ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම . 10 ශ්‍රේණිය ඉතිහාසය .

 ඉලක්කයේ ජයග්‍රාහී මාවත - සිප් මංසල 

03 පාඩම

  ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම


පූර්ව රාජ්‍ය සමය


  • රාජ්‍ය ක්‍රමවත් සංවිධානයක් ලෙස බිහි වීමට පෙර අවධිය 

  • සමාජයේ කුඩාම ඒකකය පවුල වූ අතර එහි ප්‍රධානියා ‘ගෘහපති’ ලෙස හැදින් වේ.

  • ගමක ප්‍රධානියා ‘ගමික’ විය.

  • ගම් කිහිපයක් එක්වී  ‘පරුමක’ බිහි කරගන්නා ලදි.


රාජ්‍යත්වයේ වර්ධනය 

  • ‘පරුමකවරු’ ‘රජ’ නමින් පසුකාලීනව දියුණු විය.

  • ‘රජ’ නමින් දේශපාලන ඒකකයක් බිහි විය.




ගෘහපති


  • පවුලක ප්‍රධානියා ගෘහපති ලෙස හැදින්විය.

  • ගම පවුල් වලින් සමන්විත වූ අතර එහි පවුල් 1-30 දක්වා ප්‍රමාණයක් විය.

  • සෙල්ලිපිවල ‘ගහපති’ නමින් හදුන්වා ඇත.


උදාහරණ :

පෙරියපුලියන්කුලම ප්‍රදේශයෙන් හමුවූ සෙල්ලිපියක සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ කරන ගෘහපතියකු භික්ෂූන්ට ගල් ගුහාවක් පූජා කර බව සදහන් වීම.


ගමික


  • ගමේ ප්‍රධානියා මෙලෙස හදුන්වයි .

  • ගෘහපතියන් අතරින් ගමික තෝරා ගනී.

ගමික ගෘහපතියන් අතරින් තේරී පත් වූ බව බුද්ධඝෝෂ හිමි සමන්තපාසාදිකාවේ සදහන් වේ.

  • එක් ගමක් තවත් ගමකින් කැලෑ තීරයකින් වෙන්වූ අතර මේ ගම් අපේ ගම ( තමන් විසූ ගම), අල්ලපු ගම (යාබදව පිහිටි ගම), පිටගම් ( ඈතින් පිහිටි ගම්) ලෙස හදුන්වයි.



උදාහරණ:

දිළිදු පුද්ගලයෙක් ඊළග කන්නයේ දී ලබා දීමේ පොරොන්දුව මත වී මල්ලක් ගමිකගෙන් ඉල්ලාගත් බව ජාතකට්ඨකතාවේ සදහන් වේ.


 ගමිකගේ කාර්ය  :

  • ගම්වල පොදු කටයුතුවලදී නායකත්වය දීම

  • ගමට අයත් වැව නඩත්තු කිරීම

  • වැවේ ජලය බෙදා හැරීම

  • ගම්වල පැවති ආරවුල් විසදීම


  • මේ ගම්වල විසූ නායකයන් සුහදව කටයුතු කොට ඇත.


උදාහරණ

සිතුල්පව්වට යාබද ගමිකවරු වූ ගමික සිව, ගමික සුමන, ගමික තිදන ගල් ගුහාවක් පිරිසිදු කොට පුජා කළ බව සිතුල්පව්වේ කොරවක්ගල නමින් හැදින් වූ ගල්ගුහාවකින් සාක්ෂි ලැබී ඇත.



පරුමකවරු


  • ගම් කිහිපයක ප්‍රධානියා මේ නමින් හැදින්විය.

  • පුරාණ කාලයේ වැව් පද්ධති සකස් වී තිබූ අතර ඒවා “වැව් ප්‍රපතනය” නමින් හැදින්විය. වියළි කලාපයේ වැසියන් මේවා ‘එල්ලංගාව’ නමින් ද හැදින්විය. මේ වැව් පද්ධතියකට අයත් ගම් සියල්ල නියෝජනය කළේ පරුමක විසිනි.

  • පරුමකවරු සමාජයේ බලවත් පිරිසක් විය.

  • පිරිමින් පමණක් නොව ඇතැම් අවස්ථාවල කාන්තාවද ප්‍රාදේශීය පාලනය කර ඇත. ඔවුන් ‘පරුමකලු’ ලෙස හදුන්වයි.

  • ප්‍රාදේශීය පාලකයින් ඔවුන්ගේ බලය වර්ධනය කරගත් අතර තමන්ව ‘රජ’ නමින් ද හැදින් විය.

උදාහරණ :

 මාතලේ ඇඹුලඹේ ස්ථානයෙන් හොයාගත් සෙල්ලිපියේ ‘පොචනි රජ’ යනුවෙන් හැදිවූ ප්‍රදේශීය පාලකයකු පිළිබද දැක්වේ.












රාජ්‍යත්වයේ වර්ධනය 


  • රාජ්‍යත්වයේ වර්ධනය යනු විකේන්ද්‍රගතව තිබූ බලය මධ්‍යගත වීමයි.

  • රට එක්සේසත් කිරීම ලෙසද දැක්වේ.

  • රජු රටේ ප්‍රධානියා වූ අතර ඔහුගේ පාලනයට නතුවූ නිශ්චිත භූමි ප්‍රදේශයක් විය.


  • මෙරට පාලනය කළ ප්‍රථම රජු පණ්ඩුකාභය රජතුමාය.


  • එතුමාගේ විශේෂ සේවා

  • ප්‍රදේශීය පාලකයන් පරදවා ඒ ප්‍රදේශ අත්පත් කරගැනීම.

  • සිය පාලන මද්‍යස්ථානය ලෙස අනුරාධපුරය තෝරා ගැනීම.

  • දසවනි රාජ්‍ය වර්ෂයේ දිවයිනේ ග්‍රාම සීමා නියම කිරීම.


  • මුළු රටම එක් පාලනයකට නතු කරගැනීමේ  අවශ්‍යතාව මේ වනවිට ප්‍රාදේශීය පාලකයන්ට ද දැනෙන්නට විය.

උදාහරණ

ශ්‍රී මහා බෝධිය රෝපණය කරන මොහොතේ දේවානම්පියතිස්ස රජු කතරගම සහා චන්දනගම යන ක්ෂත්‍රියන්ට ආරධනා කිරීම.

. ශ්‍රී මහාබෝධියේ ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශ වල රෝපණය 

. එතුමා ඉන්දියාව පාලනය කළ අශෝක රජු සමගද සමීපව කටයුතු කළේය.


  • තවත් විශේෂ සේවයක් කළ රජකු ලෙස දුටුගැමුණු රජ සැලකිය හැක.


එතුමාගේ වේළුසුමන, නන්දිමිත්‍ර, ඵුස්සදේව, ථේරපුත්තාභය සෙන්පතිවරු පෙර පරුමකවරු වීම .

  • දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා දුටුගැමුණු රජතුමා ය.

  • භාතිකාභය රජ අවධියේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු රෝමයට ගොස් වීදුරු පබළු ගෙන ආ බව සදහන් වේ.

  • දේශපාලන බලය මධ්‍යගතකරණයේ තවත් වැදගත් රජකෙනෙකු වන්නේ වසභ රජුය.  වසභ රජ යුගයේ යාපනය පාලනය කළ සෘෂිගිරි නම් ඇමති පිළිබද එතුමාගේ වල්ලිපුරම් රන්පතේ ලියා ඇත .






රාජ්‍යත්ව සංකල්පය


රජුගේ කාර්ය 

  • රට ආර්ථික වශයෙන් දියුණු කිරීම.

  • රටවැසියාට ආරක්ෂාව සැපයීම.

  • රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩ නැගීම.








රජවරු විවිධ ස්වරූපයන්ගෙන් ජනතාව අතර ප්‍රසිද්ධ විය.

රජවරු දෙවිවරු, බෝධිසත්ත්වවරි, පර්වතරාජ, චක්‍රවර්ති ලෙස පෙනී සිටියහ.


කූටකණ්ණ අභය රජු නරේශ්වර ලෙස පෙනි සීටිම. (නරේශ්වර යනු ඊශ්වර දෙවියන්)


මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙස සැළකීම.


කාශ්‍යප රජු කුවේර ලෙස පෙනි සිටීම.

(කුවේර යනු ධනයට අධිපතියාය)


චක්‍රවර්තී ලෙස නිශ්ශංකමල්ල රජු පෙනී සිටීම.

(නිශ්ශංකමල්ල රජු සිය සෙල්ලිපිවල තමන් හැදින්වීමට කාලිංග චක්‍රවර්ති ස්වාමින් යන පදය භාවිතය.



රාජ්‍ය උරුමය

  • පියාගෙන් පුතාට

*කාවන්තිස්ස රජුගෙන් පසුව ඔහුගේ පුතු දුටුගැමුණු රජු

*වසභ රජුගෙන් පසු ඔහුගේ පුතු වංකනාසිකතිස්ස රජු

  • සහෝදරයාගෙන් සහෝදරයාට

*දේවානම්පියතිස්ස රජුගෙන් පසු ඔහුගේ සොහොයුරෝ

  • රජුගේ වැඩිමහල් පුත්‍රයාට එනම් අගබිසවගේ වැඩිමල් පුත්‍රයාට රජකම නොලබුනු අවස්ථා ඉතිහාසයේ දැක්වේ.

*ධාතුසේන රජුගෙන් කාශ්‍යප පුතු රජකම පැහැර ගැනීම. 





රාජ්‍ය තන්ත්‍රය 


  • මහරජ (මපුරුමුකා)

  • මහඇමති ( මහමත)

  • ඇමතිවරු (අමෙත) + සේනාපතිවරු ( ශෙනපති)

  • භාණ්ඩාගාරික (බඩගරික)

  • බෝජනශාලා අධිකාරී (බතගු)

  • වත්සිරිත් සහා චාරිත්‍ර පිළිබද අධිකාරී (කොතුරුගෑ නා)

  • නගර පරිපාලක ( නගරගුතික)

  • නාගරික වාස්තුවිද්‍යාඥ ( නගර වුඩික )

  • අශ්ව අංශයේ ප්‍රධානි ( අස අදෙක)

  • ඇත් අංශයේ ප්‍රධානි ( හති අදෙක)

  • නාට්‍ය අංශයේ ප්‍රධානි ( නට අදෙක)

  • කාසී අච්චු ගැසීමේ අංශ ප්‍රධානී ( රුප අදෙක)

  • වෙළද කටයුතු භාර ප්‍රධානි (පන අදෙක)

  • රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි (කනපෙඩික)














දුටුගැමුණු රජතුමා


  • දේශපාලන බලය නිසි ලෙස සංවිධානය කිරීමේ ඉතා වැදගත් පාලකයෙක් විය.

  • එළාරගෙන් රට මුදවා ගැනිම එකම අරමුණ විය.

  • ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන මෙහයවූයේ එතුමාය.

  • එතුමා එළාර රජුට එරෙහිව කරන සටන් හුදෙක්ම තමාගේ පෞද්ගලික රජ සැප සදහා නොව බෞද්ධ ශාසනයේ යහපත උදෙසා බව ප්‍රකාශයට පත් කළේය.

  • එතුමා තම රාජතාන්ත්‍රික බව ප්‍රකාශයට පත් කල අවස්ථාවක් වන්නේ සටන නිමාවේදී ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසි ගෞරව දැක්වීමයි.

  • විමධ්‍යගතව පැවති බලය පරුමකවරු ඒකාබද්ධ කරගනිමින් මධ්‍යගත කළේය.

  • ජනතාවගේ ශුභසිද්ධිය සදහා කටයුතු කළේය.

  • ජනතාවගේ සහනශීලී ආකල්ප දියුණු කළේය…

  • රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලයේ සතර දොරටුවේ දන්සැල් පැවත්විය, ස්තූප ඉදි කිරීමට සහාභාගි වූ සියළු දෙනාට වැටුප් ගෙවිය.

  • එතුමා පිළිබදව අගය කළ යුත්තේ මෙරට බුදු දහම  වෙනුවෙන් ඉටුකළ සේවය නිසා පමණක් නොව විමධ්‍යගතව පැවතු ලංකාව එක්සේසත් කිරීම නිසාය.





වසභ රජතුමා 


  • ලම්බකර්ණ වංසයේ ආරම්භක පාලකයා එතුමාය.

  • රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කිරීමට එතුමා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ආදර්ශවත් ය.

  • එතුමා රටේ නොයෙක් ප්‍රදේශවල සෙල්ලිපි පිහිටු විය. 

  • එතුමා මෙරට පළාත් බෙදා පරිපාලන විධිමත් කළේය.

  • රජයේ බදු අය කිරීම් වඩාත් ක්‍රමවත් වූයේ මේ රජ අවධියේ බව එතුමා පිහිටවූ සෙල්ලිපි වලින් පැහැදිලි වේ.

  • පළමුවරට මේ රටේ විශාල ප්‍රමාණයක් වැව් ඉදිකිරීමට පුරෝගාමී වූයේ වසභ රජතුමාය. 

  • එතුමා විශාල ප්‍රමාණයේ වැව් එකොළහක් ඉදිකළ බව වංසකථාවල දැක්වේ.

  • ඊට හේතූව වූයේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිගයක් හේතුවෙන් මෙරට නිපදවන ධාන්‍ය සදහා විශාල ඉල්ලුමක් ඇති වීමයි.

  • එතුමා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළේය.

  • රටේ දේශීය ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය කරන පදනම සකස් කොට ඒ ලැබෙන ආදායමෙන් රටේ වාරිමාර්ග දියුණු කිරීමටත් එමගින් රටේ ජනතාවගේ ජීවන තත්වයත් යහපත් කිරීමට එතුමා කටයුතු කළේය.








පළමුවන විජයබාහු රජතුමා


  • ශ්‍රී ලංකාව දීර්ඝ කාලීනව පාලනයට නතුව තිබූ චෝළ පාලනය මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

  • කුඩා කළ කීර්තී නමින් හැදින් වූ එතුමා රුහුණු ප්‍රදේශයේ හැදී වැඩුනේය.

  • කුමරුට කුඩා කළ රැකවරණය සැලසුවේ රජයේ නිලධාරියෙකි.

  • ඔහු සිත්නාරුබිම බුදල් නා වේ. එතුමා පිළිබදව පළමුවන විජයබාහු රජු ලියන ලද පනාකඩුව තඹ සන්නසේ ඇතුළත්වේ.

  • භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් කටයුතු කළේය.

  • සටන් ව්‍යාපාරයක් මගින් රට චෝළ පාලනයෙන් මුදවා ගෙන රට සංවර්ධනයට කටයුතු කළ මෙතුමා පසුව චොළයන් විනාශ කළ එකල නිසි ලෙස නඩත්තූ නොවූ බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළේය.

  • අනුරාධපුරය වෙනුවට ප්‍රථම වරට පොලොන්නරුව පාලන මද්‍යස්ථානය ලෙස තෝරාගත්තේය.


ඊට හේතූ වූයේ

  • ගෝකණ්ණතිත්ථ යනුවෙන් සැලකු වර්තමාන ත්‍රීකුණාමල වරාය ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටසට මුහුණලා පිහිටීම.

  • වෙළඳ කටයුතු එහි සිට පහසුවෙන් මෙහෙයවිය හැකි වීම.




Comments

  1. This is a good work
    I'm so like it💕

    ReplyDelete
  2. ඉතා වැදගත් ලිපියකි..

    ReplyDelete
  3. ලන්කාවෙ ප්‍රතම රජතුමා විජය රජතුමානේ

    මේකේ තියෙන්නෙ පන්ඩුකාබය රජු කියලනේ

    ReplyDelete
    Replies
    1. මේ කෙටි සටහන් ටික මට ගොඩක් වැදගත් වුනා බොහොම ස්තූතියි.

      Delete
    2. මුල් වරට රට එක් සේසත් කරමින් මධ්‍යගත පාලනයක් නිර්මාණය කරලා අනුරාධපුරය අගනගරය කර ගනිමින් මුල් වරට රජ වුණේ පණ්ඩුකාභය.

      Delete
  4. ගොඩක් ස්තූතීයි.ගොඩක් උදව් උනා මගෙ විභාග කටයුතු වලට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාව ජනාවාස වීම (කෙටි සටහන් හා පාඩම් කිරීමට සරළ ක්‍රම සහිතව)

මහනුවර රාජධානිය 10 ශ්‍රේණිය (කෙටි සටහන් සමඟ)

දෙවන ලෝක යුද්ධය 11 ශ්‍රේණිය ඉතිහාසය Short Note