතින ලබා ගත හැක.


එසේම ඕනම සිසුවෙකුට තමාට අවශ්‍ය ඕනම ප්‍රශ්නයක් අප whatsapp ගිණුමට යොමු කළ හැක.

ඕනම පාසල් ශිෂ්‍යකු හට මේ සදහා සම්බන්ධ විය හැක.


එසේම සාමාන්‍ය පෙළ විභාගය අවසානයේ සිසුන් මුහුණ දෙන විෂයන් තෝර ගැනීම පිළිබඳ ඔවුන් මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකට අප වෙතින් විසදුම් ලබා ගත හැක.




එසේම ශිෂ්‍යකු ලෙස අනිවාර්යයෙන්ම සිදු කළ යුතු පාඨමාලා පිළිබඳ දැනුම මේ තුළ අන්තර්ගතය. 

(පරිගණක පාඨමාලා 💻, ඉංග්‍රීසි පාඨමාලා✍️, ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලා 📷, රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා💅, හෝටල් ශ්‍රේෂ්ත්‍රය පිළිබද පාඨමාලා🍱  පිළිබද අවශ්‍ය දැනුම)




එසේම සිප් මංසල හරහා සිදු කරන Step to speak in English🎓 වැඩසටහනට සහාභාගි විමෙන් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගත හැක.මෙය නොමිලේම දරුවන් උදෙසා පවතින සේවයකි.

ඒ සදහා ඔබ සිප් මංසල වැඩසටහන හරහා මාස තුනක පමණ සිට සම්බන්ධ වී සිටි අයෙකු වීම අනිවාර්ය වේ.

මෙය නොමිලේ ලබා දෙන සේවයකි. මේ වැඩසටහන 2021 අප්‍රේල් මාසයෙන් ආරම්භ වේ.

වයස් භේදයකින් තොරව සහාභාගි විය හැක.




තමා ජීවත් වන දිස්ත්‍රික්ක තුළ නොමිලේම පාඨමාලා සේවා ලබා ගත හැකි ස්ථාන, එසේම පහසුවෙන්ම මුදල් ගෙවා සම්බන්ධ විය හැකි ස්ථාන, වටිනා තත්වයෙන් යුතු සහතික පත්‍ර හිමිවන පාඨමාලා පිළිබඳ දැනුම මෙහිදි ලැබිය හැක.


එසේම විශ්ව විද්‍යාල ශිෂ්‍යන් සදහා තම ශ්‍රේෂ්ත්‍රයට අදාල ඩිප්ලෝමා පිළිබඳ දැනුම ද ලැබිය හැක.

එසේම විශ්ව විද්‍යාල වරම් නොලැබූ ශිෂ්‍යන් හට පහසුවෙන්ම විශ්ව විද්‍යාල වරම් ලැබිය හැකි අවස්ථා , ඒ සදහා අයත් විභාග මෙන්ම පරිපාලන කළමනාකරණ ආදි විභාග දැනුම අප හා එක්වන ඔබට ලබා ගත හැක.




එසේම මුදල් අපහසුතා පවතින දරුවන් හට පහසුවෙන්ම ඒ ගැටළු නිරාකරණය කර ගත හැකි මාර්ග පිළිබද දැනුම ලබා දේ.




රජයේ තරග විභාග ගැසට් කිරීම්, ඒ විභාග සදහා ඔබ තුළ පැවතිය යුතු සුදුසුකම් යන දී සාර්ථක අනාගතයකට මග පෙන්වන දැනුම මෙහිදි ලැබිය හැක.




එසේම විභාග නිම කළ සිසුන්ට අවශ්‍ය ආභරණ සැකසීම පිළිබද දැනුම💍, උපන්දින සුභ පැතුම් පත්🎉️, වෙඩින් කාඩ්🎊️, gift box🎁, සැරසිලි✳️🎈🎀වැනි සියළුම උත්සව අවස්ථා සදහා දැනුම අප වෙතින් ලබා ගත හැක.

එසේම උත්සව අවස්ථා සදහා ආහාර සැකසීම පිළිබඳ වැඩසටහන් ද නොමිලේම ලැබිය හැක.


සිප් මංසල හරහා පවත්වනු ලබන සියළුම පාඨමාලා 2021 අප්‍රේල් මාසයෙන් ආරම්භ වේ. 

මෙය සම්පූර්ණයෙන්ම මුදල් අය කිරීමකින් තොරව පවත්වන වැඩසටහන කි.






සාර්ථක පුරවැසියන් රටට බිහි කිරීමේ මේ ගමනේ පුංචි මග පෙන්වීමක් 'සිප් මංසල' අපි හරහා ඔබට ලබා ගත හැක.

තොරතුරු සදහා අපි සමගම රැදී සිටින්න.

                  Contact Us: 070 3711644 (Whatsapp)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note