මුලාශ්‍රය 10 ශ්‍රේණිය ඉතිහාසය
ඉලක්කයේ ජයග්‍රාහී මාවත - සිප් මංසල
ඉතිහාසය 10 ශ්‍රේණිය
01 පාඩම ඉතිහාසය හැදැරීමේ මුලාශ්‍රය
අවුරුදු සිය දහස් ගණන් ඈත කාලයේ ඒ ඒ අවධිවල මිනිසුන් ලියා තැබු දේ හා ඔවුන්ගේ නිර්මාණ ඉතිහාසය හැදැරීමට උපකාරී වන නිසා ඒවා මුලාශ්‍රය ලෙස සැලකේ .
මුලාශ්‍රය කොටස් දෙකකි .
1: සාහිත්‍යම මුලාශ්‍රය
අතීත ප්‍රජාව විවිධ කාල වකවානුවල ලියූ ග්රන්ථ හා ලේඛන සාහිත්‍යම මුලාශ්‍රය වේ.
2: පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය
පුරාවිද්‍යාත්මක කැනීම් හා පර්යේෂණ
වලින් සොයා ගන්නා පුරාවස්තු, ස්මාරක, කාසී, ශිලා ලිපි හා විවිධ නටබුන් පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය වේ .
මුලාශ්‍රය
දේශීය සාහිත්‍යමය මුලාශ්‍රය යනු ---- වසර දෙදහකට පමණ පෙර සිට ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය ලෙස වරින් වර ලියූ කෘති
විදේශීය සාහිත්‍යමය මුලාශ්‍රය යනු ----- විදේශිකයන් විසින් මෙරට පිළිබද තොරතුරු ඇතුලත් කර ලියු කෘති
දේශීය සාහිත්‍ය මුලාශ්‍රය
දීප වංශය
ශ්‍රි ලංකාවේ පැරණිතම දේශීය සාහිත්‍ය කෘතියයි .
ක්‍රි.ව.හතරවන සියවසේ රචනා කර ඇත .
මහසෙන් රාජ්‍ය සමයේ අවසානය තෙක් මෙරට ඓතිහාසික තොරතුරු හා ශාසන ඉතිහාසයට අයත් පුවත් ඇතුළත් ය .
මෙහි ඇති ඓතිහාසික පුවත් ඉතා කෙටියෙන් දැක්වීමත්, පුනරුක්ති දෝෂ වැනි අඩුපාඩු නිසා මහාවංසය රචනා විය .
මහාවංසය
මහාවංසය කොටස් කීපයකින් යුක්තය .
මුල් කොටස අනුරාධපුර දික්සද සෙනවියා පිරිවෙනේ විසු මහානාම හිමි රචන කොට ඇත .
බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය තෙක් තොරතුරු අන්තර්ගතය .
මහාවංසයේ මුල් කොටස හා දීපවංසයේ තොරතුරු අතර සමානතාවක් ඇත .
( මෙම මුලාශ්‍ර දෙකම රචනයේදී ඊට ප්‍රථමව ලියැවී තිබූ සීහළට්ඨකථා මහාවංසය, උත්තර විහාරට්ඨ කථා, විනයට්ඨ කථා ආදීයේ ආභාශය ලැබිම යි )
මෙය් අඛන්ඩව ලියවී ඇත.
මෙහි ඇති ඓතිහාසික තොරතුරු ශිලා ලිපි හා වෙනත් මුලාශ්‍ර මගින් තහවුරුව ඇත .
මහාවංස මුල් කොටස ලියවිමෙන් ශතවර්ෂ හතරකට පමණ පසු මෙම කෘතීයේ ඇතැම් තැන් විස්තර කරමින් අර්ථ විවරණයට ටීකාවක් ලියැවුනි.
එය වංසත්ථප්පකාසීනි ලෙස හදුන්වයී.
මුලාශ්‍ර
ධර්ම ග්රන්ථ - බෝධිවංශය , ථුපවංශය, ධතු වංශය, පුජාවලිය, සද්ධර්මලංකාරය,
ශාසන ඉතිහාසය - නිකාය සංග්‍රහය
දේශපාලන තොරතුරු ඇතුලත් කෘති - රාජාවලිය
ඉතිහාසය ගොඩනැගිමට සාහිත්‍යම මුලාශ්‍රය යොදා ගැනිමේදී සැළකිලිමත් විය යුතු කරුණු ,
මුලාශ්‍රය රචනා වූ කාලය
මුලාශ්රයේ කතුවරයා
කතුවරයාගේ අරමුණු
මුලාශ්‍රයට කරුණු සපගා ගත් අකාරය
විදේශ සාහිත්‍යයමය මුලාශ්‍රය
විදේශ රටවල් සමග පැවති සබඳතා නිස විදේශිකයන් මෙරට පිළිබද දැන සිටියහ .
අතීතයේ සිට ශ්‍රි ලංකාව හා ඉංදියාව අතර පැවති සබදතා නිසා ඉංදියානු මුලාශ්‍ර වල මෙරට පිළිබද සදහන්ව ඇත.
උදාහරණ :
දකුණු ඉංදියාවේ රචිත සිලප්පාදකාරම්
මණිමේකලෛයි
පදිර්පත්තු වැනි දෙමළ ග්රන්ථ
ලංකාවට පැමිණ මෙරට දැක බලා තැබු වාර්තා හා කතුවරු
ලංකාව නොදැක වෙනත් අය පැවසු තොරතුරු මත ලංකාව ගැන වාර්තා තැබු කතෘවරු හා කෘති
සාහිත්‍යම මුලාශ්‍රය වල ප්‍රයෝජන
ඓතිහාසික කාලයන් අනුපිළිවෙලට සකස් කර ගැනිමට
ඒ ඒ අවධි වල දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික තොරතුරු පිළිබද දැන ගැනීිමට
එක් එක් මුලාශ්‍ර මගින් ලැබෙන තොරතුරු තවත් මුලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමට
රටක විදේශ සබඳතා අධ්‍යනය කිරීමට
පුරාවිද්‍යාත්මක මුලාශ්‍රය
අභිලේඛන, කාසි, නටබුන් පිළිබද මෙහිදි සාකච්ඡා කෙරේ.
අභිලේඛන යනු,
ගල්, මැටි පුවරු, බිත්ති, තඹ තහඩු, රන් තහඩු, දැව හා විවිධ භාජන වල ලියා ඇති පැරැණි ලේඛන
සෙල්ලිපි
ගල්මත ලියා ඇති ශිලාලේඛන/ සෙල්ලිපි ලෙස සැලකේ .
ලියා ඇති ගල් වල ස්වරූපය අනුව ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරු ලිපි හා ආසන ලිපි ලෙස වර්ග කළ හැක.
පැරණිතම ශිලාලේඛන බ්රාහ්මීය ලිපි ලෙස හැදින්වෙයි .
ඒවායේ භික්ෂූන්ට ලෙන් පිදිම ආදිය වාර්තා කර තැබුනි.
ලියා ඇති ස්ථානයේ ස්වාරූපය අනුව අභිලේඛන සදහා යොදා ඇති නම්
ලෙන් ලිපි - ගල්ලෙන්වල කටාරම අසල ලියු ලිපි
ගිරි ලිපි - ගල්තලා හෝ ගල්කුළුවල ලියු ලිපි
ටැම් ලිපි - සකස් කරගත් ගල් කුලුණු මත ලියු ලිපි
ආසන ලිපි - මල් ආසන මෙන් තැබු ගල් පුවරුවල ලියු ලිපි
කාසි
අනුරාධපුර යුගයේ සිට ලංකාවේ කාසි භාවිතය පැවතිය.
පැරණිතම කාසි “කහාපණ” ලෙස සැලකේ.
පුරාණ, ධරණ යන නමින්ද කාසි හැදින්වේ .
පොළොන්නරු සමයේ තඹ මස්ස කාසි භාවිතා කෙරිණි.
මෙරටට අවශ්‍ය කාසි රට තුළම නිපදවා ඇත .
කාසි නිපදවූ අච්චු කැණිම් වලදී හමුවිමෙන් එය සනාථ වේ.
විදේශිය කාසි ලංකාවෙන් හමුවී ඇත
උදා: රෝම කාසී, චීන කාසී , ඉන්දියානු කාසී
රටේ ආර්ථික තත්වය, වෙළදාම, ලෝහ භාවිතය අධ්‍යනයට කාසි වැදගත් වේ.
කාසි පිළිබඳ හදාරන විෂය නාණක විද්‍යාව ලෙස සැලකේ.
පුරාණ නටබුන්
ඓතිහාසික ස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්මාරක නටබුන් ලෙස සැලකේ .
ලංකාවේ පැරණි ගොඩනැගිලි, දාගැබ්, ගල්කණු, වැව්, පොකුණු ආදිය දක්නට ලැබේ .
පැරැණි ජනතාවගේ නිර්මාණත්මක හැකියාව,තාක්ෂණ, ගොඩනැගිලි නිර්මාණය හා වාස්තු විද්‍යාව,ශිල්පීය දක්ෂතා, ජල පාලනය වැනි විවිධ අංශ පිළිබද දැනුම ලැබිමට නටබුන් උපකාරී වේ .
චිත්‍ර මුර්ති හා පුරාවස්තු
පැරැණි චිත්‍ර ,මුර්ති හා කැටයම් අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කරන ජීවමාන සාක්ෂි වේ.
අතීත ජනතාවගේ ඇදුම් පැළඳුම් ,කළා කුසලතාව ,ආභරණ පරිහරණය ,වර්ණ භාවිතය , ආගමික විශ්වාස ගැන අධ්‍යනයට උපකාරී වෙයි.
උදාහරණ : සීගිරි චිත්‍ර
සීගිරි චිත්‍ර තුළින් පැරණි කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ,ආභරණ,කොන්ඩ මෝස්තර ,රූපලාවණ්‍ය කටයුතු ගැන තොරතුරු ලබා ගත හැක.
පැරැණි ජනතාව නිර්මාණය කළ හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරිව ඇති දේ පුරාවස්තු ලෙස සලකයි.
කෞතුකාගාරවල, ආගමික ස්ථාන වල, විවිධ ආයතන හෝ පුද්ගලයන් සතුව පුරාවස්තු පවති.
පැරැණි ජනතාවගේ විවිධ හැකියා ,කුසලතා, පැරණි සංස්කෘතිය ,තාක්ෂණය ,විදේශ සබදතා හා ඔවුන්ගේ ජිවන ක්‍රමය අධ්‍යනයට උපකාරී වේ.
ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම
තමා ජිවත්වන සමාජය හා ලෝකය පිළිබඳ අවබෝධ කරගැනීමට
අතීතය තුළින් වර්තමානය තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගැනීමට
අනාගත නායකත්වයට ආදර්ශ ලබා ගැනීමට
ජාතික අනන්‍යතාව හදුනාගැනීමට
අන් සංස්කෘතීන්ට ගරු කිරිමට
විවිධ මත ඉවසීමට
ජාතික සමගිය ගොඩනැගීමට
කාලය හා අවකාශය පිළිබඳ අදහස වර්ධනයට
විචාරාත්මක හා විවේචනාත්මක චින්තනයේ වර්ධනයට
Supirii
ReplyDelete😍
DeleteNice programme
DeleteNice programme
DeleteNice programme
DeleteThankyou
DeleteNice
ReplyDeleteThank for helping children
ReplyDeletethank you good programme
ReplyDelete1977
ReplyDelete